IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අඟහරු හාරා පස් ගනී

අඟහරු පෘෂ්ඨය සිදුරුකළ ඡායාරූප කිහිපයක් කියුරියෝසිටි රොබෝ රෝවරය අඟහරුමත සිට පෘථිවියට එවා ඇත. රොබෝ රෝවරය තම ශක්තිමත් අඬු උපයෝගී කරගනිමින් අඟහරු සිදුරුකර මෙලෙස නිදර්ශක ලබාගෙන ඇත. අඟහරු පෘෂ්ඨයේ පරම්ප් හිල්ස් නමැති ස්ථානයකින් මෙලෙස පස් ලබාගෙන ඇත. එය සමතලා අව පැහැ ප්‍රදේශයකි.

මේ පස් සාම්පල රෝවරයේ පර්යේෂණාගාරයට ගෙන ගොස් පර්යේෂණ කිරීමට නියමිතය. දැනට රෝවරය රැඳී සිටින මවුන්ට් ශාර්ප් ප්‍රදේශයේ කුඩා කඳුගැටයක් නැගීමට ද නියමිතය.

පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ අඟහරු පෘෂ්ඨයේ ගල් පර්වතවල හා භූමියේ රසායනික දත්ත මෙන්ම අඟහරුගේ පාරිසරික ඉතිහාසය පිළිබඳ වැදගත් සාක්ෂි සොයාගත හැකිවනු ඇති බවයි.

මීට වසර කෝටි ගණනකට පෙර ගංඟා හා ජලාශ ලෙස තිබූ ප්‍රදේශවල ද කියුරියෝසිටි යානයේ රෝබවන් ස්ථාපිත කැර තිබේ.

විද්‍යාඥයන් පවසන්නේ එකළ තිබූ පරිසරික තත්ත්වයන් යටතේ ක්ෂුද්‍රජීවින් අඟහරු මත සිටින්නට ඇති බවයි.

පොළොව විද ලබාගත් මේ පස් කොටස්වල ද සිලිකා වැඩි ප්‍රතිශතයක් තිබෙන්නට හැකිබව පර්යේෂකයෝ විශ්වාස කරයි. මේ කියුරියෝසිටි යානය අඟහරු මත ගතකරන දෙවන අවුරුද්දයි. එහි පර්යේෂණ කටයුතු දැන් වඩාත් වැදගත් සංධිෂ්ඨානයකට පැමිණ ඇතැයි විද්‍යාඥයෝ කියති.

අඟහරු ග්‍රහයා තෙත් තත්ත්වයේ සිට අද පවතින වියළි තත්ත්වයට පත්වූයේ කෙසේ ද යන්න විද්‍යාඥයන්ට විසඳා ගැනීමට තිබෙන ප්‍රබල ගැටළුකි.

_77811518_77811517a _77827150_77827149 _77831226_77831225



අදහස් (0)

අඟහරු හාරා පස් ගනී

සත්‍යපාල Saturday, 04 October 2014 10:50 PM

හොඳ වෙලාවට අඟහරු ලෝකේ කිසිම සතෙක් නැත්තේ.හිටියා නම් මේ ගොල්ලෝ එතනත් දෙගොල්ලක් කොටවලා පරම්පරා ගණනක් ගැළවෙන්න බැරි යුද්ධයක් නිර්මාණය කරනවා. (නි)

:       0       0

භක්ති Friday, 03 October 2014 07:32 PM

ඇත්තෙන්ම මේ ඡායාරූප දකිනවිට මිනිසුන් කොතරම් දියුණුද කියලා හිතෙනවා.පොළවේ සිට අඟහරුගේ තිබෙන රෝබෝවක් මෙහෙයවන්න තරම් දියුණුවෙලා තිබෙනවා. වෙනත් ලෝකයක තිබෙන තොරතුරු පොළවේ සිට සොයනවා.සතුටු හිතෙනවා.ඉදිරියට මොනවගේ දේවල් කරාවිද.බලමු ..... (නි)

:       0       0

රොකී Monday, 06 October 2014 02:27 PM

ඉර හඳ උලා කෑ අයියලාත් අපේ රටේ ඉන්න එකේ අඟහරු හාරන එක මොන කජ්ජක්ද? (නි)

:       0       0

රූපවතී Friday, 03 October 2014 04:46 AM

මේවා දකිනවිට බියකුත් ඇතිවෙනවා.අනාගතයේ අපිටත් මෙහෙම වේවිදෝ කියලා (නි)

:       0       0

ලක්ෂමන් Friday, 03 October 2014 01:28 PM

ඉන්දියාව හඳට යනකම්ම හිටියනේ නාසා කාරයෝ මේ පින්තූර ටික දාන්න. (නදී)

:       0       0

ටානියා Monday, 06 October 2014 12:42 AM

අද ලෝකය,තාක්ෂණය හරි දියුණුයි (නි)

:       0       0

බමුණු Friday, 03 October 2014 05:47 AM

මේවා මෙහෙම වුණාට හඳට ගිය එකත් බොරු කියන ඇමෙරිකානුවෝ ඉන්නවා. (අ)

:       0       0

අම්පාරේ දිමුතා Friday, 03 October 2014 02:52 PM

මේකත් තවත් උප්පර වැට්ටියක්ද (අ)

:       0       0

ෂර්මි Monday, 06 October 2014 04:18 AM

මිනිසා සමාදානයෙන් ජීවත් වෙන්න ඉගෙනගත් දාට තමයි මම මිනිසුන් දියුණුයි කියන්නේ (නදී)

:       0       0

අප්පුහාමි Monday, 06 October 2014 04:35 AM

ඇමරිකන් කාරයෝ තම රටේ ඉඳගෙන අඟහරු ලොවේ රොබෝලා මෙහෙයවනවා වගේම ලංකාවේ ඉන්න රෝබෝලත් මෙහෙයවනවා.(නදී)

:       0       0

රොකී Sunday, 05 October 2014 12:46 PM

සත්‍යපාල උන්නැහේ මොනවා දැනගනද ඔහොම කියන්නේ? රාවණාගේ කාලේ යුද්ධ කරන්න මිනිස්සු අඟහරු ලෝකෙනුත් ගෙන්නුවා කියල අපේ පණ්ඩිතයෙක් සොයාගන තියන බව දන්නේ නැද්ද? අඟහරු ලෝකේ පොඩ්ඩක් කැනීම් කරලා බැලුවොත් අපේ ආදී හෙළයන්ගේ අවශේෂ , ලංකාවෙන් එහෙ ගිය අහස් යන්තරවල පරණ කොටස් එහෙම හම්බවෙන්න පුළුවනි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site