අඩි 35,000ක් ඉහළින් පියාසර කරමින් තිබූ බොයිං 787 වර්ගයේ ගුවන් යානයක වා කවුළු වීදුරුවක් කඩා දැමූ පුද්ගලයකු අගෝස්තු 11 වැනි දින අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
අයිස්ලන්තයේ සිට ෆ්ලොරිඩා දක්වා ගමන් කරමින් තිබූ තොම්සන් එයාර්වේස් ගුවන් සමාගමට අයත් යානයක කවුළුවක ඇති වීදුරුවක් කඩා දැමූ නිකොලස් විටාකර් (43) නමැති පුද්ගලයා මෙලෙස අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.
යානය අයර්ලන්තයට ඉහළින් ගමන් කරමින් සිටිය දී මගියකු විසින් ගුවන් යානයේ වීදුරුවක් බිඳ දැමූ බව ගුවන්විදුලි පණිවිඩයක් මගින් මැන්චෙස්ටර් ගුවන්තොටුපොළ පොලීසියට දන්වා ඇත.
ගුවන් තාක්ෂණ නිලධාරීන් පවසන්නේ ඔහු බිඳ දමා ඇත්තේ වීදුරු දෙකකින් යුත් ගුවන් යානා කවුළුවේ ඇතුළත වීදුරුව පමණක් බවයි. ඒ හේතුවෙන් කිසිවකුට හානියක් සිදු නොවූ බවත් අනෙක් වීදුරුවත් කැඩී ගියේනම් යානයේ ඇතුලත පීඩනය ක්ෂණිකව වෙනස්වීම හේතුවෙන් යානය කඩාවැටීමට ඉඩ තිබූ බවත් තාක්ෂණ නිලධාරින් පවසයි.
2025 නොවැම්බර් මස 04
374
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1643
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අඩි 35,000ක් ඉහළ දී යානයේ වීදුරුවක් කඩයි
සමන්ති Saturday, 02 August 2014 12:57 AM
මිනිහත් පොඩිකාලේ ඉඳලා සිහිනෙන් ඇවිදින කෙනෙක්ද දන්නේ නැහැ. තාත්තාගෙන් අහලා බලන්න ඕනෑ (නි)
සුරංග Saturday, 02 August 2014 03:38 AM
අහනකොටත් බය හිතෙනවා (දී)
බන්දුල පෙරේරා Saturday, 02 August 2014 05:13 AM
සමන්ති හැමදේටම හින්ට් පාස් කරන්ඩ ලැස්ති වෙන්න එපා. අද හෙට කෑම වලට ගහන බදු ඉවත් කරපුවහම ආහාරවල මිල සියයට 50% කින් විතර බහීවි.මන්දපෝෂණය දැන් 30% කියන එක සියයට 10% ටත් වඩා අඩු වේවි.ඊට පස්සේ ඔය ඔක්කොගෙම කටවල් වැහේවී (දී)
කළුපෙරුම Sunday, 03 August 2014 05:09 AM
අනේ බන්දුල මහත්තයා, අර එළුවගෙ අහවල් එක වැටනකම් බලන් ඉන්න හිවල වගේ ඔයත් බලන් ඉන්න, අඩු කොරයි (නදී)
රංජිත් Saturday, 02 August 2014 05:23 AM
මේ වගේ අය ලංකාවේ නම් ඉන්නවා රජයේ මාද්දය ප්‍රකාශක ගෙන් අහල බලන්න එයා හොදට දන්නවා මේ වගේ අවස්ථාකදී හැසිරෙන ආකාරය (නදී)
නුවන් Saturday, 02 August 2014 05:29 AM
එ්ක හැබැව කිතුලට ගිය කෙනාටත් කියන්න දෙයක් තිබුන වගේ මෙයත් අරයා වගේ බබා පාර්ට් දාවිද දන්නේ නැහැ (නදී)
ෂෙරිෆ් Saturday, 02 August 2014 12:47 PM
මේ දවස්වල එංගලන්තේ ඉන්නේ. (නදී)
චමින්ද Friday, 01 August 2014 08:14 PM
නින්දෙන් ඇවිදන් ගිහින්, කැඩුවද කවුද දන්නේ....? (දී)
කවිඳු Saturday, 02 August 2014 07:02 AM
මේක ගණන් ගන්න දෙයක් නෙවෙයි . හීනෙන් ඇවිදින ගමන් ගෙදර වැසිකිලියේ කවුළුව කියලා ඇරලා තියෙන්නේ. (දී)