
නැගෙනහිර අප්‍රිකා රාජ්‍යයක් වන සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර, හෝටලයකට අල් ෂෙබාබ් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.
‘විලා රෝස්’ නමැති මෙම හෝටලය සෝමාලියා රාජ්‍ය නිලධාරීන් අතර ප්‍රකටය. හෝටලය ඇත්තේ ජනාධිපති මන්දිරයේ සිට පා ගමනින් යා හැකි කෙටි දුරකින් බව ද පැවැසෙයි.
ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙද්දී සෝමාලියා පරිසර අමාත්‍ය ඇඩම් ඇන්ඩෲස්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහොමඩ් අහ්මද් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් හෝටලයේ සිට ඇත. ඇඩම් ඇන්ඩෲස් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් නමුත් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහොමඩ් අහ්මද් තුවාල ලැබුවේය.
ප්‍රහාරය සඳහා ත්‍රස්තවාදීන් කීප දෙනකු හෝටලයට කඩා වැදුණු බව සෝමාලියා ආරක්ෂක අංශ පවසයි. එම ත්‍රස්තයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතරේ දරුණු අවි ගැටුමක් ද පැවැතිණි.
අල් ෂෙබාබ් යනු අප්‍රිකාවේ අල් කයිඩා සහ බෝකෝ හරාම් ත්‍රස්ත සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වන ත්‍රස්ත කල්ලියකි. අල් ෂෙබාබ් අල් කයිඩාව සමඟ අත්වැල් බැඳ ගත්තේ 2012 වසරේදීය.
සෝමාලියාවේ සිවිල් යුද්ධයට හේතුව අල් ෂෙබාබ් සාමාජිකයන්ය. රට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද අඩපණ වී ඇත්තේ අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හේතුවෙන් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අල් ෂෙබාබ් ත්‍රස්ත ප්‍රහාරයක්