බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
තමන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේ ද ආක්ෂේ ය.
‘මා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වුණා. වෛද්‍ය උපදෙස් මත මා නිරෝධායනය වී සිටිනවා. පසුගිය දිනවල මා ඇසුරු කළ සැමට කොරෝනා පරීක්ෂණවලට යොමු වෙන්නැයි මා ඉල්ලීමක් කරනවා’ යැයි 53 හැවිරිදි ආක්ෂේ පවසා ඇත.
මේ වනවිට බොලිවුඩ් නළු නිළියන් රැසකට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී තිබේ. පසුගිය සතියේ බොලිවුඩ් සුරූපිනී ආලියා බාත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු විය.
ඉන්දියාවෙන් මේ වනවිට දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂයකට වඩා වාර්තා විය. ඉන්දියාවෙන් දෛනික කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය පසු කළ පළමු අවස්ථාව මෙයයි.
මීට පෙර, දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂයට වඩා වාර්තා වූ රට ඇමෙරිකාවය. මේ වනවිට ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන මිලියන 12.59 පසු කළේය.
අද (5) වාර්තා වූ දෛනික ආසාදිතයන් ගණන 103,558 කි.
පසුගිය සැප්තැම්බරයේ සිට මෙම 2021 ජනවාරි දක්වා ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයෝ 90,000 ත් 98,000 ත් අතර වාර්තා විය.
කෙසේ නමුත් ජනවාරි වනවිට එය 10,000 තෙක් අඩු විය.
හිටිහැටියේ ආසාදිතයන් අඩුවීම සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ මවිතය පළ කරන්න විය. ආසාදිතයන් අඩු වුවත්, ඉන්දීය සෞඛ්‍ය අංශ ආසාදිතයන් සෙවීමට සිදු කළ පීසීආර් පරීක්ෂණ අඩු කළේ නොකළ බව පැවැසෙයි.
කෙසේ නමුත් මාර්තු අවසන් වෙද්දී, ආසාදිතයන් යළිත් ඉහළ යෑමට පටන් ගත් අතර, දෛනික ආසාදිතයන් ලක්ෂය පසු කර තිබේ.
කොරෝනා ආසාදිතයන් අතින් ලොව පළමු සහ දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාව සහ බ්‍රසීලයයි. ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය.
මුම්බායිහිදීය (එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආක්ෂේ කුමාර්ට කොරෝනා