IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අතුරුදන්වූ යානය හමුවෙයි

පුද්ගලයින් 54 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන්වූ ඉන්දුනීසියා ගුවන්යානය අනතුරකට මුහුණපා විනාශවී ඇති බව එරට ප‍්‍රවාහන බළධරයින් සනාථ කර තිබේ.

යානයේ සුන්බුන් මේ වන විටදී සොයාගැනීමටද හැකිව ඇතැයි සඳහන්ය.සුන්බුන් හමුව ඇති බව පැවසෙන්නේ ඉන්දුනීසියාවේ බින්ග්ටැන්ග් දිස්ති‍්‍රක්කයේ ඔක්බාපේ නම් ප‍්‍රදේශයකිනි.මෙම ප‍්‍රදේශය කඳුගැට වලින් ගහණය.

යානය අතුරුදන්වූහාම පළවූ මාධ්‍ය වාර්තා කිහිපයකම ඔක්බාපේ ප‍්‍රදේශයේ වැසියන් ගුවන්යානයක් ඉතා පහළින් පියාසර කරනු දුටු බව පැවසීයැයි සඳහන් කර තිබුණි.

යානය අනතුරට පත්වන අවස්ථාවේ එම ප‍්‍රදේශයේ තිබී ඇත්තේ අධික වැසි හා තද සුළං සහිත ඉතාම අයහපත් කාලගුණ තත්ත්වයකි.

මෙම යානය කෙටි ගුවන්ගමන් සදහා යොදවා තිබුණකි.අනතුරට ලක්නොවුනේ නම් තවත් විනාඩි 9 කදී එය ගොඩබැස්වීමට නියමිතව තිබුණු බව ඉන්දුනීසියා බළධරයින් පවසයි.

කාලගුණ තත්ත්වය යහපත්වූ වහා යානයේ ඉතිරි කොටස් හා ගමන් කළවුන් සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ඔවුන් කියයි.

 



අදහස් (0)

අතුරුදන්වූ යානය හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 499 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site