IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අයිඑස් ත්‍රස්තයෝ පල්ලම් බසිති

මාස  පහක් තිස්සේ අයිඑස් අන්තවාදීන්ගේ ග‍්‍රහණයේ තිබූ ඉරාකයේ බායිජි තෙල් පිරිපහදු සංකීර්ණයේ බලය අත්පත් කර ගැනීමට ඉරාක හමුදාවෝ පසුගියදා සමත්වූහ.

අයිඑස් අන්තවාදීන් තෙල් නිධි අතර ඉරාක හමුදා සැරිසරනු දැක්වෙන වීඩියෝවක්ද ඒ සමගය ප‍්‍රචාරය කර හැරීමට ඉරාක බළධාරීහු කටයුතු කළ අතර එහි අදහස් දක්වා තිබෙන ආරක්ෂක නායකයින් පවසන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව ඉරාකයෙන් අයිඑස් අන්තවාදීන් තුරන් කිරීමේ සටන මෙහි සිට ඇරඹෙන බවයි.

පසුගිය මාස 5 පුරාවටම ඉරාක මෙන්ම ෂියා සටන් කණ්ඩායම් වලට අයත් සාමාජිකයෝ බායිජි තෙල් පිරිපහදු සංකීර්ණයේ සැගව සිට අයිඑස් අන්තවාදීන්ට ප‍්‍රහාර එල්ල කළෝය.පසුගියදා ඉරාක හමුදා සම්පූර්ණ මෙහෙයුමක් දියත් කරන තෙක් බායිජි තෙල් සංකීර්ණයේ අයිඑස් අන්තවාදීන්ට මර බිය දැනවූවෝ ඔවුන්ය.කුසට අහරක් හෝ නොමැතිව ඔවුන් කළ සටන ඉරාක මාධ්‍යකරුවෝ මහත් ඉහළින් වර්ණනා කරමින් සිටිති.

බායිජි අතහැර පළාගිය අයිඑස් ත‍්‍රස්තයෝ කිලෝමිීටර ගණනක් දුරින් පිහිටි ගම්මානයක බලය අත්පත් කරගෙන ඇතැයි සදහන්ය.

බායිජි තෙල් පිරිපහදුව ඉරාකයේ විශාලම තෙල් පිරිපහදු සංකීර්ණය වන අතර දිනකට තෙල් බැරල් 75000 පිරිපහදු කිරීමේ හැකියාවක් ඊට ඇත.අයිඑස් අන්තවාදීන්ගේ ග‍්‍රහණයට හසුවූදා පටන් එහි කටයුතු පැවතියේ අඩපණවය.

මේ අවස්ථාවේදී ඉරාක හමුදා ජයග‍්‍රහණය කළද විචාරකයින් පවසන්නේ ජයපැන් බීමට තමවත් කාලය පැමිණ නැති බවයි.ඉරාකයේ ප‍්‍රදේශ බොහෝමයක් පවතින්නේ අයිඑස්

ග‍්‍රහණයේ බව පෙන්වා දෙන ඔවුන් උපක‍්‍රමශීලී ලෙස එම ප‍්‍රදේශ මුදා ගතයුතුවීමේ වැදගත්කම පෙන්වා දේ.

එනමුත් ඉරාක හමුදා,ෂියා සටන් කණ්ඩායම් හා බටහිර රටවල ප‍්‍රහාරයන් හමුවේ අයිඑස් අන්තවාදීන් තරමක පසුබැසීමකට ලක්ව ඇති බව සත්‍යයකි.ප‍්‍රහාර පිට එල්ල වන ප‍්‍රහාර හමුවේ ඔවුන් වෙනදා මෙන් එළිපිට හමුවීම් යොදාගන්නේ නැති බවත් සියලූ සැළසුම් කටයුතු කරන්නේ රහසේ බවත්,පෙර මෙන් මහා මාර්ගයන්හි මෝටර් රථ ධාවනය කරමින් සිතෙන සිතෙන පුද්ගලයින්ට වෙඩි තබමින් උමතුවෙන් මෙන් හැසිරෙන්නේ නැති බවත් සටන් බිමේ ආරංචි මාර්ග කියයි.

මෙසේ රහසේ හමුවීමට සිදුව ඇති නිසාවෙන් අත්පත් කරගෙන ඇති ප‍්‍රදේශ අතර සන්නිවේදනය පවත්වාගැනීමට ඔවුන්ට අපහසුව ඇතැයිද සඳහන්ය.මෙය වාසියට යොදාගෙන ඔවුන් නොසිතන අවස්ථාවක ක්ෂණික ප‍්‍රහාරයක් එල්ල කර මහත් හානියක් සිදුකිරීමේ හැකියාව ඉරාකය ඇතුලූ බටහිර ආරක්ෂක අංශ වලට තිබෙන බව ආරක්ෂක විශේෂඥයෝ පෙන්වා දෙති.

මේ අතර අයිඑස් අන්තවාදීන් සුන්නි මුස්ලිම්වරුන් නිසා සුන්නි සිවිල් වැසියන්ටත් ඉරාක ආරක්ෂක අංශ වල ගැහැට විදීමට සිදුව ඇති බවටද චෝදනා නැගේ.නමුත් අයිඑස් ආගමනයට පෙර ෂියා,කුර්දි හා වෙනත් වර්ගයන්ට අයත් මුස්ලිම්වරුන් හා ඉතා සහයෝගයෙන් ජීවත්වූ සුන්නි මුස්ලිම්වරුන් අයිඑස් අන්තවාදීන් ඉරාකය ආක‍්‍රමණය කිරීම ආරම්භ කළ පසු එක්වනම පැති මාරු කර තමන් හා සහයෝගයෙන් සිටි අසල්වාසීන්ගේ දේපළ කොල්ලකෑ අයුරු පෙන්වීමට ඇති තරම් උදාහරණ තිබෙන බව ඉරාක ආරක්ෂක නායකයෝ මෙන්ම ෂියා හා කුර්දි මුස්ලිම්වරු කියා සිටී.

සුන්නි මුස්ලිම්වරුන් ඔවුන් වැපිරූ දෙය දැන් කපාගනිමින් සිටිනවාය යන්න ඉරාක ආරක්ෂක අංශ ඇතුලූ ෂියා මුස්ලිම්වරුන්ගේ අදහසවී තිබේ.

Iraq-Baiji-Oil-Refinery-in-Better-Times pg-23-baiji-1-getty pg-23-baiji-1-reuters

 



අදහස් (0)

අයිඑස් ත්‍රස්තයෝ පල්ලම් බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site