IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


අයිස්ලන්තයට ඉහළින් පියාසැරිය තහනම්

අයිස්ලන්තයට ඉහළින් පියාසර කිරීමේ දී සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා කාර්යාංශය සියළුම ගුවන් සේවා වෙත රතු නිවේදන නිකුත්කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එයට හේතුවී ඇත්තේ බාර්ඩර්බන්ගා ගිනිකන්ද සක්‍රිය වීමයි. දැන් එහි පිපිරීම් හටගෙන ඇත.

භූ විද්‍යාඥයන් පවසන්නේ ගිනිකන්දේ විවරයේ පිපිරීම කිලෝ මීටරයක් පමණ දුරට පැතිරී තිබෙන බවයි. පසුගිය දින කිහිපයේ මෙහි භූ කම්පන කිහිපයක් ම සිදුව ඇත.

අඩි 5000ක් උසට ගුවන් සීමාව තහනම් කැර තිබේ. ආරක්ෂිත දුරක සිටින විද්‍යාඥයන් මෙහි සිදුවන පිපිරීම් ගණනය කරමින් සිටියි. සාමාන්‍ය ගිනිකන්දකින් පිටවන අළු තවමත් දක්නට නැතත් සුදු පැහැති දුම විශාල වශයෙන් කන්දෙන් පිටවෙමින් තිබේ.

කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනය කරන්නේ මෙහි සිදුවෙමින් පවතින්නේ ලාවා පිපිරීමක් බවයි. එවිට වායුගෝලයට අළු පිටනොවනු ඇත. එසේ වුව ද ගුවන් ගමන්වලදී වඩාත් සැළකිලිමත් විය යුතුයැයි එම කාර්යාංශය පවසයි.



අදහස් (0)

අයිස්ලන්තයට ඉහළින් පියාසැරිය තහනම්

නාලක Friday, 29 August 2014 07:35 PM

දැන් අවදානමක් නෑ. එය අක්‍රිය වී ඇත. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 385 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site