ඉහළ පෙළේ ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීන් තිදෙනකු වෙනිසියුලාවෙන් පිටුවහල් කිරීමට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ ඊයේ (1) පියවර ගත්තේය.
ජනාධිපති මදුරෝ, එරට කැරැුකස් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලට සම්බන්ධ එම නිලධාරීන් තිදෙනා නෙරපා දැම්මේ, විපක්ෂ දේශපාලන නායකයන් කිහිප දෙනකු හමුවී සාකච්ඡුා කළ බවටත්, රජය පෙරැුළීමට කුමන්ත‍්‍රණය කළ බවටත් චෝදනා කරමිනි.
![]() |
ජනපති මදුරෝ |
වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට ඇමෙරිකාවේ සහාය නිරන්තරයෙන් හිමිවෙයි. චාවේස් බලයේ සිටි අවදියේදී පවා, ඔහු ඇමෙරිකාවට දොස් කියා සිටියේ, ඇමෙරිකාව, වෙනිසියුලානු විපක්ෂ කණ්ඩායම්වලට සහාය දෙමින් රජය පෙරළා දැමීමට කුමන්ත‍්‍රණය කරන බවටය.
”ප‍්‍රබල සාක්ෂි මා සතුව තිබෙනවා. ඇමෙරිකන් රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් විපක්ෂ නායකයන් හමුවී සාකච්ඡුා කළා. ඔවුන් එසේ කළ බව අප දැනගත්තේ පසුවයි. ඇමෙරිකානුවන් පිටුවහල් කරනවා. ඇමෙරිකන් ජනපති ඔබාමා ඒ සම්බන්ධයෙන් මොන තීරණයක් ගත්තත් මට කමක් නැහැ. මම සූදානම් ඊට මුහුණ දෙන්න” යැයි ජනපති මදුරෝ පවසා ඇත.
හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු, ඉකුත් අපේ‍්‍රල් මස පැවැති ජනපතිවරණයෙන්, චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ලෙස ජනපති ධුරයට පත් මදුරෝ, එදා සිට මේ දක්වා අවස්ථා කිහිපයකදී ඇමෙරිකාව සමඟ මතභේද ඇති කර ගත්තේය.
චාවේස්ගේ අභාවය සිදුවූ අවස්ථාවේදී ඒ බව නිල වශයෙන් රටේ ජනතාවට දැනුම් දීමට පැය කිහිපයකට පෙර, ඇමෙරිකා තානාපති කාර්යාලයට අනුයුක්තව සිටි, හමුදා නිලධාරීන් දෙදෙනකු ද රටින් නෙරැපීමට මදුරෝ පියවර ගත්තේය. ඒ, රජය පෙරැළීමට විපක්ෂය සමඟ එක් වී, හමුදා කුමන්ත‍්‍රණයක් සැලැසුම් කළේ යැයි චෝදනා කරමිනි.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සැසිවාරයට ද චාවේස් සහභාගී වීමට සූදානමින් සිටියේය. එහෙත් ඔහු ඒ ගමන නවතා දැමුවේය. ඒ, ඇමෙරිකානු සී.අයි.ඒ. ඒජන්තවරුන් ඔහු මරා දැමීමට කුමන්ත‍්‍රණ කිරීම නිසා යැයි ද හෙතෙම ඉකුත් සතියේ චෝදනා කළේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීහු වෙනිසියුලාවෙන් පිටුවහල් කෙරෙති
ඉන්දු - මෙල්බන් Wednesday, 02 October 2013 12:26 PM
ඔය නියෝජිතයෝ කොයි රටෙත් කරන්නේ ඕකම තමයි, පන්නලා දාන්නම තමයි වටින්නේ මේ මුළු ලෝකයෙන්ම. (ස)
සුනිල් අබේරත්න Wednesday, 02 October 2013 06:56 PM
අපේ අය වගේමයි, කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවා. ලෝක පොලිස්කාරයො අපේ රටවලට අවශ්‍ය නැහැ තමා (නි)
රත්න Wednesday, 02 October 2013 07:24 PM
දැන්වත් මේ බෙදුම් වාදීන්ට හා තානාපතිලට හැදිලා තියෙන බෙදුම්වාදී අමාරුවට රජයක් හැටියට ස්ථිර ප්‍රතිකාරයක් කළ යුතුව ඇත. (නි)
ඇසළ Wednesday, 02 October 2013 01:49 PM
නියම කොන්ද පන තියන, නැමෙන්නේ නැති විරෝධාර රාජ්‍ය නායකයෝ කියන්නේ මේ වගේ අයටයි. මුළු ලෝකෙටම හොද ආදර්ශයක්.(නදී)
රේමා Wednesday, 02 October 2013 02:08 PM
කොන්ද පණ තියෙන නායකයෙක්. ඔබ වගේ අය හැම රටකම ඉන්නවා නම් ඇමෙරිකාව අපට ලොකු නෑ. අමරිකාවට කඩේ යන අය ඉන්නකම් ලෝකය හදන්න බෑ. (ස)
ලොකුගේ Wednesday, 02 October 2013 05:11 PM
හොද කොන්දක් ඇති නිළධාරියෙක්. අපි ගරු කළ යුතුයි (නි)
රුවන් Wednesday, 02 October 2013 11:29 AM
ශා නියම නායකයෝ එළකිරි!!!!!! ලංකාවෙත් එල්.ටී.ටී.ඊ. එක ෆෝම් කරන්නෙත් ඇමෙරිකාව, ඉන්දියාව වගේ තානාපති කාර්යාල නිලධාරීන් තමා.. (ස)
මාගරී Wednesday, 02 October 2013 05:43 PM
පසුගිය ජිනීවා මානව හිමිකම් රැස්වීමේදී දකුණු ඇමෙරිකානු රටවල් අපට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා.දැන් අපේ රටේ දුත පිරිසක් යවලා මේ රටවල් සමග සම්බන්ධතා ඇති කර ගත යුතුයි. (නි)
රෝහණ කෝනාර Wednesday, 02 October 2013 11:14 PM
ජාත්‍යන්තර සබදතා මෙහෙයුම සම්බන්ධයෙන් පිළිගත් වියානා සම්මුතිය අනුව කිසියම් රටකට පත්කර ඇති තානාපති නිළධාරීන් පිළිගත නොහැකි බව එම රටට ප්‍රකාශ කළ හැකියි. එයින් අදහස් වන්නේ නැහැ අදාල රට සමග සම්පුර්ණයෙන්ම තානාපති සබදතා අත්හරින බවක්. (නි)