ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මයික් වොල්ට්ස් ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයෙන් ඉවත් කර, ඔහු එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපති ලෙස නම් කළ බවය.
මයික් වොල්ට්ස් සැබෑ දේශප්‍රේමියකු බවත්, ඔහු ඇමෙරිකාවේත් ඇමෙරිකානුවන්ගේත් යහපත වෙනුවෙන් සැමවිටම කටයුතු කරනු ඇති බවත් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.
මින් ඉදිරියට ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරනු ඇත්තේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කරන මයික් රූබියෝ යැයි ද ට්‍රම්ප් පවසා ඇත.
පසුගිය දිනෙක ධවල මන්දිරයේ ඇමෙරිකන් ආරක්ෂක අංශ ප්‍රධානීන් අතරේ රහස් හමුවක් පැවැත්විණි. මෙම හමුවට ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් ද එක් වී සිටියේය.
එම හමුවට මාර්ගගත ක්‍රම ඔස්සේ තවත් ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රධානීන් සම්බන්ධ වුණු අතර, ඒ සියලු දෙනා සම්බන්ධ කර ගැනීම කළේ මයික් වොල්ට්ස් ය.
කෙසේ නමුත් අත්වැරදීමකින් මයික් වොල්ට්ස්, ඇමෙරිකන් මාධ්‍යවේදියකු ද එම සාකච්ඡාවට මාර්ගගත ක්‍රම ඔස්සේ සම්බන්ධ කරගෙන තිබුණි. රහස් සාකච්ඡාව පැවැත්වූයේ ඇමෙරිකාව යේමනයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙනි.
මේ බව අනාවරණය වෙද්දී, ට්‍රම්ප් පරිපාලනයට චෝදනා එල්ල වීමට පටන් ගැනුණි. ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමටත්, ඔහු එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපති ලෙස පත් කිරීමටත් කටයුතු කළේ එම සිද්ධිය මුල්කොට ගනිමින් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
(එන්.ඩී.ටීවී.)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක්