IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අයිපල් කුළුණේ පියගැට පෙළක් වෙන්දේසියේ විකිණේ

අයිපල් කුළුණේ යකඩ පඩිපෙලේ කොටසක් පසුගිය සතියේ පැරීසියේදි ප‍්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණුවේය. 

දෙවන හා තෙවන මහළ  අතර පිය ගැට පෙළට අයත් පියගැට පෙළ 25 කින්  සමන්විත මීටර් 4.3 දිගය.

මෙම කොටස වසර 1889 දී ආරම්භක ඉදිකිරීම් වලට අයත් වසර 129ක් පැරණි වටිනා කෞතුක සිහිවටනයකි. 

පැරීසියේ පිහිටි ප‍්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන ‘ආර්ට් කූරියල් හී‘ වෙන්දේසියේදි යුරෝ 1, 69000 කට (රුපියල් තුන් කෝටි තිස්අට ලක්ෂයක් පමණ) මැද පෙරදිග ඵෙතිහාසික භාණ්ඩ එකතු කරන ධනවතෙකු විසින් මිලදී ගන්නා ලදී.

 ප‍්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටා ඇති අයිෆල් කුළුන පුදුම හතේ දැවැන්තයෙකි.

මෙම කුළුණ  ප‍්‍රංශයේ හදවත ලෙස ප‍්‍රංශ ජනතාව විසින් සලකනු ලබයි. යකඩ ටොන් 7300ක් භාවිතයට ගෙන මීටර් 324ක් උස යකඩ කුළුණ  සිටුවා ඇති සතර පාදයන් අතර ඇති ආරුක්කු හැඩති උළුවස්ස මෙම නිර්මාණය බිහිවූ 1889දී ප‍්‍රංශයේ අගනුවර පැරීසියේ පැවැති ලෝක කාර්මික ප‍්‍රදර්ශන භූමියට ඇතුලූවන දොරටුව වුයේය. 

ප‍්‍රංශ ජාතික ඇලෙක්සන්ඩර් ගුස්ටව් අයිෆල් නම් රසායනික හා සිවිල් ඉංජිනේරුවාගේ විස්මිත නිර්මාණයක්වූ මෙම දැවැන්ත සුන්දර යකඩ කුළුණ දිනපතා නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ඇත්තේය. ආදරවන්තයන්ට සංකේතයක්වූ මෙම කුලූන පරිශ‍්‍රය ආදරවන්තයන්ගේ තෝතැන්නකි. 

යකඩ කුළුණේ පියගැට පෙළ තරණය කරන ආදරවන්තයන්ට,ඒ  අසළින් ගලා බැස යන ශේන් නදියෙන් හමා එන සිසිල් සුළං රැලි ඔවුනගේ විඩාව සංසිදුවයි. 

1983 වසරේ අයිෆල් කුළුණේ සිදුකල නඩත්තු හා අළුත් වැඩියා ව්‍යාපෘති සිදුකෙරුණු අවස්ථාවක අයිපල් කුළුණ  මුදුනට ගමන් කිරීමට විදුලි සෝපානයක් සවි කළේය.


 එහිදී දෙවන හා තෙවන මහළ  අතර ඇති පියගැට පෙලේ කොටසක් සැලසුමට හානියක් නොවන ලෙසට ඉවත් කිරීමට සිදු වුයේය. එහිදී දිග මීටර් 2 ත් 9 ත් අතර කොටස් 24ක් කපා ඉවත් කල අතර වර්තමානයේ අයිපල් කුළුන මුදුනට සෝපානය ගමන් කරන්නේ එසේ කපා ඉවත් කල කොටසේ කුහරය තුළය. 

මෙසේ ඉවත් කළ කොටස් කිහිපයක් ලෝකයේ විවිධ රටවල ධනවතුන් මිලදී ගෙන ඇති අතර සමහරක් මහජන ප‍්‍රදර්ශනය සඳහා තබා ඇත්තේය. ඒ අතර ජපානයේ යමන්සහායි හී යොයිෂි උද්භිද උද්‍යානය, නිව්යොර්ක් නුවර නිදහස් ස්මාරකය අසළ, හා ඇමෙරිකාවේ ඩිස්නිලන්තය එයින් සමහරක් ප‍්‍රසිද්ධ ස්ථානයන්ය.  

අද ලෝකයේ වැඩිම නරඹන්නන් පැමිණෙ ඓතිහාසික ස්ථාන අතරින් අයිපල් කුළුණ පෙරමුණේ සිටී. 

වසර 2017දී ලක්ෂ 70ක් නරඹන්නෝ පැමිණ ඇති බව ප‍්‍රංශ සංචාරක ආයතන දත්තයන් සඳහන් කරන්නේය. 

විවිධ අයුරින් හැඩ වැඩවී වසර මුළුල්ලේ මහජනයාට විවෘතව ඇති මෙම කුලුන  පසුගියදා ප‍්‍රංශයේ හා පැරීසියේ පැවැති කහ ජැකට් විරෝධය හේතුවෙන් එක් දිනක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු වූයේය.


(සුනිල් ආනන්ද පැරීසියේ සිට)



අදහස් (0)

අයිපල් කුළුණේ පියගැට පෙළක් වෙන්දේසියේ විකිණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site