අජටාකාශ ඇඳුම් හිඟවීම හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත සිදුකිරීමට සැලසුම් කළ ප්‍රථම කාන්තා ද්විත්ව මෙහෙයුම නවතා දැමීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි.
පසුගිය සිකුරාදා දිනයේ ක්‍රිස්ටිනා කෝච් සහ ඈන් මැක්ලේන් යන නියමුවරියන් වියලි කෝෂ කිහිපයක් සවිකිරීම සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටතට යෑමට නියමිතව තිබිණි.
නමුත් දෙදෙනාටම අවශ්‍ය මධ්‍යම ප්‍රමාණයේ අජටාකාශ ඇඳුම් තිබුණේ එකක් පමණක් හෙයින් මැක්ලේන්ට පිටතට යෑමට නොහැකි වී ඇති අතර නික් හැගේ නම් සහායකයෙකු සමඟ උපදේශකවරයා පමණක් මධ්‍යස්ථානයෙන් පිටතට ගිය බව නාසා සඳහන් කරයි.
මෙම එකම ඇඳුම ඔවුන් හුවමාරු කරගෙන පාවිච්චි කර ඇති බව සඳහන් වේ.
මධ්‍යම හා විශාල යන ප්‍රමාණ දෙකේම අජටාකාශ ඇඳුම් පැළඳගෙන මැක්ලේන් පුහුණු වී ඇති නමුත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටතට ගිය ප්‍රථම ගමනින් පසු ඇයට ගැළපෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ ඇඳුම බවට තීරණය කෙරිණි.
අප්‍රේල් මස අටවෙනිදා සිදුකිරීමට නියමිත ඇගේ ඊළඟ ගමන ද සහායකයෙකු සමඟ යෑමට සිදුවී ඇති බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හූස්ටන් අභ්‍යවකාශ පාලක මධ්‍යස්ථානයේ බ්‍රැන්ඩි ඩීන් මෙසේ පවසයි.
" විවිධ ප්‍රමාණ වල අජඨාකාශ ඇඳුම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සපයා තිබෙනවා. නමුත් මධ්‍යස්ථානයේ පවතින ශුන්‍ය ගුරුත්වය යටතේ පුද්ගලයන්ගේ ශරීර ප්‍රමාණය වෙනස් වෙනවා. එයට ගැළපෙන ලෙස කඩිනමින් ඇඳුම් සකස් කිරීමට නොහැකි වීම මෙයට හේතු වුණා."
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් පසු මෙතෙක් කාන්තාවන් දෙදෙනෙකු පමණක් පිටතට ගොස් මෙහෙයුම් කටයුතු සිදුකර නොමැත.
(විදෙස් මාධ්‍ය ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අජටාකාශ ඇඳුම් හිඟවීමෙන් ප්‍රථම කාන්තා ද්විත්ව මෙහෙයුමට තිත