IMG-LOGO

අන්තර්ජාලයෙන් ලිංගික අපයෝජන කළාට 40 වසරක සිර දඩුවම්

අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපචාරවල නියැලීම සම්බන්ධයෙන් වරදකරු වූ දකුණු කොරියාවේ පුද්ගලයෙකුට එරට අධිකරණයෙන් වසර 40 ක සිර දඬුවමක් නියම කර තිබේ.

චෝ ජූ-බින් නමැති මෙම පුද්ගලයා අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපචාරවල නියැලුණු එරට ප්‍රධාන පෙළේ වැරදිකරුවෙකි.

25 හැවිරිදි මොහු උපාධිදාරියෙකු ද වේ.

මෙම පුද්ගලයා ගැහුණු ළමුන් බියගන්වා ඔවුන්ගේ ලිංගික දර්ශන සහිත වීඩියෝ ලබාගෙන ඒවා චැට් රූම්වල නැරඹීමට ලබාදී මුදල් අය කර ඇති බව අනාවරණය වී තිබේ.

ගැහැණු ළමුන් 74 දෙනෙකුගේ පමණ ලිංගික වීඩියෝ දර්ශන මෙම තැනැත්තා විසින් ලබාගෙන ඇති අතර ඒ අතර බාලවයස්කාර ගැහුණු ළමුන් 16 දෙනෙකුද සිටින බව වාර්තා වේ.

ඒ අනුව ලිංගික අපයෝජනවලින් ළමුන් ආරක්ෂා කිරීම පිළිබඳ නීතිය මෙම පුද්ගලයා විසින් උල්ලංඝනය කර තිබේ.

මීට අමතරව මෙවැනි වැරදි සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 124 දෙනෙකු හා වැට් රූම් මෙහෙයවූ 18 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 

ටෙලිග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය මෙම අපයෝජන සඳහා භාවිත කර තිබේ. 

-226-
(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

අන්තර්ජාලයෙන් ලිංගික අපයෝජන කළාට 40 වසරක සිර දඩුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site