IMG-LOGO

අප්‍රිකානු සංගමය සහ ෂැංහයි සහයෝගීතා සංවිධානය ත්‍රස්තවාදයට එරෙහිව ගිවිසුමක් අත්සන් කරයි

ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමේ අරමුණින් අප්‍රිකානු සංගමය සහ ෂැංහයි සහයෝගීතා සංවිධානය අතර සහයෝගීතා ගිවිසුමක් ඊයේ (11)  අත්සන් කර ඇත. 

වසර දෙකක සාකච්ඡාවකින් පසු මෙම ගිවිසුම අත්සන් කර තිබේ.
 
අප්‍රිකානු සංගමයේ, ත්‍රස්තවාදය පිළිබඳ අධ්‍යයන සහ පර්යේෂණ සඳහා වන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලැරී ග්බෙල්වෝ ලාටේ මහතා සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ කලාපීය ප්‍රතිත්‍රස්තවාදී අංශයේ ප්‍රධානී යෙව්ගෙනී සර්ගෙයෙවිච් සිසෝයෙව් මහතා දෙපාර්ශවය නියෝජනය කරමින් ගිවිසුමට අත්සන් තැබූහ.
 
ෂැංහයි සහයෝගීතා සංවිධානය 2001 වසරේදී චීනයේ ෂැංහයි නුවරදී පිහිටවූ අතර චීනය, රුසියාව, ඉන්දියාව, කිර්ගිස්තානය, කසකස්තානය, ටජිකිස්ථානය, උස්බෙකිස්ථානය හා පකිස්ථානය  යන රටවල් 8 හි සහයෝගයෙන් ක්‍රියාත්මක වන සංවිධානයකි. 
 
අප්‍රිකානු සංගමය 2004 වර්ෂයේ දී ඇල්ජීරියාවේ ඇල්ජීරිස් නගරයේ දී පිහිටවූ අප්‍රිකානු රටවල සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක වන සංවිධානයකි.
 
ගිවිසුම හරහා අප්‍රිකාව හා ආසියාව යන රටවල් දෙක තස්ත්‍රවාදය සම්බන්ධ අත්දැකීම් බෙදාහදා ගැනීම, තොරතුරු හුවමාරු කර ගැනීම, ප්‍රායෝගික පියවරයන් ක්‍රියාත්මක ආදිය පිළිබඳ සහයෝගයෙන් කටයුතු කරන බව ලැරී ග්බෙල්වෝ ලාටේ මහතා ප්‍රකාශ කළේය.
 
(63226 ) 



අදහස් (0)

අප්‍රිකානු සංගමය සහ ෂැංහයි සහයෝගීතා සංවිධානය ත්‍රස්තවාදයට එරෙහිව ගිවිසුමක් අත්සන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1758 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 573 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 666 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site