‘‘අප ජීවත් වන්නේ රටවල් දෙකක’’ යැයි ජනාධිපති ට්‍රම්ප්ට සහාය පළ කරන ප්‍රචණ්ඩකාරී පිරිසක් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකාවෙන් බිහි වූ විශිෂ්ටතම පැසිපන්දු ක්‍රීඩකයකු වන ලෙබ්‍රෝන් ජේම්ස් පැවැසීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට සහාය පළ කරන පිරිසක් පෙරේදා (6) පස්වරුවේ කොංග්‍රසය පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණාහ.
තමා එම සිදුවීම් පෙළ රූපවාහිනියෙන් නැරැඹු බවත් එතැන පිරිස කලහකාරී පිරිසෙන් වැඩි දෙනා කළු ජාතිකයන් වූයේ නම් කුමක් වන්නේදැයි තමන් කල්පනා කළ බවත් ලෙබ්‍රෝන් ජේම්ස් කීය.
‘‘අපි ජීවත් වන්නේ රටවල් දෙකක (වී ලිව් ඉන් ටූ ඇමෙරිකාස්)’’ යැයි සැන් ඇන්ටෝනියෝ ස්පර්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් පසු වොෂින්ටනයේ සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෙබ්‍රෝන් ජේම්ස් කීවේය.
ලෙබ්‍රෝන් ජේම්ස් ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි.
‘‘අපි හොඳ උදාහරණයක් ඊයේ දැක්කා. ඔබට එය තේරෙන්නේ නැතිනම් ඔබ එය දැක්කේ නැතිනම් ඔබ අඩියක් පස්සට ගන්න ඕනෑ. එතැන ‘‘යම්’’, ‘‘හෝ’’, ‘‘සහ’’ හෝ ‘‘නමුත්’’ කියා දෙයක් නැහැ. මං වගේ මිනිස්සු කැපිටල් ගොඩනැගිල්ල ළඟට හරි ගියා නම් මොකක් වේවිද කියලා ඔබ හොඳින්ම දන්නවා. ඔවුන් නිකමට හරි කාර්යාල හෝ රැස්වීම් ශාලා හෝ වෙත ගියා නම් මොකක් වේවිද’’ යනුවෙන් ඔහු විමසීය.
ඝාතනය කෙරුණු කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ ඇමෙරිකාව තුළ ඇති වූ වාර්ගික අසමානාත්මතාව මුල් කරගනිමින් ජේම්ස් දැඩි ලෙස ජනාධිපති ට්‍රම්ප් විවේචනය කළේය.
(රොයිටර් ඇසුරිනි)
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අපි ජීවත් වන්නේ රටවල් දෙකක - ලෙබ්‍රෝන් ජේම්ස්