IMG-LOGO

‘අසාන්ජ්ට විශේෂ සැලකිල්ලක් නැහැ’

ජුලියන් අසාන්ජ්ට කිසිදු ‘විශේෂ සැලකිල්ලක්’ නොකරන බව  ඕස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් අද (12) කීවේය.
 
බි‍්‍රතාන්‍යයේ දී අත්අඩංගුවට පත් වූ ලෝ ප‍්‍රකට විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්  ඕස්ටේ‍්‍රලියානු ජාතික පුරවැසියෙකි. 
 
ඉක්වදෝරය ජූලියන් අසාන්ජ්ට රැකවරණ ලබාදීම අවසන් කිරීමට පියවර ගැනීමත් සමඟ ඔහු එලෙස ලන්ඩනයේදී අත්අඩංගුවට පත්විය. අසාන්ජ් වසර හතක් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ සරණාගත තත්ත්වය යටතේ රැකවරණ ලබමින් කල් ගත කළේය. 
 
අත්අඩංගුවට ගැනීමෙන් පසුව අසාන්ජ් ලන්ඩන් නුවර අධිකරණයට ඉදිරිපත් කළ අතර 2012 වසරේ දී ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාවට හෙතෙම වරදකරු යැයි අධිකරණය තීන්දු කළේය. ඒ අනුව ඔහුට වසරක සිර දඬුවමක් නියම විය.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශයේ හිටපු විශ්ලේෂකයකු වන චෙල්සි මැනිං සමඟ 2010 වසරේදී එරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට අසාන්ජ් අවශ්‍ය කර තිබේ. 
 
අසාන්ජ් එරටට එවන්නැයි ද ඇමෙරිකාව ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. අසාන්ජ් ඇමෙරිකාවට අවශ්‍ය කර තිබෙන චෝදනාවේ නඩු විභාගය මැයි 2 වැනිදා පැවැත්වීමට නියමිතය. 
 
විදේශයක සිටින  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු යම් උවදුරකට පත්වුවහොත් ඔහුට ලැබෙන සහාය ඒ ආකාරයෙන්ම අසාන්ජේට ලැබෙන්නේ යැයි  ඕස්ටේ‍්‍රලියානු අගමැතිවරයා කීවේය. කෙසේ නමුත් ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් නිසා අපට කරන්නට දෙයක් නැතැයි ද  ඕස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් කීය. 
 
‘‘අධිකරණ කි‍්‍රයාවලියක් තියෙනවා. තවත් බොහෝ දේවල් තිබෙනවා. ඒ සියල්ල වගේම තවත් කරුණු තිබෙනවා. ඒ සියල්ල අනුගමනය කළ යුතුයි. මේ වගේම අවස්ථාවලදී  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයන්ට කන්සියුලර් කාර්යාලවලින් ලැබෙන සහාය ජූලියන් අසාන්ජ්ටත් ලැබෙනවා’’ යැයි අගමැති ස්කොට් මොරිසන් කීවේය.  
 
ඒ.එෆ්.පී. ඇසුරිනි
 
055



අදහස් (0)

‘අසාන්ජ්ට විශේෂ සැලකිල්ලක් නැහැ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1467 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 535 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site