IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආදරය ගිටාර පහරින් බොඳවේ

ඩුබායිහි සාප්පු සංකිරණයකදී ප‍්‍රසිද්ධියේ සිය පෙම්වතියගේ අත පැතූ පෙම්වතකුට අවසානයේ සිදුවූයේ පෙම්වතියගෙන්ම පහර කෑමටයි.

මුල සිටම අත පැතීමේ අවස්ථාව සැළැසුම් කර තිබෙන බවට කියන පෙම්වතා මේ කිසිත් නොදත් පෙම්වතිය සාප්පු සංකීර්ණය වෙත රැුගෙන විත් තිබේ.එහිදී සැළැසුමේ හැටියට වාදක මඩුල්ලක් සංගීතය සපයද්දී පෙම්වතා තමන් විසින්ම ලියූ ගීයක් පෙම්වතිය ඉදිරියේ ගායනා කිරීමට පටන්ගෙන ඇත.

පද මාලාව කෙසේ වෙතත් කටහඩ ගැන කියන්නටම දෙයක් නැති වීම නිසා ලැජ්ජාවට පත් පෙම්වතිය ‘‘දැන් ඇති නවත්තන්නැයි‘‘ සිය පෙම්වතා ඉදිරියේ බැගෑපත් වුවත් තමන්ගේ රැගුම් ගැයුම් නතර කළේ ඔහු නොවේ.

අවසානයේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය තැන වාදක මඩුල්ලෙන් ගිටාරයක් උදුරාගෙන ඇති ඇය එයින් තමන් ඉදිරියේ දණින් වැටුණු පෙම්වතාගේ හිසට පහරක් එල්ල කළේ මේ නාටකය බැලීමට රැස්ව සිටි දෙනොදාහක් ඉදිරියේය.

පෙම්වතා පහර කා බිම වැටී සිටියදී පෙම්වතිය වේගයෙන් වෙළද සංකීර්ණයෙන් පිටත්ව යනුත් අවසානයේ දැකගත හැකි විය.

වුවමනාවට වඩා ආදරණීය වීමේ වරද මේ යැයි සිද්ධිය දුටුවන්ගේ අදහස විය.කෙසේ වුවත් ඇතැමුන් පැවසුයේ මේ සියල්ල වෙළද දැන්වීමකට කළ රගපෑමක් යැයි කියාය.

 



අදහස් (0)

ආදරය ගිටාර පහරින් බොඳවේ

භක්ති Wednesday, 28 August 2013 08:14 PM

මීට වඩා හොදයි දෙවියන්ට ආදරය කළා නම්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 28 August 2013 08:25 PM

ආදරයේ උණුසුම ළග දුක දැනෙන්නෙ නැහැ (නි)

:       0       0

සෙනරත් Wednesday, 28 August 2013 08:36 PM

අයියෝ ගෑණු නැද්ද මේ ලෝකේ. (ස)

:       0       0

සෙනරත් Wednesday, 28 August 2013 09:31 PM

ඩුබියි වල නීති වල හැටියට මේ දෙන්නා ලොකු අමාරුවක වැටෙන්න පුළුවන් යන්නය් මට තේරෙන්නේ (අ)

:       0       0

දරුශන් Wednesday, 28 August 2013 10:09 PM

රූප පටය දුටුව ඉන්දිආනු ජෝඩුවක් ,මිනිහ පිස්සෙක් බටහිර කාන්තාවන්ට ගැලපෙනදේ ඉන්දියානු කාන්තාවකට නොගැලපේ.(නදී)

:       0       0

ගමයා Wednesday, 28 August 2013 11:04 PM

අනේ සෙනරත් දන්නා ඩුබායි නීතිය. (නි)

:       0       0

චන්දි Thursday, 29 August 2013 12:00 AM

මෝඩ පෙම්වතියක් !!ආදරේ කියන්නේ පුදුමාකාර දෙයක්. ඒක එක එක්කෙනා එක එක විදියට පාවිච්චි කරනවා. මේ වගේ දගකාර ආදරයකට කව්ද අප්පේ මෙහෙම කරන්නේ...?කොල්ලට ආදරේ කොහොම වෙතත් ජීවිතේම එපා වෙන්න ඇති (අනේ අපිට පෙර පින් නැතිවා) (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site