අයිවරි කෝස්ට් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය අමාඩෝ ගොන් කුලිබාලි මහතා මියගොස් ඇතැයි එරට ජනාධිපති ඇලසේ න් ඔටාරා මහතා පවසයි.
අමාඩෝ මහතා මියයන විට 61 වන වියේ පසුවිය.
ඔහු ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා පාලක පක්ෂයේ අපේක්ෂකයා ද විය.
2012 වර්ෂයේදී අමාඩෝ මහතාට හෘද සැත්කමක් සිදුකර ඇති අතර වෛද්‍ය පරීක්ෂණ සඳහා ප්‍රංශයට ගොස් පැමිණීමෙන් දින හයකට පසු අභාවය සිදුවී තිබේ.
අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට පෙර අමාඩෝ මහතා ජනාධිපති ලේකම් ධූරයේ වසර 5ක් කටයුතු කර ඇති අතර කෘෂිකර්ම ඇමැති ලෙස ද කටයුතු කර තිබේ.
අමාඩෝ මහතාගේ අභාවයෙන් පසු පාලක පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීම සඳහා තියුණු තරගයක් ඇතිවීමට ඉඩ තිබෙන බව විචාරකයෝ පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයිවරි කෝස්ට් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා මියයයි