පෙර දැනුම් දීමකින් හෝ අවසර ගැනීමකින් තොරව, ආයුධ සහ ඞීසල් බැරල් තොගයක් සමඟ තම මුහුදු සීමාවට ඇතුළු වීමේ වරදට, ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඇමෙරිකන් සමාගමකට අයත් නැවේ කපිතාන් සහ කාර්ය මණ්ඩලය පෙරේදා (19) තමිල්නාඩු අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණි.
‘එම් ඇස් සීමන් ගාඞ් ඔහියෝ’ නමැති එම නෞකාව, අපි‍්‍රකාවට අයත් සියෙරා ලියොන් රාජ්‍යයේ ලියාපදිංචි නැවක් වුවත් එය ඇමෙරිකානු සමාගමකට අයත් එකකි.
නැව සහ එහි කාර්ය මණ්ඩලයේ 35 දෙනා, ඉකුත් 16 වැනිදා පාන්දර ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට ගැණින. ඒ, එය චෙන්නායි සිට කිලෝ මීටර් 600 ක් දකුණු දෙසින් ටුටිකොරින් වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදේදීය.
නැව සෝදිසි කළ අවස්ථායේදී එහි තිබී ස්වංකී‍්‍රය ගිනි අවි 31 ක් සහ ජීව උණ්ඩ පෙට්ටි 5,000 ක් සොයා ගැනීමට හැකි වුණු බව වෙරළාරක්ෂක නිලධාරීහු පැවැසූහ.
|
පොලිස් අත්අඩංගුවේ පසුවන නැවේ කාර්ය මණ්ඩලය අධිකරණයට යොමු කෙරුණු අවස්ථාව |
2025 දෙසැම්බර් මස 18
539
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනවසරයෙන් ඉන්දියාවට ආ ආයුධ නැවේ කාර්ය මණ්ඩලය අධිකරණය හමුවට
අජිත් Monday, 21 October 2013 12:32 PM
රොෂාන්, ඕක කොටින්ට කියන්න. පුල්ලි කොටි තාම ඉන්නවා. (ස)
සම්පත් Monday, 21 October 2013 12:46 PM
ඔය වගේ හොරෙන් ඇවිල්ලා තමයි කොටින්ට ආයුධ දුන්නේ. දැන් නැවතත් ළගදී පණගහලා ආ කොටි කට්ටියකට දෙන්නද දන්නේ නැහැ ගෙනාවේ?වහාම ලංකාවේ හමුදාවත් ඔය ගැන සොයා බැලිය යුතුයි. (නි)
ජින් පප්පා Monday, 21 October 2013 08:03 PM
මොකද රොෂාන් මල්ලි කොටි කොටි කියනකොට තරහා යන්නේ? අපි සිංහල කොල්ලෝ (නි)
සම්පත් Monday, 21 October 2013 02:44 PM
රොෂාන්, ගිණි පෙනෙල්ලෙන් බැට කාපුවාම කණාමැදිරි එළියක් ගැන වුණත් පොඩ්ඩක් හොයන එකේ වරදක් නැහැනේ. අවුරුදු 30 ක් වුණ දේවල් වලින් පාඩම් ඉගෙන ගත්තා නම් ඔය වගේ දෙයක් සැකකරන එකේ කිසිම වරදක් නැහැ. හැබැයි ඔයාලා වගේ අය නම් කවදාවත් පාඩම් ඉගෙනගන්නේ නැහැ (නි)
චන්ද්‍රා වීරසිංහ Monday, 21 October 2013 08:01 AM
ලංකාවේ කොටින්ට හිමින්ම දෙන්න ආවද දන්නේ නැහැ.(නදී)
රොෂාන් Monday, 21 October 2013 09:59 AM
හැම එකටම කොටි කොටි. මේක හරිම විකාරයක් නේ. ඔය වචනේ නවතින්නේ නැත්ද? (ස)
මහරි Monday, 21 October 2013 04:57 PM
රොෂාන්, කොටි ගෙරවිලි නැවතුනදාට අපි " කොටි කොටි " මන්තරේ ජප කිරීම නවත්වලා දැන්නම්. (ස)
නිශාර්ඩ් Monday, 21 October 2013 05:12 PM
වෙනම රාජ්‍යයක් ඉල්ලාගෙන සටන් කරන ත්‍රස්තවාදීන්ටද දන්නෙ නැහැ ආයුධ ගෙනාවේ? (නි)
සිරියලතා Monday, 21 October 2013 05:23 PM
උතුරෙන්වත් ඉල්ලුවද දන්නේ නැහැ ආයුධ ටිකක් (නි)