IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ආර්ජන්ටිනා මිනිහෙක් ගසක් ‘බඳී‘

ගසක් සහේට ගෙන ඇති පුද්ගලයෙකු ගැන ආර්ජන්ටිනාවෙන් වාර්තා වේ.

රිචඩ් ටොරෙස් නම් වන මොහු පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක කි්‍රයාකාරී සාමාජිකයෙකි’.පරිසරය සුරැකීම වෙනුවෙන් සමාජයේ අවධානය යොමු කිරීමට තමන් මෙසේ ගසක් හා විවාහ වීමට තීරණය කළ බව ඔහු කියයි.

රිචඩ් ගේ අලූත් බිරිද ‘පිහිටා‘ තිඛෙන්නේ ආර්ජන්ටිනාවේ බුවෙනෝස් අයර්ස් අගනුවර පිහිටි උද්‍යානයකය.

මංගල උත්සවයට සැළකිය යුතු පිරිසක්ද සහභාගී වී සිටි අතර මියෙන තුරා තම බිරිද  හොදින් රැකබලාගන්නෙමියි යැයි රිචඩ් ඔවුන් හමුවේ පොරොන්දු විය.



අදහස් (0)

ආර්ජන්ටිනා මිනිහෙක් ගසක් ‘බඳී‘

සමන් Saturday, 16 November 2013 08:42 AM

මේ ගහේ මොකක්හරි විශේෂත්වයක් තිබෙනවද? (නි)

:       0       0

සිරියලතා Friday, 15 November 2013 02:03 PM

අපෙත් ඉන්නවා කට්ටියක්,අන්තිමට ගහක් තමයි බෙදා ගන්න වෙන්නේ.(නදී)

:       0       0

ජෝයි ඩයස් Sunday, 17 November 2013 11:19 PM

මට මතක හැටියට මීට කලින් ලංකාවේත් කට්ටියක් ඉස්සරහා ගස් බැදපු කතාවක් තිබුනා..මිනිහෙක්ගේ තනි කැමැත්තට ගහක් බලෙන් බැදගෙනද කොහෙද? නමුත් ලංකාවේ මිනිසුන් පරිසරයට ආදරෙයි කියලා, කසාද බදින්න ඕනෑ වෑටමාර , සූරිය, බකිනි, ගිනිසූරිය වගෙ ගස්. හැබැයි වැරදිලාවත් බුරුත, තේක්ක ,කුබුක්,කලුවර වගේ ලොකු අතු බැදගත්තොත් වෙන්නේ කණවැන්දුම් වෙන්න තමා. දැක්කනේ කැලෑපාලුවන් කරන අපරාධ. (නි)

:       0       0

දුම්මලසූරිය Sunday, 17 November 2013 01:54 PM

ගසක් බදී කියපුවම මං හිතුවේ අපේ අර ඇමතිතුමා වගේ කෙනෙක්ද කියලා (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 16 November 2013 01:31 PM

අපෙත් ඉන්නවා ගස් බදින්න අය(දිල්)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Saturday, 16 November 2013 02:41 AM

අපෝ අපේ රටෙත් ඉන්නේ ඕන තරං ඉන්නෙ මෙලෝ රහකට නැති මෝල් ගස්. අපේ කොල්ලන්ව අමාරුවේ දාන.(දී)

:       0       0

රාජුන් Monday, 18 November 2013 08:58 AM

ආර්ජන්ටිනාව තියෙන්නේ අර මහා ඇමති තුමාගේ ගෙවල් පැත්තෙද? (ස)

:       0       0

මෙන්ඩිස් Friday, 15 November 2013 04:46 PM

ආර්ජන්ටිනාවත් ඉන්දියාව වගේද මන්දා. (ස)

:       0       0

නිලා Sunday, 17 November 2013 10:34 AM

අපෙත් කට්ටිය ඉන්නවා ගස් බදින්න , කෝ ඉතින් ඒකට ඉඩක් (නදී)

:       0       0

යසවතී Friday, 15 November 2013 01:25 PM

මෙහේ ඒකේ අනිත් පැත්ත.(නදී)

:       0       0

රූපවතී Monday, 18 November 2013 10:36 AM

එහෙම උනොත් පොලු වලින් ගහල කඩා ගන්න පුළුවන් වෙයි ..? ඕනෑම කෙනෙකුට ...?ගහේ පීදිලා ඉන්න විට ..? (ස)

:       0       0

පොඩි Saturday, 16 November 2013 10:00 PM

මෙහෙමත් වැඩ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site