ඇමෙරිකාවේ උපත ලැබ යේමනයට පලා ගොස්, උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ත‍්‍රස්ත සංවිධානය සමඟ එක්වූ අන්වාර් අල් අව්ලාකී මරා දැමීමට සමත් වූ බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකා හමුදා අව්ලාකී මරා දමා ඇත්තේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් මිසයිල ප‍්‍රහාරයක් එල්ල කිරීමෙනි. අව්ලාකී, උතුරුදිග යේමනයේ අල් ජෝව් පළාතේ සැඟවී සිට අතර ඔහු සිටින තැන ඇමෙරිකා හමුදා දැනගෙන ඇත්තේ අත්අඩංගුවේ සිටින අල් කයිඩා සාමාජිකයකුගෙන් කළ ප‍්‍රශ්න කිරීමකදීය. උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය, යේමන රජයට මහත් හිසරදයක් වී ඇත. සටන්කාමීන් සමඟ යේමන රජයේ හමුදා නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගනී. අල් කයිඩාවට එරෙහි සටනේදී යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේට ඇමෙරිකාව සහාය දක්වයි. ඊජිප්තුවේ, ටියුනීසියාවේ ලිබියාවේ සහ සෙසු අරාබි රටවල හටගත් විරෝධතා රැුල්ල යේමනයට ද පැතිර ගොස් ඇති අතර වසර 33 ක් තිස්සේ බලයේ රැුඳී සිටින ජනාධිපති සාලේට වහාම බලයෙන් ඉවත් වන්නැයි යේමන ජනතාව විරෝධතා පවත්වයි. ජනාධිපති සාලේ හමුදා බලය යොදවා එම විරෝධතා මර්දනය කරයි. මේවනතෙක්ම ජනාධිපති සාලේට සහාය දැක්වූ ඇමෙරිකාව අල් අව්ලාකී ඝාතනය කිරීමත් සමඟ ජනාධිපති සාලේට පවසා ඇත්තේ ජනතා කැමැත්තට හිස නමා ජනපති ධුරයෙන් ඉවත් වන ලෙසය. මේ ගැන යේමන රජයේ දැඩි විරෝධය එල්ල වී තිබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අල් කයිඩා සාමාජික අවුලාකී ඇමෙරිකන් ප‍්‍රහාරයෙන් මරුට