ඔස්ට්‍රියාවේ වියානා නුවර ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන් 20 දෙනකු හිටිහැටියේ අබිරහස් ලෙස රෝගී වී ඇති බවත්, ඇමෙරිකාව ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.
පෙන්නුම් කරන රෝග ලක්ෂණ අනුව, එම නිලධාරීන් 20 දෙනාට 'හවානා සින්ඩ්‍රෝමයෙන්' පෙලෙන බව ඇමෙරිකන් වෛද්‍යවරු සහ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
'හවානා සින්ඩ්‍රෝමය' ලෙස හැඳින්වෙන්නේ, 2016 සිට 2017 තෙක් කාලයේ බැරැක් ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී, කියුබාවේ හවානා නුවර ඇමෙරිකන් සහ කැනඩා තානාපති නිලධාරීන් අතර පැතිරුණු අබිරහස් රෝගී තත්ත්වයකි.
මෙහිදී සිදුවන්නේ මොළයට බලපෑම් එල්ල වීමය. සිහිවිකල්වීම, කැරකිල්ල සහ සිරුරේ සමබරතාව නැතිවී යෑම රෝග ලක්ෂණ වෙයි.
එදා 2017 වසරේ දී, 'හවානා සින්ඩ්‍රෝය' ගැන විමර්ශනය කරද්දී එය මයික්‍රෝවේව් තරංග යොදා ගනිමින් එක්ක කළ ප්‍රහාරයක් යැයි කියුබානු රජයට ඇමෙරිකාවත් කැනඩාවත් චෝදනා කරන්න විය. කෙසේ නමුත් තමන් ඇමෙරිකා හෝ කැනඩා තානාපති නිලධාරීන් ඉලක්ක කර ගනිමින් එසේ ප්‍රහාරයක් එල්ල නොකළ බවත්, තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බවත් කියුබානු රජය තරයේ කියා සිටියේය.
ඕස්ට්‍රියාවේ වියානා නුවර ඇමෙරිකන් තානාපති නිලධාරීන් එකා දෙන්නා බැගින් හිටිහැටියේ රෝගී වීමට පටන්ගෙ ඇත්තේ ජෝ බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ලෙස පසුගිය 2020 ජනවාරියේ දිවුරුම් දීමෙන් අනතුරුව යැයි බීබීසී පුවත් සේවය පෙන්වා දෙයි. ඔබාමා පරිපාලනය පැවැති සමයේ ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවූයේ ද ජෝ බයිඩන්ය.
වියානා ඇමෙරිකන් තානාපති නිලධාරීන් රෝගීවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව විශේෂ විමර්ශනයක් පවත්වන බවත්, තමන් ඊට පූර්ණ සහාය ලබා දෙන බවත් ඔස්ට්‍රියානු රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
689
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකන් තානාපති නිලධාරීන් ලෙඩවෙලා