IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අලුත් විදියේ කොරෝනා එන්නත් බූස්ටරයක්

ඉන්හේලරයක් භාවිතයෙන් ආශ්වාසය හරහා සිරුරට ඇතුළු කෙරෙන ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතක් චීනයේ ‘කැන්-සිනෝ’ ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිපදවනු ලැබ ඇති අතර, එය බූස්ටර් හෙවත් ප්‍රවර්ධක එන්නතක් ලෙස භාවිතයට ගැනීමට චීන සෞඛ්‍ය බලධාරීහු සූදානම් වෙති.

චීන සෞඛ්‍ය බලධාරීන්, ‘කැන්-සිනෝ’ එන්නත බූස්ටර් එන්නතක් ලෙස භාවිතයට ගැනීමට සූදානම් වන්නේ, එන්නත සඳහා එරට ජාතික වෛද්‍ය පරිපාලන සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසුවය.

‘කොවිඩ් 19’ කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවුයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ, 2019 වසර අවසානයේදීය. 2020 වසර මැද වනවිට එය මුලු ලෝකය පුරාම ව්‍යාප්ත වීමට පටන් ගැණුනි. මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය හේතුවෙන් චීනයෙන් ද ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කෙරේ.

චීනය ‘කොවිඩ්’ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගන්නේ නගර සහ පළාත් පිටින් ලොක්ඩවුන් කර, ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කරමිනි. පසුගිය සැප්තැම්බර් 3 වැනිදා පමණක් චීනයෙන් වාර්තා වූ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,848 කි.

(රොයිටර්)



අදහස් (0)

අලුත් විදියේ කොරෝනා එන්නත් බූස්ටරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site