IMG-LOGO

ආණ්ඩු විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති ජාතිය අමතයි

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් එරට වේලාවෙන් පස්වරු 8.00 ට  අද ජාතිය ඇමතීමට නියමිතය. 

 
සති හතරක් පුරා රට තුළ සිදුවූ ආණ්ඩු විරෝධී  ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා සිදුකරන  ප්‍රථම ප්‍රසිද්ධ ප්‍රකාශය මෙය වේ.
 
ජනාධිපතිවරයා  විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව  රජයේ නිලධාරිහු පවසති.
 
ඉන්ධන බදු ඉහළ නැංවීම, ජීවන වියදම ඉහළ යෑම  සහ වෙනත් ගැටළු වලට විසදුම් අපේක්ෂා කරමින් ප්‍රංශ වැසියෝ  දින ගණනාවක් පුරා ප්‍රංශයේ විරෝධතා පැවැත්වූහ.
 
එම තත්ත්වය හේතුවෙන් සමාජය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර අර්බුදයක් ඇති වී ඇති බව මුදල් අමාත්‍ය බෘෘනෝ ලී මාරි පැවසුවේය.
 
විරෝධතාකරුවන්  එක් ලක්ෂ විසිපන්දාහකට වඩා වැඩි පිරිසක් සෙනසුරාදා දිනයේ වීදිවලට පැමිණ විරෝධතා දැක්වූ අතර 1,200 කට වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. 
 
ප්‍රංශයේ අගනුවරට විශාල හානියක් සිදුවී ඇති අතර දහ දහස් ගණන් විරෝධතාකරුවන් ජනෙල් කඩා බිඳ දැමීම්, මෝටර් රථ ගිනි තැබීම් මෙන්ම වෙළෙඳසැල් කොල්ලකෑම් ද සිදු කර ඇත.
 
මේ නිසා විරෝධතා මැඩපැවැත්වීම සඳහා කඳුළු ගෑස් මෙන්ම ජල ප්‍රහාර එල්ල කළේය. 
 
මේ අතර ප්‍රචණ්ඩකාරී විරෝධතා නතර කිරීම සඳහා ප්‍රංශ ජනපතිවරයා වෙළෙද වෘත්තිය සමිති සාමාජිකයින් සහ ව්‍යාපාර ප්‍රධානීන් ද අද මුණගැසීමට නියමිතයි. 
 

(63226) 



අදහස් (0)

ආණ්ඩු විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති ජාතිය අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1794 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site