IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඇමෙරිකන් කතා නායිකා ආර්මේනියාවේ සංචාරයක

ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි ආමේනියාවේ සංචාරයක කරමින්, අසල්වැසි අසර්බයිජානයට දොස් නැගුවාය.

ආමේනියාව මෙන්ම අසර්බයිජානය ද රුසියන් හිතවාදී රාජ්‍යයන් වන අතර අසර්බයිජානය, ආමේනියාවට වඩා රුසියාවට හිතවත්ය.

මේ වනවිට ආමේනියාව සහ අසර්බයිජානය අතර දේශසීමා අවි ගැටුම් පවතී. එම ගැටුම්වලින් මියගිය ආමේනියානුවන් ගණන 200 කට වැඩි යැයි ද පැවැසෙයි.

ඇමෙරිකන් කතා නායිකා පෙලෝසි ආමේනියාවේ යෙරෙවාන් අගනුවරට ගොස් එරට පාර්ලිමේන්තු කතා නායක ඇලෙන් සිමොන්යාන් හමුවෙමින් ඉල්ලා සිටියේ ආමේනියාවේ සහාව ඇමෙරිකාවට අවශ්‍ය බවය.

මේ අතර ආමේනියාව සහ අසර්බයිජානය අතර සටන් විරාමයක් අවශ්‍ය යැය රුසියාව පෙන්වා දී ඇත. මීට පෙර ද ආමේනියාව සහ අසර්බයිජානය අතර දේශසීමා ගැටුම් ඇවිලෙද්දී ඊට මැදිහත් වී, දෙරට අතර සටන් විරාමයක් ආරම්භ කළේ රුසියාවය.

(රොයිටර්)



අදහස් (1)

ඇමෙරිකන් කතා නායිකා ආර්මේනියාවේ සංචාරයක

Rexi Monday, 19 September 2022 03:04 PM

නහින දෙහින කාලෙත් උත්සාහ කරන්නේ එක එක්කෙනාව කොටවලා මිනීමරාගන්න තැනට යවන්න, ගිය පාර තායිවාන් ගිහින් චීනෙ එක්ක තරහා ගැස්සුවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 490 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site