IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අල පෙති අරන් අතත් කයි

මිලදීගත් අල පෙති වල මුදල් නැවත ඉල්ලමින් කඩ හිමියා හපා කෑ කාන්තාවක් පිළිබඳ එංගලන්තයෙන් වාර්තා වේ.

ඇය හේලි ජෝන්ස් නම් 33 හැවිරිදි කාන්තාවකි.

පෝල්ස් අයිසෝ නිඞ්ස් (67) රීඞ්ලි නමින් කුඩා අවන්හලක් පවත්වා ගෙන යයි. දිනක් ඔහුගේ අවන් හලට පැමිණි හේලි පවුම් 1.35 ක් (රුපියල් 289 ක්) ගෙවා අල පෙති මිල දී ගත්තාය.

මිනිත්තු කිහිපයකට පසු නැවත අවන් හලට පැමිණි ඇය අල පෙති කෑමට පිළිකුල් බව කියමින් ඇයගේ මුදල් නැවත ඉල්ලීය. පෝල්ස් එය ප‍්‍රතික්ෂේප කිරීමත් සමග කුපිත වූ ඇය ඔහුගේ අත හැපීමට පටන් ගත්හ. එපමණක් නොව නියපොතු වලින් ඔහුගේ කන තුවාල කරමින් ඔහුට පයින්ද පහර දුන්නා. ඒ අතරම ඇය මුදල් කවුළුව වෙතටද යාමට තැත් කරත් පෝල්ස් මඟ හරස් කරමින් සිට ගත්තේය.

ඔවුන්ගේ කෑ ගැසීම ඇසී එතනට පැමිණි පෝල්ස්ගේ බිරිඳ සහ තවත් කිහිප දෙනෙක් ඔහු ඇයගෙන් බේරා ගත්හ. සිද්ධිය දැනගත් වහාම එතෙනට පොලිසිය පැමිණියත් ඒ වන තුරුත් හේලි අවන් හලේ ඉදිරිපිට සිට අසභ්‍ය ලෙස බැණ වඳිමින් සිටියාය.

තදින්ම මත්දව්‍ය වලට ඇබ්බැහි වූ ඇය දැන් පොලිස් අත්අඩංගුවේ සිටියි. මේ සිද්ධියෙන් පසු රෝහල් වල සහ උසාවිල රස්තියාදු වීමට සිදු වී ඇති නිසා තමන්ට වෙළඳාමවත් නිසි ලෙස කිරීමට නොහැකි වන බව පෝල්ස් පැවසයි.

 

 



අදහස් (0)

අල පෙති අරන් අතත් කයි

මොහමඩ් Tuesday, 10 December 2013 08:27 PM

සමදරාත් එහෙ ගියොත් හොද පාඩමක් ඉගෙන ගනීවි (නි)

:       0       0

ගුණසිරි Tuesday, 10 December 2013 09:50 AM

ලංකාවේ, ඉන්දියාවේ, පකිස්තානේ සහ බංගලාදේශයෙන් ආපු අය මේ රට කාල තියෙන්නේ. පිස්සු සුද්දෝ තමා ඔය කඩවලට යන්නේ.වැදගත් කමක් තියන කෙනෙක් මෙව්වට එන්නේ නෑ. (ස)

:       0       0

ෂෆීක් Tuesday, 10 December 2013 10:37 AM

ගුණසිරිගේ හිත හොඳටම රිදිලා. (ස)

:       0       0

දම් Tuesday, 10 December 2013 11:05 AM

නම ගුණසිරි උනාට මොකක් හරි අවුලක් තියනවා. මොලේද වෙන මොකක් හරිද??? (ස)

:       0       0

ලාරා Monday, 09 December 2013 08:56 PM

බීඩි බොන කාන්තාවක් නේද ? (නි)

:       0       0

හේවගේ චන්දන. Monday, 09 December 2013 09:50 PM

මානසික රෝගියෙක් වගෙයි.(නදී)

:       0       0

ගිම්හානි Tuesday, 10 December 2013 05:33 PM

ගුණසිරිගේ කතාව මෙතෙන්ට අදාළ නැති වුණාට ගුණසිරි කියන කතාව නම් ඇත්ත (නි)

:       0       0

රෝයි Monday, 09 December 2013 10:49 PM

එංගලන්තයේ උසාවියේ සිද්දිය අපේ අයට හොද ආදර්ශයක් උනාට මේවානම් ආදර්ශයට ගන්න හොද නැහැ. (දිල්)

:       0       0

සමදරා Monday, 09 December 2013 11:24 PM

අන්න කෙල්ලෝ ඔහොම යන්(දිල්)

:       0       0

ශිරෝමි- පිළියන්දල Tuesday, 10 December 2013 01:28 PM

ගුණසිරි ඔයාගේ අදහස් මේ කතාවට ගැලපෙන්නේ නැහැනේ. මෙතන ආසියාතිකයන් ගැන මොකවත් කියවිලා නැහැනේ. අනේ.. ගුණසිරි (ස)

:       0       0

බණ්ඩා Tuesday, 10 December 2013 06:44 PM

ගුණසිරිත් මත්වෙන බීඩියක් බීපු වෙලාවක වගෙයි මේ අදහස දාලා තියෙන්නේ (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 10 December 2013 02:06 PM

ගුණසිරි කියාගන්න බැරි දෙයක් සිද්ධ වෙලා තියෙන හැඩයි.ටිකක් ඉවසන්න ගුණසිරි. (ස)

:       0       0

සහාන් Tuesday, 10 December 2013 03:06 AM

විකෘති මනසක් තියන අය ගොඩක් දීයුනු රටවල ඉන්නවා. සමහරු උපතින් රෝගී. සමහරු පොඩි කාලේ ඉඳල පවුල් ප්‍රශ්න නිසා මනස අවුල් වෙලා. අපේ සමහර ඇමතිලත් කොන්ත්‍රාත් නොදුන්නොත් ආණ්ඩුවේ නිලධාරින්ටත් සලකන්නේ මේ විදිහට. (අ)

:       0       0

රනිල් Tuesday, 10 December 2013 03:35 AM

එංගලන්තේ සුද්දන්ගෙන් 60% විතර බීඩි තමයි බොන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 10 December 2013 02:43 PM

හැමදාම අපේ රටේ අඩු පාඩුම දකින බමුණුට මෙන්න අරහන් ආරංචියක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site