IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අයිඑස් නායකයා මරුට

සිරියාවේ රකා නගරයට රුසියානු ගුවන් හමුදා එල්ල කරන ලද ප්‍රහාරයකින් අයි.එස්.අයි.එස් නායක අබු බකාර් අල් බැග්ඩෑඩි මියගොස් ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද (16) නිවේදනය කළේය. 

අයි.එස් සංවිධානයේ නායකයා මියගොස් ඇත්තේ මැයි 28 වැනි දා රුසියානු ගුවන් හමුදා එල්ල කරන ලද ප්‍රහාරයකින් යැයි ද එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ. 

මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු තහවුරු කරගනිමින් සිටින බව ද එම අමාත්‍යාංශය සඳහන් කර ඇතැයි රුසියානු පුවත් සේවා වාර්තා කර තිබිණි. 

 

රොයිටර් 055



අදහස් (17)

අයිඑස් නායකයා මරුට

thusitha Friday, 16 June 2017 08:42 AM

දැන් අර 7 දෙනා හම්බ වෙයිද?

:       428       462

HASITHA Friday, 16 June 2017 08:58 AM

මේක නම් අපේ අයට ශෝක දිනයක් වෙයි.

:       302       432

mohamedGM Friday, 16 June 2017 09:20 AM

ඇමෙරිකාව රුසියාවත් එක්ක ඔච්චර තරහ ගන්නේ ඔයවගේ දේවල් කරන නිසා නේ. සී.අයි.ඒ. එක ත්‍රස්තවාදීන් ඇතිකරලා ත්‍රස්තවාදය නැතිකරනවා කියලා අහිංසක මිනිස්සුන්ව මරනවා. රුසියාව ගිහිල්ලා ත්‍රස්තවාදියෝ මරනවා.

:       418       710

INDIKAFriday, 16 June 2017 10:53 AM

සහතික ඇත්ත.... ඇමරිකාවට ඕනේ ත්‍රස්තවාදය පවත්වා ගෙනයන්න. එතකොට තමයි ඒගොල්ලන්ට ආයුධ විකුණලා අදායම ගන්න පුළුවන්. කටාර් රට බයකරලා ඉවරවෙලා යුධ ගුවන් යානා විකුණනවා. එ්ක තමයි ඇමරිකාවේ ක්‍රම වේදය...

:       665       670

mohamad arzan Friday, 16 June 2017 11:26 AM

සතුටුදායක පුවතක්. අහිංසක මිනිසුන් මරණ සියලු දෙනා ත්‍රස්තවාදින්ය.

:       0       94

Duminda Friday, 16 June 2017 11:29 AM

මේ අයට රහසින් හරි උදව් කරන අය ලංකාවෙත් ඉන්නවා... සහජීවනය කෙසේවෙතත් ඒවා ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ...

:       217       249

LalFriday, 16 June 2017 04:12 PM

සහජීවනයට හානීවෙන දේවල් ප්‍රකාශ කිරිම හොඳ නැහැ. පලවෙනි, දෙවැනි පුරවැසියන්ගේ උදහසට ලක්වෙන්නද හදන්නේ.....

:       3       63

Lal Friday, 16 June 2017 12:55 PM

මුන්දෑ මේ මොහොතේ දිව්‍ය කන්‍යයාවන් පිරිවරාගෙන ඉන්නවා ඇති නේද?

:       1       303

Venura Friday, 16 June 2017 01:55 PM

මේ වගේ අය දැන් කීපාරක් මැරුණද ?

:       0       24

tony-maharagama Friday, 16 June 2017 02:13 PM

අයි.සි.ස් එක කවදාවත් ඇමරිකාවට සහ ඊශ්රාලයට තර්ජනයක් වුනෙත් නැහැ වෙන්නෙත් නැහැ. ඒ අය හදා වඩා පෝෂණය කරන්නෙත් ලෝකේ ලොකුම ත්‍රස්තවාදීන් දෙපොල වන ඔවුන් නිසාමයි. ඒ අස්සේ ළිං මඩියොත් මෙතන "බක බක " ගානවා. ඔය ජාතිවාදී කණ්ණාඩිය ගලවලා ඇත්තටම ලෝකේ මොනාද වෙන්නේ කියල බලන්න සුළුවට හෝ බුද්ධියක් අවශ්‍යයි.

:       733       352

kumar (galf)Friday, 16 June 2017 04:05 PM

ටෝනි,...ඔයා දන්නේ නැති දේ කතානොකර ඉන්න.

:       4       114

MohamedGMSaturday, 17 June 2017 07:55 AM

ඔබතුමා දන්න දේ මොනවාද කියල දැනගන්න අපි කැමතියි.

:       116       86

chamindaMonday, 19 June 2017 04:15 AM

ටෝනි මහත්තයෝ... වැදගත් දෙයක් ලියන්න බැරිනම් නොලියා හිටියා නම් ඉවරයිනේ....

:       0       2

minipe Friday, 16 June 2017 03:22 PM

අයි. සී. එස්. කියන්නේ, ඒගොල්ලන්ගේ ආගම ඒගොල්ලන් අදහන හා විශ්වාස කරන විදියට ලොව සැවොම අනුගමය කල යුතු බවයි. අයි. සී. එස්. වලට පමණක් දොස් කියන්න එපා. සෞදි අරාබිය, ඉරානය කරන්නෙත් ඕකමයි. බොර තෙල් නිසා ඔය රටවලට දොස් පවරන අය අඩුයි. අමතක කරන්න එපා සෞදි අරාබියේ තවමත් ප්‍රසිද්ධියේ මිනිසුන්ගේ හිස ගසා දමනවා. කාන්තාවන්ට සිරුර වසාගෙන මිස ගෙදරින් එළියටවත් බහින්න බෑ...

:       131       110

MohamedGMSaturday, 17 June 2017 07:54 AM

මහත්තයෝ, ඉස්ලාම් ධර්මය වැළඳ ගන්න කියල කිසිවෙකුටත් බල කරන්න ඉස්ලාමය ඉඩ දෙන්නේ නැ. එක ඉස්ලාමිකයන් හැමදාම කියවන කුරානයේ සඳහන් කරලා තියන දෙයක්. නබිතුමාගේ කාලයේත් සුළුතරයක් වුනු අන්‍ය ආගමිකයන්ට නිදහසේ තමන්ගේ ධර්මය පිළිපැදීමට අවශ්‍ය සියලුදේ ඔහුන්ට ලබාදීල තියනවා. නිකන් ඉන්න ජනතාව අල්ලන් ඇවිත් හිසගසා දමන්නේ නැ, අනිත් රටවල මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා වගේ එයාල එක කරනවා. එකට නීති මාලාවක් තියනවා. කරුණාකරලා ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න. යමෙක් සංවරව ඇදුමක් අන්දලා එලියට යන එක වැරදි ද? ඔබතුමා ලංකාවේද?

:       511       152

මංජුලMonday, 26 June 2017 03:54 PM

මොහොමඩ් එතකොට අරාබියේ වෙන ආගමක් ඇදහීම සීමා කරලා තියෙන්නේ ඒ නිසාද? සංවර් ඇඳුම කෙසේ වෙතත් මුළු මුහුණම වහගෙන ඔයාව මහ ගිනි දවල් මහ පාරෙ යැව්වොත් ඔයාට කොච්චර සනීපයක් දැනෙයිද? ඇයි තමන්ට දැනෙන වේදනාව ඒ අහංසක ගැණුන්ට දැනෙන්නේ නෑ වගේ ඉන්නේ.අනික ගැණු සෙල්ලම් බඩුද? ඔයා තව ගැණු කෙනෙක්ගේ එක් ස්වාමි පුරුෂයෙක් විතරක් වෙලා ඔයාගේ වයිෆ්ට තව මිනිස්සු 3ක් හිටියොත් ඔයාට මොකද හිතෙන්නේ?ඇයි ඒ අහිංසක ගැණුන්ව ඔච්චර හිංසනයට ලක් කරන්නේ. ඇයි සැහෙන්න වයසක පිරිමින්ට අහිංසක පොඩි දරුවන්ව කසාද බන්දලා දෙන්නේ? ලමයි හදන්නයි විතරද? කෝ ගැණුන්ට නිසි තැන? ඇයි මේච්චර කෘර වෙන්නේ? ඔයාලගේ ආගමේ මොන ගැණියෙක්වත් කැමති නෑ ඔය ඇඳුමට.හැබැයි ඕකට විරුද්ධව කතා කලොත් මරන නිසා කට පියාන ඉන්නවා.ඔන්න ඒකයි ඇත්ත. ඕක ලිංගික සහ ගෘහස්ත හිංසනය සහෝ.

:       0       1

graham Sunday, 18 June 2017 09:25 AM

මොහොමඩ් ප්‍රතිචාර කරන්න ඉස්සෙල්ල කියවලා එන්නකෝ. එ්කේ පැහැදිලිව කියලා තියනවා හොඳින් බැරිනම් නරකින් හරි අන්‍ය ආගමිකයන් හරවන්න කියලා. මුස්ලිම් රටවල් වලත් එ්ක තමයි වෙන්නේ. පාකිස්තාන් වල ක්‍රිස්තියානි අයට බලහත්කාරකම් කරනවා. පල්ලි ගිනිතියනවා. මිනිස්සු මරනවා. ඇස් දෙකම ඇරලා බලන්න හොඳට ලෝකේ දිහා වෙන්නේ මොකක්ද කියලා. එකේ තියෙන ඒවා තමයි අයි.සී.එස්. අය කරන්නෙත්.....

:       1       204

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site