IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අයි.එස් සාමාජිකයකු බංග්ලාදේශ පොලිසියේ අත්අඩංගුවට

ඩකාහිදීය (ඒ.එෆ්.පී)

ත්‍රස්ත විරෝධී පොලිසිය අයි.එස්.සංවිධානයේ සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව බංග්ලාදේශ පොලිසිය අද (8) සඳහන් කළේය. 

බංග්ලාදේශ ජාතිකයකු බව කියන මෙම පුද්ගලයා සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක අයි.එස්. සංවිධානයට බැඳී සටන් පෙරමුණට ගොස් තිබෙන බව ද පොලිසිය ප්‍රකාශ කළේය. 

බංග්ලාදේශයේ අගනුවර පිහිටි කෝපි අවන්හලකට 2016 වසරේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර විදේශිකයන් 18 දෙනකු ඇතුළු 22 ක් එම ප්‍රහාරයෙන් මරුමුවට පත්වූහ.

එම ප්‍රහාරය එල්ල කරන ලද්දේ බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක අන්තවාදී සංවිධානයකි. එම සංවිධානයේ සාමාජිකයන් සොයා කරන ලද මෙහෙයුමකදී ඉහත කී පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. 

බංග්ලාදේශ මාපියන් දාව උපත ලබා තිබෙන මොටාජ් අබ්දුල් මජීද් කෆීලුදීන් බෙපාරී (33) නමැති පුද්ගලයකු එලෙස අත්අඩංගුවට පත්ව ඇත. ඔහු සෞදි අරාබියේ සිට සිරියාවට ගොස් එහිදි අයි.එස්. සංවිධානය සමඟ එක්ව තිබේ. 

ඔහු පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයට පැමිණ තිබෙන අතර අයි.එස්. සංවිධානයේ මතවාද නිසා සක්‍රීය වූ ජමයිතුල් මුජහිදීන් බංග්ලාදේශ් (ජේ.එම්.බී) නමැති දේශීය සංවිධානයක් සමඟ සබඳතා ඇති කරගෙන තිබේ. ජමයෙතුල් මුජහිදීන් බංග්ලාදේශ් (ජේ.එම්.බී) සංවිධානය 1998 වසරේදී ආරම්භ කෙරුණු නමුත් කාලයක් සමඟ එහි ක්‍රියාකාරකම් අඩුවිය. එහෙත් අයි.එස්. සංවිධානයේ නැගී සිටීමත් සමඟ එම සංවිධානය නැවත සක්‍රීය වූ අතර 2016 වසරේදී කෝපි අවන්හලට ප්‍රහාර එල්ල කළේය. 

බෙපාරී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩකා අගනුවර මුස්ලිම් පල්ලියක් අසලදීය.

බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයකි. 2016 ප්‍රහාරයෙන් පසු, බංග්ලාදේශ රජය වහා ක්‍රියාත්මක වී, රටේ ආරක්ෂාව තර කළේය. අයි.එස්. සංවිධානයට එක්වුණු සහ රටහැර ගිය ත්‍රස්තවාදීන් දැඩි ලෙස මර්දනයට ලක් කිරීම ඇරැඹිණි.

සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ එක් වුණු බංග්ලාදේශ වැසියන් ආපසු පැමිණෙද්දී, ඔවුන් අල්ලා ගැනීමටත්, පසුව ඔවුන්ට මරණ දඬුවම ලබා දීමටත් බංග්ලාදේශ රජය පියවර ගෙන ඇත. 

2016 ඩකා කෝපි අවන්හලට පහර දුන් ජමයෙතුල් මුජහදීන් බංග්ලාදේශ් ඉස්ලාමීය අන්තවාදී කල්ලිය බංග්ලාදේශ රජය විසින් තහනම් කරනු ලැබ තිබුණේ 2015 දීය. බංග්ලාදේශ රජය මැදිහත් වී එහි සාමාජිකයන් ද කඩිනමින් අත්අඩංගුවට ගත්තේය.

055

 



අදහස් (1)

අයි.එස් සාමාජිකයකු බංග්ලාදේශ පොලිසියේ අත්අඩංගුවට

imesh Thursday, 09 May 2019 04:36 PM

අයියෝ එක්කෙනයිද. මෙහෙ ඉන්නවා ඕනේ තරම්. ඇවිල්ලා කැමතිනම් අරන් යන්න. නැත්තන් ඔහෙන් මෙහෙට එව්වත් කමක් නෑ. මේ රටේ ඕන කෙනෙක්ට ඇවිල්ල ඕනේ දෙයක් කරන්න නිදහස තියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site