IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අයි එස් ත්‍රස්තයෝ තව 21 ක් මරති

ලිබියාවේ සේවය කරමින් සිටියදී පැහැරගත් ඊජිප්තු ජාතිකයින් 21 දෙනෙකුගේ ගෙල සිඳලනු දැක්වෙන ම්ලේච්ඡ වීඩියෝවක් අයි.එස් අන්තවාදීහු අන්තර්ජාලයට එක් කළහ.

ට්විටර් වෙබ් අඩවියෙන් මතුවූ මෙම වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරාම ව්‍යාප්ත වෙමින් පවතී.

මුහුණද වැසෙන සේ සම්පූර්ණ කලූ ඇදුමින් සැරසුනු අයි.එස් අලූගෝසුවෝ තැඹිලි පැහැ ඇඳුමින් සැරසූ ඊජිප්තු ජාතිකයින් 21 දෙනකු වෙරළ තීරයක් කරා කැඳවාගෙන ගොස් එහිදී ඔවුන් එකපෙළට දණගස්වා ඔවුන්ගේ පසුපසින් සිටගෙන කුඩා සාක්කු පිහි ආධාරයෙන් සිරකරුවන්ගේ ගෙල සිඳලන අයුරු වීඩියෝවේ සටහන්ව ඇත.

තමන්ගේ ආගමික විශ්වාසයන් අනුව නොයන කවරකු හෝ ශුද්ධවු දේශය දිනාගැනීමට යන ගමනට බාධාවක් බවත් එනිසා මෙම ඊජිප්තු ජාතිකයින් පිරිස මරා දැමෙන බවත් ගෙලසිදලීම සිදුවන අතරේදී එක් අයි.එස් අන්තවාදියෙකු පවසනුද වීඩියෝවේ පටිගතව ඇත.

මෙම ඝාතනය ඊජිප්තුව පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.ඊජිප්තු ජනපති අබ්ඩෙල් ෆටාහ් අල් සිසි මෙයට පළිය ගන්නා බවටද ප‍්‍රසිද්ධියේ ශපථ කළේය.

බි‍්‍රතාන්‍යයද ප‍්‍රකාශයක් නිකුත් කරමින් අයි.එස් අන්තවාදීන් ඔවුන්ගේ මේ ම්ලේච්ඡ හැසිරීම් වලින් ලෝකයා බිය වේයැයි සිතනවානම් එය වැරදීමක් බවත් ඇත්තටම සිදුවන්නේ අන්තවාදීන් මර්දනය කිරීමට ලෝකයේ සාමයට හිතැති ජනතාව වඩවඩාත් ශක්තිමත්ව එකිනෙකා සමග අත්වැල් බැඳගැනීම බවත් පවසා තිබේ.

ලිබියාවේ ඊජිප්තු ජාතිකයින් ලක්ෂ ගණනක් සේවය කරන අතර ඔවුන් බොහෝ දෙනා ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සම්බන්ධ රැකියාවන්හි නිතරව සිටින බව සඳහන්ය.

නේටෝ සංවිධානයේ සහය ලැබූ කැරැල්ලකින් පසු ලිබියාවේ ආඥාදායක කර්නල් මුවමර් අල් ගඩාපි බලයෙන් පහ කර දැමුවද සියලූදෙනා බලාපොරොත්තුවූ යහපත් අනාගතය තවමත් ලිබියාව වෙත ලැබී නැත.

දැන් එහි රජ කරන්නේ නොයෙකුත් අවි ගත් කණ්ඩායම් වන අතර එම කණ්ඩායම් වල ප‍්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ලිබියාවේ සේවය කරන විදේශිකයින් පැහැරගෙන ගොස් ඔවුන් නිදහස් කිරීමට කප්පම් ඉල්ලීමය.

අයි.එස් අන්තවාදීහු දැන් ලිබියාවටද අත පොවා තිබෙන බව මේ සිදුවීමෙන් පෙනී යයි.

25AE1D3A00000578-2953742-image-a-3_1423937769491 25B68F8A00000578-2954746-Horror_A_new_video_has_been_released_by_ISIS_allegedly_showing_t-m-21_1424030863648



අදහස් (0)

අයි එස් ත්‍රස්තයෝ තව 21 ක් මරති

ෆෙරෝස් කාසිම් Monday, 16 February 2015 02:38 PM

ඉස්ලාම් ධර්මයේ කොහෙවත් සඳහන්ව නොමැතිය අහිංසකයන්ගේ බෙලිකපා ධර්මය රකින්නට. මොවුන් වෙස්ගත්ත ත්‍රස්තවදීන්ය......... එපා මෙවන් ත්‍රස්ක්තවදීන් බිහිවෙන්නට අපේ උදාර මව්රටේ.......(අ)

:       0       0

සම්පත් Monday, 16 February 2015 03:57 PM

ජිනීවා වල ඉන්න කට්ටියට මේ අපරාධ පෙනෙන්නේ නැද්ද? නැත්නම් බයට අහක බලාගෙන ඉන්නවද? ලංකාවට තමයි දන්න සද්ද ඔක්කොම දාන්නේ. කොහෙදිත් දුබලයට තමයි පහරදෙන්නේ. (නි)

:       0       0

කසුන් Monday, 16 February 2015 04:36 PM

ෆෙරෝස් කාසිම්, ඔයාගේ පැතුම නම් වටිනවා.ඔය විදියටම හිතලා දැනට අපේ රටේ අන්තවාදය පතුරවන අය ගැන තීරණයක් ගත්තා නම් නේද හොඳ? (නි)

:       0       0

මලිති Monday, 16 February 2015 11:06 PM

කසීම්, ඔබගේ අදහසට ස්තූතියි (නි)

:       0       0

නඩරාජා Tuesday, 17 February 2015 01:00 AM

බෑන්කි මූන්ලා මෙන්න මේවා ගැන සොයාබලා යමක් කරනවා නම් හොඳයි. නමුත් අපේ පොඩි රටවල නම් කුණු අවුස්සන්න හරි කැමතියි (නි)

:       0       0

යොමාල් Tuesday, 17 February 2015 01:26 AM

අනේ දෙවියනේ! මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

ධම්ම Monday, 16 February 2015 10:11 AM

ලෝක සාමය කියා ආයුධ නිෂ්පාදනය ප්‍රධාන අදායම් මාර්ගය කරගත් බලගතු රටවලට තව තවත් දේවල් වලට මුහුණ දෙන්න සිදුවේවි අනාගතයේ.(දිල්)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 11:06 AM

එස් අයි ත්‍රස්ත සර්පයන්ට සිරියවේදී කිරි පෙව්ව අයම ලෝක යහ පාලනය ගැන කතා කරන එක නේ පුදුමේ (නදී)

:       0       0

උපුල් Tuesday, 17 February 2015 04:06 AM

ෆෙරෝස් කාසිම්,එහෙම වෙන්නේ කොහොමද ? (නදී)

:       0       0

සුදේශ් Tuesday, 17 February 2015 04:58 AM

අහිංසකයන් ටිකක් මරල ලොකු දෙයක් කරා වගේ. (නදී)

:       0       0

සමන් Monday, 16 February 2015 12:25 PM

සාමයේ ආගම පතුරුවන්නේ මෙහෙම තමා!(නදි)

:       0       0

විපුල Monday, 16 February 2015 12:26 PM

කෝ මේ ඉශ්‍රායලට කෑ ගහපු අය? (අ)

:       0       0

සොපියා Monday, 16 February 2015 12:36 PM

ලෝක සාමයට ලොකු ලොකු සංවිධාන තියෙනවා ඒ විතරක්ද බැන්කි මුන් වගේ ලොක්කෝ ඉන්නවා. කෝ සද්ද නැහැනේ. අපේ යුද අපරාද හොයන්න බොරුවට සද්දේ දානවා. අයි.එස් කාරයන්ට බය ඇති. පව් (නදි)

:       0       0

බටු ගෙදර Monday, 16 February 2015 12:55 PM

මොනවා කරන්නද ? අනේ දැන් අනුන්ට බැනල වැඩක් නැහැ සමන් අපි හැදෙමු (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site