IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අයිඑස් මඩින්න කුර්දීන් පෙරමුණේ

උතුරු ඉරාකයේ කිර්කුක් හි කුර්දි සටන්කාමීන්ගේ කදවුරකට බෝම්බ පිරවූ මෝටර් රථයකින් කඩාවැදී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අයිඑස් සටන්කාමියෙකුට සිදුවූයේ කුර්දි සටන්කාමීන් මග අටවා තිබූ බෝම්බයකට හසුව මෝටර් රථයත් සමග ගුවන්ගත වීමටය.

පොළවේ වළලා තිබුණු බෝම්බයට හසුවූ මෝටර් රථය අඩි සියයක් පමණ ඉහළට විසිවූ අතර එය නැවත පොළව බලා පැමිණෙමින් තිබියදී එහි සවිකර තිබූ බෝම්බ කි‍්‍රයාත්මක වීමෙන්දෝ පුපුරා මහා ගිනිජාලවක් බවට පත්ව විනාශ විය.

මෙම සිදුවීම කුර්දි කදවුරේ සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබිණ.

අයිඑස් සටන්කාමීන් මේ දිනවල එල්ල කරන ප‍්‍රහාරයන් අසාර්ථක වෙමින් යන රැල්ලක් පෙනෙන්නට තිබෙන අතර අන්තර්ජාලයට එක්කර ඇති වීඩියෝවන් බොහෝමයක ඔවුන් දෝශ සහිත අවි භාවිතා කිරීමට ගොස් වැඩ වරද්දාගන්නා අයුරු සටහන්ව තිබේ.

සිරියාවට අනතුරුව අයිඑස් ත‍්‍රස්තයින්ගෙන් වඩාත්ම බැට කමින් සිටින්නේ ඉරාකයයි.කෙසේනමුත් ඉරාක බළධාරීන්ට අනුව ඉරාක ආරක්ෂක අංශ අයිඑස් ත‍්‍රස්තයින්ව ක‍්‍රමයෙන් මර්දනය කරමින් සිටී.

සටන් සදහා තමන්ට විදෙස් රටවල සහය තවදුරටත් අවැසි බව ඔවුන් කියයි.

දැනට භූමියේ සටන් වැද සිටින්නේ ඉරාක හා කුර්දි ආරක්ෂක අංශ පමණක් වන අතර ඇමරිකාව,බි‍්‍රතාන්‍යය හා ප‍්‍රංශය වැනි රටවල් අයිඑස් අන්තවාදීන් මර්දනය කිරීම සදහා ගුවන්ප‍්‍රහාර වලින් දායක වේ.

ඇමරිකා ජනපති බැරක් ඔබාමා ඉරාකයට අනුයුක්ත කර තිබෙන ඇමරිකා සොල්දාදුවන් ප‍්‍රමාණයද ගණනින් වැඩිකිරීමට පියවර ගෙන තිබේ.

278D5E3C00000578-3038067-im 278D191D00000578-3038067-im 278D192200000578-3038067-im



අදහස් (0)

අයිඑස් මඩින්න කුර්දීන් පෙරමුණේ

දුමින්ද Wednesday, 15 April 2015 05:22 AM

වෙනසකට පෙර සිදුවුණා මෙවැනි දේ මෙරටත් (නි)

:       0       0

අනුර Wednesday, 15 April 2015 05:38 AM

කවදාද මේ ගැටුම් නවතින්නේ? (නි)

:       0       0

වික්‍රමරත්න Thursday, 16 April 2015 07:23 PM

අපේ රටෙත් ආයෙත් මේ වගේ තත්වයක් ඇති වෙන්න පසුබිම දැන් හදාගෙන යන්නේ. ඉක්මන් වෙනසක් නොඋනොත් ඉදිරිය භයානක වේවි. (ස)

:       0       0

සොපී Wednesday, 15 April 2015 12:41 PM

අනුන්ට කළදේ තමුන්ට පලදේ කියන්නේ කට කහනවට නෙමෙයිනේ ...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site