ඉන්දියාවේ අලියකු විසින් අඳින ලද චිත්‍ර දිල්ලි නගරයේ ශාලාවක ප්‍රදර්ශනයට තබා ඇත. මේ ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම අනතුරට පත්වූ සතුන් සඳහා යෙදවීමට සැළසුම් කැර තිබේ. පූල්කාලි නම් මේ අලියා යොදා චිත්‍ර ඇඳ ඇත්තේ ඇල්පනා අහූජා නමැති චිත්‍ර ශිල්පිනියකි. ඇය කෙසෙල්ගෙඩි හා තවත් ආහාර දී අලියා උපායශීලීව චිත්‍ර ඇඳීමට පොළඹවාගෙන ඇත. අලියාගේ පාදයේ තීන්ත තවරා එය කැන්වසය මත තදකිරීමෙන් මේ චිත්‍ර නිර්මාණය කළ බව ඇය කියයි.
ඉන්දියාවේ අලි 25,000ක් පමණ ජීවත් වෙති. වනාන්තර විනාශවීම හා දඩයම් කිරීම හේතුවෙන් ඔවුන්ගේ ගහණය වේගයෙන් අඩුවීගෙන යයි. චිත්‍ර නිර්මාණයට යොදාගත් මේ අලියා ද පීඩාකාරී අයිතිකරුවාගෙන් බේරාගන්නා ලද අලියෙකි.
අහුජා මාධ්‍යයට පවසා ඇත්තේ අලියා නිර්මාණ සඳහා එක්කැරගත හැකිවන්නේ ඉතා හොඳ මනෝ භාවයකින් සිටින විට පමණක් බවයි. ඩොලර් 165 සිට 400 ද්කවා මිල ගණන්වලට මෙම චිත්‍ර මිලකැර තිබේ. ලබන සිකුරාදා ආරම්භ කිරීමට නියමිත මෙම ප්‍රදර්ශනය දින 10ක් පුරා පැවැත්වෙන අතර අලියකුගේ මුහුණුවරට සමාන රුවක් ඇති ගණ දෙවියන්ගේ උපන්දිනය සැමරුම ද එදිනට යෙදී තිබේ.
වනසත්ත්ව ආරක්ෂක සංගම් සාමාජිකාවන් පවසන්නේ ඔවුන්ගේ අදහස වී ඇත්තේ ගණ දෙවියන් මෙන් අලියා ද ගෞරවයට පත්කිරීම බවයි.
2025 නොවැම්බර් මස 04
385
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලි සිතුවම් ප්‍රදර්ශනයට
හේවාවිතාරණ Friday, 29 August 2014 08:00 PM
ඒකට ලංකාවේ මිනිස්සු ඉන්න අලි ටිකත් මරල දානවා (අ)
කුමාර Monday, 01 September 2014 05:27 AM
මේ අලියා මොකක්ද කියන්න හදන්නේ කියල බලන්න? (නදී)
ජයත් Saturday, 30 August 2014 10:31 AM
ඕක මොකද්ද මෙහේ මෙහේ අලින්ගේ ප්‍රදර්ශන හැමදාම තියෙන්නේ හැබැයි එයාල "වැ......... " අලි ! (දී)