IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අයිඑස් ත්‍රස්ත නරිවාදම් බේරේ

ඕස්ටි‍්‍රයා තරුණියෝ දෙදෙනෙක් අන්තවාදීන්ගේ කුරිරුකම් හමුවේ නැවත සියරට පැමිණීමට බැගෑපත් වෙමින් සිටිති. දෙදෙනාම ගැබ්ගෙන සිටිති.

සම්රා කෙසිනොවික් (17) හා ඇයගේ මිතුරිය සබී‍්‍රනා සෙලිමොවික් (15) රහසේම ඔස්ටි‍්‍රයාවෙන් පළා ගියේ පසුගිය අපේ‍්‍රල් මාසයේදීය. තමන් අයිඑස් අන්තවාදීන් හා එක්වීමට යන්නේයැයි කියමින් තමන් ගැන නොසොයන්නැයිද ඔවුන් දෙදෙන එක්ව ලියා තිබූ ලිපියක් පසුව සොයාගැනිණි.

පොලිසිය හා රහස් පරීක්ෂකයින් එක්ව සිදුකළ පරීක්ෂණ වලින් තරුණියන් දෙදෙනා අයිඑස් මූලස්ථානය ලෙස සැළකෙන රකා නුවර බලා ගොස් ඇතැයි අනාවරණය විය.

මුල් සමයේදී ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම්,ට්විටර් ගිණුම් ආදියේ දැක්වුනේ අන්තවාදීන් හා ගතකරන ජීවිතය ඉතාම සැපවත් බව ඇඟවෙන කරුණුය.අන්තවාදීන් හා සම්බන්ධවීම මේ තරුණියන් දෙදෙනා මහත් භාග්‍යයක් සේ සළකන බව ඒවායින් පෙනුනි.

නමුත් ඒ සියල්ල මුලාවක් බව පෙනී ගොස් තිබෙන්නේ පසුගිය දිනෙක නොසිතූ පරිදි මේ තරුණියන් දෙදෙනා ඔවුන්ගේ දෙමව්පියන් හා සම්බන්ධවීමත් සමගය.තමන් සිරියාවේ අපාදුක් විදිමින් සිටින්නේයැයිද නැවත ගෙදර පැමිණීමට වුවමනායැයිද කියමින් ඔවුන් හඩාවැටී ඇතැයි සදහන්ය.

පොලිසිය පවසන්නේ අයිඑස් අන්තවාදීන් තරුණියන් දෙදෙනාගේ ෆේස්බුක් හා වෙනත් සමාජ වෙබ් අඩවි වල පාලනය ඔවුන් අතට ගෙන ඇති සෙයක් පෙනෙන්නට ඇති බවයි.නිවසින් පළා යෑමෙන් පසු එම ගිණුම් යාවත්කාල කර ඇත්තේ ඔවුන් නොව අන්තවාදීන් බව පොලිසියේ අදහසයි.

තරුණියන්ගේ රූපය මගින් තවත් බටහිරයන් රවටා සංවිධානයට බදවා ගැනීම ඔවුන්ගේ සැළැස්මවී ඇතැයි සැළකේ. වැරදි වටහාගත්තද දැන් පමා වැඩිය. ‘‘ගියොත් ගියාමයි‘‘ යන මතයේ සිටින ඔස්ටි‍්‍රයා බළධාරීන් පවසන්නේ තරුණියන්ට රකා නගරයෙන් පිටවීමට අන්තවාදීන් ඉඩදෙනු ඇතැයි තමන් නොසිතන බවයි.අනෙක් අතට ඔවුන්ගේ තොරතුරු ලෝකය පුරා හුවමාරුවී තිබියදී,තවත් පුද්ගලයින් ඔවුන්ගේ ආදර්ශය ගෙන අන්තවාදීන් හා සම්බන්ධවී ඇති තොරතුරු ලැබී තිබියදී ඔවුන්ව සියරට කැදවා ගැනීම ගැටළු සහගත බව ඔවුන් පවසයි.

මේ තරුණියන් දෙදෙනා ආදර්ශයට ගෙන නිවසින් පළා යෑමට තැත් කළ ඔස්ටි‍්‍රයා ජාතික නව යොවුන් තරුණියන් දෙදෙනෙකු මව්පියන්ගේ අතටම හසුවුනේ මෑතකදීය.

සිරියාවේ සිටින තම දරුවන් දෙදෙන හා නැවත සම්බන්ධවීමට ඔවුන්ගේ දෙමව්පියන් මේ දිනවල උත්සාහ කරමින් සිටී. බොහෝ දෙනාගේ අදහස වන්නේ මේ තරුණියන් දෙදෙනාගේ වරද වචන ටිකකට,ඡායාරූපයකට රැවටී මිනිස් කමට නිගා දෙන අන්තවාදී කි‍්‍රයාකාරකම් වල නියැලීමට යන්නවුන්ට පාඩමක් කර ගත යුතුව ඇති බවයි.

‘‘හොඳ පාඩමක්‘‘ කියන්නවුන්ට අමතරව අන්තවාදීන් මෙන් කටයුතු නොකර ශිෂ්ටසම්පන්න මිනිසුන් ලෙස තරුණියන් දෙදෙනට සමාව දී ඔවුන්ව නැවත සියරට කැදවා ගැනීමට බළධාරීන් උත්සාහ කළ යුතුයැයි පවසන පිරිසක්ද සිටී.

article-2788605-221AA67800000578-952_306x545 article-2788605-221AA70500000578-307_306x545 article-2788605-221AA82500000578-22_634x422



අදහස් (0)

අයිඑස් ත්‍රස්ත නරිවාදම් බේරේ

සුරංග Sunday, 12 October 2014 12:03 PM

සුභ පැතුම්ග(හේ)

:       0       0

පිටිගල Monday, 13 October 2014 03:29 AM

මේ අය වීරයින් කියා කියන කොටසකුත් ඉන්නවා නේද? (නි)

:       0       0

රන්ජන් Monday, 13 October 2014 11:18 AM

ඔවුන් ගෙන්වාගැනීමත් වැරදි පූර්වාදර්ශයක් නොවේද? (නි)

:       0       0

නුවන්` Sunday, 12 October 2014 02:31 PM

සාමයේ,ආගමේ තවත් ගොදුරු දෙකක්.(හේ)

:       0       0

අශෝක Monday, 13 October 2014 01:10 PM

දැන් තේරෙනවා ඇති නේද? (නි)

:       0       0

සමීර Sunday, 12 October 2014 07:25 AM

පින්තුරු දෙක එකෙට එක ගැලපීමක් නැහැ ?යුද්ධයකදී කව්ද අනේ සුරසැප දෙන්නේ ? (හේ)

:       0       0

සුධර්ශන් Sunday, 12 October 2014 07:43 AM

මේ තමයි 'අර' අයියල' කියන සාමයේ දර්මයේ ඇත්ත. ගියොත් ගියාමයි (නදී)

:       0       0

සේන Sunday, 12 October 2014 08:11 AM

අපේ රටේ ළමා කොටි පුනරුත්ථාපනය කළා වගේ මේ අයත් පුනරුත්ථාපනය කළ යුතුයි.(හේ)

:       0       0

කසුන් ධර්මවංශ Sunday, 12 October 2014 07:44 PM

සාමයේ දෙව්දුවගේ ආගමේ තවත් එක සොදුරු ත්‍යාගයක්.... මේ නංගිලා දෙන්න දිහා බලලවත් අපේ රටේ අය හැදෙනවානම් කොච්චර හොදද....(අ)

:       0       0

සරත් Monday, 13 October 2014 08:06 AM

මේවගේම තමා ලංකාවේ ත්‍රස්තවාදීන් කලෙත් , අයි එස් ත්‍රස්තයන්ට වඩා ලෝකෙම තිබුන භයානක ත්‍රස්තයන් අපේ රටේ සිටියේ , මුළු ලොවම කිවේ රට දෙකට බෙදීම හැර විසදුමක් නැහැ කියලා , එහෙත් අපේ වාසනාවට සිංහල හමුදාව රට බෙර ගත්තා.(හේ)

:       0       0

චමින්ද Sunday, 12 October 2014 10:43 AM

දැන් නම් දෙන්නව හප කරලා ඇති. (නදී)

:       0       0

ජානක Sunday, 12 October 2014 10:51 AM

අනේ එයාලට " කැමති කෙනෙක්" ලඟට යන්ට දෙන්ටකෝ. දෙනාටමත් සල්ලම් වෙලානේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site