
අප්‍රිකා රටවල ‘එම්පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන්, හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේය. ඒ, ‘එම්පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ ව්‍යාප්තිය, ගෝලීය මහජන සෞඛ්‍යයට තර්ජනයක් වීමට ඉඩ ඇතැයි බිය පළ කරමිණි.
අප්‍රිකා රටවල, මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘එම්පොක්ස්’ වයිරසයේ නව ප්‍රභේදයකි. මෙම ප්‍රභේදය බිහිසුණු බව පැවැසෙයි. නව ප්‍රභේදය රටවල් 13 කට පැතිරී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම රටවල් අතරින් වඳුරු උණ ව්‍යාප්තිය දරුණුවට සිදුවන්නේ කොංගෝ ජනරජයේය.
‘එම්පොක්ස්’ නව ප්‍රභේදය හමුවී ඇත්තේ බුරුන්ඩි රාජ්‍යය, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව යන අප්‍රිකා රටවලිනි. මේ වනවිට මෙම නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ 450 දෙනකු පමණ මියගොස් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘අප්‍රිකා රටවල ව්‍යාප්ත වන ‘එම්පොක්ස්’ නව ප්‍රභේදය ගැන අප කනස්සල්ල පළ කරනවා. එය ගෝලීය අවධානමක් ඇති කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස්, සිය එක්ස් ගිණුම ඔස්සේ පවසා ඇත.
‘වඳුරු උණ’ වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1958 වසරේ දී අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලිනි. ‘වඳුරු උණ’ යනුවෙන් එය හැඳින්වෙන්නේ ද ඒ නිසාය. වඳුරන් පමණක් නොව, මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි. ‘වඳුරු උණ’ පැපොල (චිකන් පොක්ස්) වලට සමානය.
‘වඳුරු උණ’වලින් ආරක්ෂා වීමට ලබා දෙන්නේ පැපොල වයිරසයෙන් ආරක්ෂාවීමට ලබා දෙන වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නතකි. එම එන්නත් මේ වනවිට අප්‍රිකා රටවලට ලැබෙමින් පවතින අතර, එන්නත්කරණ කටයුද ආරම්භ වී ඇත. ‘වඳුරු උණ’ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණ සහ සමේ බිබිලි මතුවීමය.
‘වඳුරු උණ’ බරපතල රෝගයක් නොවන අතර රෝගය ඉක්මනින් සුවවීම හෝ සංකූලතා ඇති වීම හෝ සිදුවන්නේ, සිරුරේ ප්‍රතිශක්තිය අනුවය. ‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තිය බහුලව සිදුවන්නේ සමලිංගික පිරිමින් අතරේ යැයිද තහවුරු වී තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අප්‍රිකාවේ වඳුරු උණ වයිරස ව්‍යාප්තිය දරුණුයි