IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


අරාබි වසන්තය වියළී යයිද...?

අරාබි වසන්තය නමින් හැඳින්වෙන අරාබි ප‍්‍රදේශයේ ජනතා නැගිටීම්වල ප‍්‍රථම ජයග‍්‍රහණය වන ටියුනීසියාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට පැවැත්වූ ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල පසුගිය සතියේ ප‍්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව මන්ත‍්‍රීවරුන් 217 කින් යුත් එම මණ්ඩලයේ නිශ්චිත බහුතරයක් තරගයට ඉදිරිපත් වූ දේශපාලන පක්‍ෂ දහයකින් එකකටවත් දිනා ගැනීමට නොහැකිවුවත් ආගම්වාදී නැඹුරුවකින් යුත් එන් නහ්ඩා පක්‍ෂය ආසන 90 ක් දිනා ගනිමින් මුල්තැන හිමිකර ගත්තේය. එම පක්‍ෂයට ලැබුණු ඡන්ද ප‍්‍රතිශතය සියයට 41.47 කි. දෙවැනි තැනට පත් වූයේ මන්ත‍්‍රීධුර 30 ක් දිනාගත් ජනරජයක් සඳහා වූ කොංග‍්‍රසය නම් ආගම්වාදී නොවන පක්‍ෂයටය. කම්කරු හා නිදහස සඳහා වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංසදය නමින් හැඳින්වෙන එට්ටාකටොල් පක්‍ෂය තුන්වැනි ස්ථානයට පත් විය. අපේක්‍ෂකයින් 11,000 ක් තරග බිමට බැස සිටි මෙම ඡන්ද විමසීම වැදගත් වන්නේ දශක තුනකට ආසන්න කාලයක් බලයේ සිටි බෙන් අල් පළවා හැරීමෙන් පසු සැබෑවටම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් රකින පාලන ක‍්‍රමයක් බිහි කිරීමට පදනම් වන්නේද යන්න මතය. රැකියා විරහිත උපාධිධාරී තරුණයෙකු තමාගේ ජීවන වෘත්තිය අහිමි කිරීමෙන් බලාපොරොත්තු සුන්ව සිය දිවි නසා ගැනීමෙන් පැන නැගී ජනතා විරෝධය කලක් තිස්සේ ටියුනීසියානු ජනතාව තුළ පැසවමින් පැවැති කෝපය හා කලකිරීම මුදා හැරීමක් බවට පත් විය. සෙසු මුස්ලිම් ආගම් රටවල් හා සසඳන විට වඩාත් විවෘත, නිදහස් සමාජයක් ටියුනීසියාවේ තිබුණද, කලින් කලට ඡන්ද විමසීම් පැවැත්වුවද රටේ පාලනය මෙහෙයවූයේ රජයේ නායකයින්ගේ අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයටය. ඡන්ද විමසීම් පැවැත්වුවද ඒවා නිදහස් හෝ සාධාරණ වූයේ නැත. එන් නහ්ඩා පක්‍ෂයේ ක‍්‍රියාකාරීන්ට දේශපාලනයේ නිරත වීමට ඉඩක් නොදුන් අතර එහි නායක රචිඞ් ගන්නෝචි වසර 22 ක් සිටියේ රටින් පිටුවහල්වය. සෙසු අරාබි රටවල් සමග සසඳන විට ටියුනීසියාව සම්පත් අතින් පොහොසත් නොවූ අතර එම සීමිත සම්පත් බෙදීයෑම බෙහෙවින් අසාධාරණ විය. ජනාධිපති බෙන් අලි ගේ ඥාති මිත‍්‍රාදීන් සියලූ සම්පත් සූරා කන්නේය යන්න ජනතාව තුළ තිබූ විශ්වාසයකි. අවසානයේදී බෙන් අලි සහ ඔහුගේ පවුලේ ඥාතීන් සෞදි අරාබියට පලා ගියේ භාණ්ඩාගාරයේ තිබූ රන් ටොන් ගණනාවක්ද පැහැර ගනිමිනි. මෙවැනි ක‍්‍රමයකට එරෙහිව ජනතාව, විශේෂයෙන් තරුණයින් හා බුද්ධිමතුන් නැගී සිටියේ වඩාත් සාධාරණ සමාජ ක‍්‍රමයක් අපේක්ෂාවෙනි. ජනතා උද්ඝෝෂණය ප‍්‍රචණ්ඩ කැරැල්ලක් බවට පත්වීමට පෙර බෙන් අලි සහ ඔහුගේ සගයන් රටින් පළා ගියද, ඔහු ගොඩ නගාගත් පාලන ව්‍යුහය වෙනස් වූයේ නැත. බෙන් අලිගේ හමුදා නායකයෝ පාලන බලතල අතට ගත් නමුත් උද්ඝෝෂකයින් අපේක්‍ෂා කළ සමාජ වෙනස්වීමට ඉඩ නොදුන්හ. ඇත්තෙන්ම අන්තර්වාර පාලන සමයේදී සිදු වූයේ බෙන් අලි නොමැතිව ඔහුට බලයේ රැඳී සිටීමට ආධාරකවූ පාලන ව්‍යුහය ක‍්‍රියාත්මක වීමය. මේ නිසා වෙනසක් අපේක්‍ෂා කළ තරුණයින් හා වෙනස් සමාජ කොටස් නැවත වරක් වීදි බැසීමට හා පෙළපාලි යෑමට පටන් ගත්හ. සමහර ස්ථානවලදී හමුදාව හා පොලිසිය සමග ගැටුණහ. පෙළපාලිකරුවන් හා උද්ඝෝෂකයින් මැඩලීමට යොදාගත් ප‍්‍රචණත්වය බෙන් අලිගේ පාලන සමයේ යොදාගත් ප‍්‍රචණ්ඩත්වයෙන් වෙනස් වූයේ නැත. මෙවැනි තත්ත්වයක් යටතේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් තෝරා පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම එක් ආකාරයකින් සම්මුතියකි. උද්ඝෝෂකයින්ට අවශ්‍ය වූයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වඩා ජනතාවට සිය අදහස් උදහස් ප‍්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය සමාජ ව්‍යුහයක් ස්ථාපිත කිරීමය. එනම් ප‍්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මූලික නිදහස් තහවුරු කිරීමකි. එහෙත් ඡන්ද විමසීමෙන් ඉස්මතුවූයේ ඒ කරුණු නොවේ. ඇත්තෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අග සිට උත්සන්න වූ මහජන විරෝධයට මෙම දේශපාලන පක්‍ෂ කිසිවක් නායකත්වය දුන්නේ නැත. දැඩි නීති රීති හා තහංචිවලින් හීළෑ කරන ලද විපක්‍ෂය බෙන් අලිගේ පාලනයට ඍජු අභියෝගයක් ඉදිරිපත් කළ හැකි යැයි සිතුවේ නැත. ජයග‍්‍රහණය කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති වූ ඡන්ද විමසීම්වලට ඔවුන් ඉදිරිපත් වූයේ බෙන් අලිගේ පාලනයට කිසියම් ආකාරයක සුජාතභාවයක් ලබාදීමට පමණි. නොසිතූ ආකාරයට බෙන් අලිගේ පාලනය බිඳ වැටීමෙන් පසු එම දේශපාලන පක්‍ෂවලට කරලිය විවෘත විය. එහෙත් එම දේශපාලන පක්‍ෂ කොපමණ දුරට විරැකියාවෙන් පෙළෙන, සමාජ සාධාරණත්වය අපේක්‍ෂා කරන තරුණයන්ගේ හා සෙසු සමාජ කොටස්වලට සවන් දෙන්නේද යන්න පැහැදිලි නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමට වඩා ආගමික අන්තවාදීන්ගේ අවශ්‍යතාවලට යටත්වීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබීම සැබැවින්ම අනතුරුදායක තත්ත්වයකි. අරාබිකරයේ බොහෝ ප‍්‍රදේශවල දක්නට ලැබෙන ආකාරයට ටියුනීසියාවේද ෂාරියා නීතිය ක‍්‍රියාත්මක කිරීමටත්, ඊට පටහැනි මතවාද ප‍්‍රචණ්ඩ ලෙස යටපත් කිරීමටත් උත්සාහයක් දැකිය හැක. සමහර වාර්තාවල දැක්වෙන ආකාරයට එන් නහ්ඩා පක්‍ෂයට මෙම ආගමික අන්තවාදී කොටස්වල සහයෝගය ලැබී ඇත. ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව ප‍්‍රකාශයක් කළ එන් නහ්ඩා නායක ගන්නෝචි තමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමට බැඳී සිටින නිසා සියලූ දේශපාලන පක්‍ෂ සමග එකතුවී වැඩපිළිවෙළක් සකස් කිරීමට සූදානම් යැයි කීවේය. එහෙත් ඡුන්ද විමසීමේ ප‍්‍රතිඵල අනුව ඔහුට එසේ කි‍්‍රයාකිරීමට ඉඩ ප‍්‍රස්ථා පවතින්නේද යන්න සැක සහිතය. ඊට එක නිදසුනක් වන්නේ ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව සමහර ප‍්‍රදේශවල හටගත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියායි. ටියුනීස් නගරයේත් සෙසු ප‍්‍රාදේශීය නගරවලත් රජයේ කාර්යාලවලට මෙන්ම එන් නහ්ඩා පක්‍ෂයේ කාර්යාලවලට ද පහරදීම් සිදු වූ අතර ඊට නායකත්වය දුන්නේ බෙන් අලිට පක්‍ෂපාත කණ්ඩායම් යැයි සැලකේ. මෙම පහරදීම්, ටියුනීසියානු ජනතා නැගිටීම්වලට කේන්ද්‍රස්ථානයවන සිඩි බෞසිඞ් නගරයෙන්ම හට ගැනීම වැදගත්ය. මෙම ප‍්‍රදේශයේ නියෝජිත ධුරවලින් වැඩි කොටසක් දිනාගෙන ඇත්තේ බෙන් අලිට හිතවත් ව්‍යාපාරිකයෙකුවන අරීධා චාබියාගේ පෙත්සම් පක්‍ෂයයි. ඔවුන්ගේ මැතිවරණ දුෂණ ක‍්‍රියා නිසා එම ලැයිස්තුවෙන් හය දෙනෙකුගේ නියෝජිතධුර අවලංගු කෙරිණ. ඊට විරෝධය පළ කිරීමක් වශයෙන් තම පක්‍ෂයට හිමිවූ ආසන 19 න්ම ඉල්ලා අස්වන බව පක්‍ෂයේ ප‍්‍රකාශකයෙකුවන හච්මි හමීඞ් පවසා ඇත. මෙම පක්‍ෂය ග‍්‍රාමීය ප‍්‍රදේශවල ඡන්ද ලබාගෙන ඇත්තේ මුදල් ලබාදීම වැනි දුෂණ ක‍්‍රියාවලින් බව සමහර වාර්තාවල දැක්වේ.කෙසේ වුවත් ටියුනීසියාවේ ඡන්ද විමසීමෙන් පැහැදිලි වන්නේ තරුණයන් හා වෙනත් සමාජ කොටස් සිය උද්ඝෝෂණ හා විරෝධතා තුළින් ඒකාධිපති පාලකයා පන්නා දැමීමට සමත් වුවද නව සමාජයක් හා පාලන ව්‍යුහයක් නිර්මාණය කිරීමේදී ඔවුන්ට එම මුල පිරීම අහිමි වී ඇති බවය. ඒකාධිපති පාලකයා පළවා හැරීම් එකම අරමුණ කරගත් ඔවුන් නව සමාජ ක‍්‍රමයක් ගොඩ නැගීම ගැන නිශ්චිත අදහසක් තිබණ බවක් නොපෙනේ. සමහරවිට එවැනි අදහස් හා මතවාද තිබුණත් ඒවා නිශ්චිත දේශපාලන ඉල්ලීම් බවට පත් කිරීමට හා ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමට අවස්ථාවක් හෝ හැකියාවක් තිබුණේ නැත. ඡන්ද ව්‍යාපාරයක් පවත්වා ගැනීමට අවශ්‍ය සංවිධානය ව්‍යුහයක් හෝ මූල්‍යමය හැකියාවක් නොතිබූ ඔවුහු මෙහිදී හුදු පේ‍්‍රක්‍ෂකයින් බවට පත් වූහ. ඔවුන්ගේ අරගලයේ පල නෙලා ගත්තේ, ඊට නායකත්වයක් නොදුන් හෝ නායකත්වයක් දීමට හැකියාවක් නොවූ විපක්‍ෂ දේශපාලන පක්‍ෂ විසිනි. ඉදිරියට ඇති අභියෝගය වන්නේ විරෝධතාකරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් ජයග‍්‍රහණය තහවුරු කර ගැනීමට හැකි වන්නේද යන්නයි. එය පසුගිය ජනවාරි නැගිටීමට ආදර්ශයක් වූ ආකාරයටම සෙසු අරාබි රටවලට ද වැදගත් වනු ඇත. අන්තර්වාර පාලන රජයේ අගමැති බෙජී සෙප්සි එන් නහ්ඩා පක්ෂයට එරෙහි විරෝධතාවක් ඡන්දය ගණන් කිරීමේ අවස්ථාවක් මැතිවරණයට පෙරාතුව ආරක්ෂක අංශ සීරුවෙන්



අදහස් (0)

අරාබි වසන්තය වියළී යයිද...?

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඉන්දීය ගුවන් කලාපය වසා දැමේ
2025 මැයි මස 01 1250 0

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා ස


ඉන්දියාවේ හෝටලයක ගින්නක්
2025 අප්‍රේල් මස 30 95 0

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.


චීනයේ අවන්හලක ගින්නකින් 22 ක් මරුට
2025 අප්‍රේල් මස 30 90 0

ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.


න්‍යෂ්ටික ප්‍රහාරයකට පසුබට නැහැ
2025 අප්‍රේල් මස 30 267 0

ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට


තායි රජු - බිසව ගුවන් යානාය පියාසර කරමින් ඇවිල්ලා
2025 අප්‍රේල් මස 30 228 0

තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.


කැනඩාවේ සුළුතර රජයක්
2025 අප්‍රේල් මස 30 79 0

කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 380 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 99 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site