IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඇප ඉල්ලුමෙනුත් ජයලලිතා පරදී

කර්නාටක මහාධිකරණය තමිල්නඩු හිටපු මහඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ ඇප ඉල්ලීම අද ප්‍රතික්ෂේප කළේය.

ජයලලිතා (66) පසවනුයේ තමාට එරෙහි චෝදනා දේශපාලන චේදනාවෙන් කළ බවයි.

ඇප අයැදුම ඉවත දමමින් මහාධිකරණය පැවසුවේ දූෂණ නඩු කඩිනමින් විසඳා අවසන් කළ යුතු බවට ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි පණිවුඩයක් දී ඇති බවයි.

නඩු තීන්දුව ඇසීමට ජයලලිතාගේ හිතවත්හු කර්ණාටක මහාධිකරණය අසලට පැමිණ සිටියහ.

 ජයලලිතා දැනටම බැංගලෝර් සිරගෙදරක ප්‍රභූ මැදිරියක (අඩි 12*8) රඳවනු ලැබ සිටින්නීය.

එම බිත්තියට යාබද වැසිකිළියක් ද ඇත. ඇයට ඇඳක් ද දී තිබේ.

 



අදහස් (0)

ඇප ඉල්ලුමෙනුත් ජයලලිතා පරදී

නාලි Tuesday, 07 October 2014 03:34 PM

කාට කාටත් මේවා පාඩම් මලේ.(අ)

:       0       0

කින් බෙනට් Tuesday, 07 October 2014 03:40 PM

මෙයා තරුණ කාලේ නිළියෙක් වෙන්න කලින් නම් ඔය වගේ පුංචි කාමර වල ඉඳල හොඳට පුරුදුයි ... ඒ හින්ද අතීතය මතක් කර කර ඉන්න පුළුවන් වෙයි ..හැබයි දැන් නම් පුංචි කාමරේට වෙලා ඉන්න වෙන්නේ තනියම තමයි ...(අ)

:       0       0

හේරත් Friday, 10 October 2014 01:56 AM

මෙයා ලංකාවෙන් ගිය පුංචි ළමයින්ටත් හිරිහැර කෙරෙව්වා. පිල්ලේ ලට එව්වට කතා නෑ. (නදී)

:       0       0

රූපවතී Tuesday, 07 October 2014 04:50 PM

හොඳ වැඩේ මමනම් කියන්නේ, හොඳම වැඩේ. අර ගලපු ගංගා ඒ දවස් වල...මම දෙවියන්ට කිවුවා ගලාපන් දෙවියනේ ජයලලිතාගේ ගෙදර පිටින්ම මුහුදට ගලාගෙන යන්න කියලා..! දැන්නම් මට ගොඩාක් සතුටුයි. (නි)

:       0       0

රෝහණ‍ Tuesday, 07 October 2014 11:34 AM

අනේ ඉතින්! අපේ රටේත් සාධාරණව හිතුවොත් නම් කී දෙනෙක් ඔය විදියට හිර කූඩුවේ ලගිනවද? (නි)

:       0       0

කුමාරි Tuesday, 07 October 2014 05:52 PM

මෙයා ලෝකය වටේම ඉන්න දෙමල ජනතාවගේ හිත වල ලංකාව ගැන වෛරයක් ඇති කළා. රජකම් කළත් කළකම් පළ දෙනවා කියන්නේ මේකටයි. (නි)

:       0       0

සමන්ති Saturday, 11 October 2014 12:55 AM

සිනමාවට ආවේ සුදු සළුවක් අරගෙන.රඟපානකොට සුදු සළුව රතු කරගත්තා. මහ ඇමතිනිය වී රතු සළුව මඩපාට කරගත්තා (නි)

:       0       0

මොහාන් Tuesday, 07 October 2014 06:28 PM

අනේ පවු ජයලලිතා! (නි)

:       0       0

චමින්ද Tuesday, 07 October 2014 12:01 PM

වෙනමම ඇඳක් සහ වැසිකිළියක් දීපු එකම මදෑ, හොරකම් කරපු තරමට.... (නි)

:       0       0

නදීර Thursday, 09 October 2014 08:59 AM

ජාතීන් සහ ආගම් අතර වෛරය වපුරන, හොරකම් කරන අපේ රටේ දේශපාලු කට්ටියට මෙහෙම දඬුවම් ලැබෙන්නේ කවදාද අනේ! (නි)

:       0       0

උපාලි Thursday, 09 October 2014 01:59 AM

පාලක සහ ජනතාවගෙන් සමහරුන් වැරදි කළාට අපේ රට බුදුන් වැඩි පුණ්‍ය භූමියයි. මෙය ජය ලලිතා ට පමණක් නොවේ අපිට අංචි අදින අනිත් බලවත් රටවල අයටත්, මෙහි ඉපදිලත් උපන් බිමට ගරහන මුදලට පවා දී ද්‍රෝහිකම කරන කාටකාටත් වෙන දෙය ඉදිරියේදී බලා ගන්න පුළුවන් වේවි. (නදී)

:       0       0

රංජන් Thursday, 09 October 2014 03:19 PM

ජයලලිතා වෙනුවෙන් දිවි පිදුවා කියල අහිංසක වැඩිමල් මිනිසුන්ව ගිනි තියල මැරුවා මොන තරම් අපරාධද? (නදී)

:       0       0

සේන Tuesday, 07 October 2014 12:47 PM

අපේ රටේ ඒකට? ඉන්දියාවේ නම් එයාලා හිරේ යවනවා. (නි)

:       0       0

සමන්ති Tuesday, 07 October 2014 09:56 PM

මට දමිළ චිත්‍රපටියක් මතක් වුණා (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 07 October 2014 12:51 PM

තරුණ කාලයේ අති දක්ෂ නිළියක් වශයෙන් ඉඳලා ,කසාද නොබැඳ, දේශපාලනය කළත්,අධික තණ්හාවෙන් අයථා ලෙස හරිහම්බ කිරීමට ලැබූ දඬුවමට අපි මොනවා කරන්නද? (නි)

:       0       0

ලලිත් Saturday, 11 October 2014 01:30 PM

මේ නඩුව තමිල්නාදුවේම ඇහුවනම් ජයලලිතා අදත් නිවරදිකාරයෙක්. (හේ)

:       0       0

රොකි Saturday, 11 October 2014 03:40 PM

උපාලි. මෙච්චර මේ දරුණු අපරාධ හොරකම් මිනි මැරුම්, ජඩකම්, අලුකුත්තේරුකම්, දූෂණ කෙරෙන අමන රටටද පුණ්‍ය භූමියක් කියලා කියන්නේ? (අ)

:       0       0

මිනිපේ Friday, 10 October 2014 04:16 PM

නුවනින් මද සමහර ජනතාව රූපයට හා ප්‍රසිද්දියට ඡන්දය දෙති. මෙය ලොව බොහෝ රටවල පුරුද්දකි. කැලිෆෝනියා ප්‍රාන්තයේ අර්නෝල්ඩ් ව දිනෙව්වා. පිලිපීනයේ බොක්සින් ක්‍රීඩක මනි පක්යව් පත්කරගත්තා. රොනල්ඩ් රේගන් ජනාදිපති කරගත්තා. (නදී)

:       0       0

නඩ රාජා Wednesday, 08 October 2014 03:47 AM

දමිළයෝ රවටා ගෙන කාපු ජය ලලිතාට මොකද වුනේ. දැන් සම්බන්දන්ලට කට උත්තර නැහැ. මොවුන් හිරේට යවන විදියක් නැද්ද ? අප ජාතින් දෙක කොටවන මේ අයව හිරගෙට යවන්න ඕනේ (නදී)

:       0       0

ඇසළ Tuesday, 07 October 2014 02:52 PM

හිරගෙදර වුණත් තමිල්නාඩුවේ වැසියන්ට වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැති වැසිකිළියක් එක්කම කාමරයක් ලැබුන එකම මදිද. (නි)

:       0       0

මානෙල් Saturday, 11 October 2014 08:51 PM

එහෙම නැති එක හොඳයි. නැත්නම් ඩොලර් බිලියන ගානක් වියදම් කරලා හිරගෙවල් හදයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 413 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2186 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site