බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් පැවැත්වෙන සටනේ අවසන් අපේක්ෂකයන් දෙදෙනා බවට පත් වීමට, හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ විදේශ ලේකම් (විදේශ ඇමැති) ලිස් ට්‍රස් සමත් වූහ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.
බොරිස් ජොන්සන්, කොන්සවර්ටිව් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමඟ කොන්සවර්ටිව් පක්ෂය නව නායකයකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය ඇරැඹුවේ මීට සති කීපයකට පෙරය.
රිෂී සුනාක්, ලිස් ට්‍රස් ඇතුළු පක්ෂයේ ප්‍රබලයෝ කිහිප දෙනෙක් පක්ෂ නායකත්ව සටනට අවතීර්ණ වූහ. ඒ අනුව ඡන්ද විමසුම් කීපයක් පැවැත්විණි. අඩුම ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගත් අපේක්ෂකයා සටනින් ඉවත් වීම සිදුවිය.
ඒ අනුව, අවසන් අපේක්ෂකයන් දෙදෙනා බවට පත් වූයේ 42 හැවිරිදි රිෂී සුනාක් සහ 46 හැවිරිදි ලිස් ට්‍රස් ය. බ්‍රිතාන්‍ය දේශපාලඥයන් පවසා ඇත්තේ මොවුන් දෙදෙනා අතරින් ද වැඩි වාසි ඇත්තේ රිෂී සුනාක් සතුව බවය. රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහුට පක්ෂ නායකත්වයට හිමි වී අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත්, පළමු බ්‍රිතාන්‍ය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ සුනාක් ය.
අග්‍රාමාත්‍ය ධුරයේ සිටි බොරිස් ජොන්සන් ට පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉවත් වීමට සිදුවූයේ‘කොන්සවර්ටිව්’ පක්ෂය තුළින් ඔහුට එල්ල වුණු දැඩි අප්‍රසාදය සහ විරෝධයක් හේතුවෙනි.
විරෝධය සහ අප්‍රසාදය එල්ල වූයේ ජොන්සන්, කොවිඩ් නීති උල්ලංඝනය සහ ලිංගික චෝදනා එල්ල වුණු මන්ත්රී වරයකුට රජයේ ඉහළ තනතුරක් පිරිනැමීමය. නව පක්ෂ නායකයකු මෙන්ම අග්‍රාමාත්‍යවරයකු තෝරා ගන්නා තුරු වැඩබලන අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන්නේ ජොන්සන්ය.
පක්ෂ නායකත්වය සඳහා ඡන්ද විමසීම සිදුවෙද්දී, ඡන්දය ප්‍රකාශ කරන්නේ, කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන් සහ නියෝජිකතයන් පමණි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කොන්සවර්ටිව් පක්ෂ මන්ත්‍රීවරුන් ගණන 356 කි.
(ඒ.එෆ්.පී.)
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අවසන් අපේක්ෂකයන් දෙදෙනා රිෂී සුනාක්-ලිස් ට්‍රස්