IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අයි. එස් .ත්‍රස්තවාදී ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි

පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි  කැසිනෝ ශාලාවක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අයි. එස් .ත්‍රස්තවාදීන්ගේ ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි. අයිඑස් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවට ප්‍රකාශ කර තිබියදීත් සිද්ධියට ත්‍රස්තවාදයේ සම්බන්ධතාවක් නැති බව බලධාරීහු කියති.

තවමත් නම් කර නැති එම සැකකරු මධ්‍යම රාත්‍රියේදී කැසිනෝ ස්ථානයට ඇතුළු වී තිබේ. බලධාරීන් පවසන්නේ මෙම සිද්ධිය කොල්ලකෑමක් සඳහා ගත් උත්සහයක් නිසා ඇතිවූවක් බවයි.

“ඔහු වෙඩි තැබුවේ උඩට මිසක් මිනිසුන්ට නෙවෙයි. ඉන් දැඩි බියක් ඇති වෙලා. තුවාල කරුවන් ද සිටිනවා. මිය ගිය අය වෙතත් ඔවුන්ගේ සිරුරේ වෙඩි උණ්ඩවලින් ඇතිවූ තුවාල නැහැ“ පිලිපීනයේ දකුණු දිස්ත්‍රික් පොලිස් අධිකාරී තෝමස් අපොලිනාරියෝ බීබීසියට පවසා තිබිණ.

කෙසේ වෙතත් පසුගිය සතියේ අයිඑස් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ කැරළි කණ්ඩායම් දකුණු පිලිපීනයේ වීදි ගැටුම්වලට සහභාගී වි තිබිණි.
පොලිසිය පැවසුවේ ඉක්මනින් ගිනි ඇවිලීමට සැකකරු එම කාමරයේ තිබූ ගෘහ භාණ්ඩවලට හා පාපිසිවලට ද පෙට්‍රල් දමා ඇති බවයි. එම ගින්න විශාල නොවුණත් ඝන දුමාරය නිසා බොහෝ පිරිසක් මිය ගොස් ඇති බව කියැවේ.

මෙම වෙඩි තැබීමකින් හා ගිනි තබාගැනීමකින් පසු 36 දෙනකුගේ මළසිරුරු හමුවී තිබේ. කැසිනෝ මේසවලට ගිනි තැබීමෙන් ඇතිවූ ඝන දුමාරය ශරීරගත වීමෙන් බොහෝ පිරිසක් මිය යන්නට ඇතැයි බලධාරීහු පවසති

මෙතෙක් කුමන ජාතිකයෙකුද යන්න සොයාගෙන නැති එම සැකකරු අද(02) උදෑසන රිසෝර්ට්ස් වර්ල්ඩ් මැනිලා හී කැසිනෝ ක්‍රීඩාගාරයට වෙඩි තැබීය. ඉන්පසු සැකකරු ද ගිනි තබාගෙන මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම සිදුවීම නිසා එම ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ඇතිව තිබේ. බලධාරීන් මුලින්ම පැවසුවේ ජීවිත හානි නොමැති බවයි. නමුත් මළසිරුරු හමුවී ඇත්තේ වෙඩික්කරුගේ මළසිරුර සොයාගැනීමෙන් පසුව එම සංකීර්ණය පරීක්ෂා කිරීමේදීය.

සැකකරු ක්‍රීඩා මේසවලට ද වෙඩි තබා ඇති අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 2.3 ක් වටිනා සූදූ චිප්ස් තොගයක් ද සොරකම් කර තිබිණි. ඉන්පසුව සැකකරු හෝටලයේ කාමරයකට ඇතුළු වී තිබේ.

“ඔහු ඇඳ මත දිගා වුණා. ඇඳ ඇතිරිල්ලක් ඇඟේ දමාගෙන පෙට්‍රල් වක්කර ගත්තා. පස්සේ ගිනි තියාගත්තා.“ ජාතික පොලිස් ප්‍රධානී රොනල්ඩ් ඩෙලා රෝසා මහතා පැවසීය. සැකකරු සොයාගැනීම සඳහා හෝටලය පුරා මෙහෙයුමක් ද ආරම්භ කර තිබිණි.
හෝටල් බලධාරීන් පැවසුවේ සැකකරු ගිනි තබාගැනීමෙන් අනතුරුව වෙඩි තබාගෙන ද ඇති බවයි. පොලිසිය එම පුද්ගලයාගේ සීසීටීවී ඡායාරූප නිකුත් කර තිබිණි.

සැකකරු ඉතා හොඳින් ඉංග්‍රීසී බසින් කතා බහ කර ඇති නිසා වෙඩික්කරු විදේශිකයකු විය හැකියැයි එරට අතැම් මාධ්‍ය හා ඇතැම් බලධාරීන් අනුමාන කර තිබිණි. මීට පෙර වාර්තා වූයේ ඔහු කොකේසියානුවෙකුට සමාන පෙනුමක් ඇති බවයි. නමුත් පොලිස් අධිකාරී ඇපොලිනාරියෝ මහතා පැවසුවේ ඔහු කුමන රටේ ජාතිකයකුද යන්න අනාවරණය වී නොමැති බවයි.

බලධාරීන් මීට පෙර එරට මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ සැකකරු මානසික කම්පනයකින් පෙළුණු අයෙකු බවයි. එම හෝටලය මෙම සිද්ධිය ‘ව්‍යාකූල මනසක් ඇත්තතකු කළ නිවට ක්‍රියාවක්‘ ලෙස හැඳින්වීය. පොලිසිය පැවසුවේ සැකකරු තනිව පැමිණි ඇති බවත් කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ නැති බවත් ය.

 එම අවස්ථාවේ එම ස්ථානයෙන් පැනගත් පිරිසක් පවසා තිබුණේ එම සංකීර්ණය දුමෙන් පිරී යන අයුරු දුටු බවයි.
 “අපේ දුව හිටියේ එහි ප්‍රභූ කොටසේ. එහි ගින්නක් දුමක් ඇති වෙලා තියෙනවා කියලා අපේ දුව දුරකථනයෙන් පැවසූවා. ඒ නිසා හුස්ම හිරවෙනවා කියලත් පැවසුවා“ එක් කාන්තාවක ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.

ගිනි ආරක්ෂණ උපකරණ නිසි ලෙස වැඩ කළ බවත් එහි නිසි වාතාශ්‍රයක් තිබූ බවත් එම හෝටලයේ ප්‍රධාන මෙහෙයුම් ස්ටෙෆන් රෙයිලී කීවේය.
සිද්ධිය නිසා 50 දෙනකු පමණ රෝහල් ගත කර ඇත.



අදහස් (0)

අයි. එස් .ත්‍රස්තවාදී ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site