තාක්ෂණයේ නව පෙරැළියක් කරමින් ඇපල් පරිගණක ලොවට දායාද කළ ඇපල් පරිගණක සමාගම ආරම්භ කිරීමට දායක වූ ඇමෙරිකා ජාතික ස්ටීව් ජොබ්ස් පෙරේදා (05) මෙලොවින් සමුගත්තේය.
ඇපල් පරිගණක පමණක් නොව, ඇපල් සමාගමේ ‘අයිෆෝන්’, ‘අයිපොඞ්’, ‘අයිපෑඞ්’ සහ ‘අයිටියුන්’ යන අති නවීන තාක්ෂණයෙන් නිපදවූ ඉලෙක්ට්‍රොනික උපාංග රැසක් ලොවට හඳුන්වා දීමේ පුරෝගාමියා ද ස්ටීව් ජෝබ්ස්ය.
ජොබ්ස් මියගියේ දීර්ග කාලයක් තිස්සේ පිළිකාවකින් පීඩා විඳීමෙනි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 56 කි.
1955 වසරේ උපන් ජොබ්ස්, 1976 වසරේදී ඇපල් සමාගම පිහිටුවූයේ ඔහුගේ ළමා වියේ සිටම මිතුරකු වූ ස්ටීව් වොස්නියාක් සමඟය. අප එදිනෙදා භාවිත කරන ගෘහස්ත පරිගණක මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ ඇපල් සමාගමයි.
”ජෝබ්ස්ගේ අභාවය සැලවීමෙන් මා ඉමහත් කම්පනයට පත්වුණා. ඔහු අසමසම චරිතයක්. නවීන තාක්ෂණ ලොවට දායාද කළ සුවිශේෂී පුද්ගලයකු හැටියට මා ඔහු දකිනවා. ඔහු මගේ මිතුරා” යැයි ඇපල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ස්ටීව් වොස්නියාක් ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේය.
පිළිකාවකින් පීඩා විඳින බව ජොබ්ස් දැනගත්තේ 2004 වසරේදීය. 2009 වසරේදී ඔහුට අක්මා බද්ධයක් ද සිදු කෙරුණි. ඉකුත් අගෝස්තු 24 වැනිදා ජොබ්ස්, ඇපල් සමාගමේ විධායක නිලධාරී ධුරයෙන් ද ඉවත් වූයේය. ඒ, අයහපත් සෞඛ්‍යය තත්ත්වය හේතුකොට ගෙනය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇපල් පරිගණක සමාගම ඇරැඹූ ස්ටීව් ජොබ්ස් ලොවෙන් සමුගනී
දුමින්ද Saturday, 08 October 2011 10:37 AM
එතුමා බෞද්ධයෙක්. ඔහුට නිවන්සුව!