IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අගමැති පුටින්ට එරෙහි විරෝධතා රුසියාව පුරා

රුසියාවේ පැවැත්වුණු මහ මැතිවරණය දුෂිත බව පවසමින් සහ අගමැති ව්ලැඩිමීර් පුටින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් පෙරේදා (10) මොස්කව් නුවර ඇතුළු රුසියාවේ නගර රැසක දැවැන්ත විරෝධතා පෙළපාළි පැවැත්විණි. විපක්ෂ කණ්ඩායම් සංවිධානය කළ එම විරෝධතා පෙළපාළිවලට පනස්දහසක් පමණ ජනයා සහභාගී වූ බව පොලිසිය පවසයි. අගමැති පුටින්ට එරෙහිව විපක්ෂ කණ්ඩායම්වලින් නැගුණු දැවැන්තම විරෝධතා රැල්ල මෙය යැයි රුසියානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. අගමැති පුටින්, ජනපති දිමිති‍්‍ර මෙඞ්වදේව් ඇතුළු දොළොස් වසරක් පුරා රුසියාව පාලනය කරන එක්සත් රුසියා පක්ෂයේ සිටින්නේ හොරු රැලක් බවත් ඡන්ද ප‍්‍රතිපලය අවලංගු කොට මහ මැතිවරණය යළි පැවැත්විය යුතු බවත් පවසමින් විරෝධතාකරුවෝ හඬ නගන්න වූහ. මීට සතියකට පෙර එනම් ඉකුත් 4 වැනිදා පැවැති රුසියා මහ මැතිවරණයෙන් සියයට 49.5ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගෙන ජයග‍්‍රහණය කළේ ‘එක්සත් රුසියා’ පක්ෂයයි. එහිදී 450ක් වන සමස්ත ආසන ගණනින් ආසන 238ක් ලබා ගෙන ජයග‍්‍රහණය කළත් ඔවුන්ට බහුතර බලය හිමි නොවිණි. එම මැතිවරණය අක‍්‍රමිකතාවලින් පිරුණු එකක් යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද පවසා ඇත. මෑතකාලීන රුසියන් ඉතිහාසයේ ප‍්‍රබලතම ජන උද්ඝෝෂණය ලෙස මෙය වාර්තා වේ. විරෝධතා පෙළපාළි මොස්කව් නුවරින් බැහැර පිහිටි සයිබීරියා සහ යූරල් ප‍්‍රදේශවලද පැවැත්වෙන බව රුසියන් මාධ්‍ය පවසයි. ඡන්ද ප‍්‍රතිපලය අවලංගු කොට මහ මැතිවරණය යළි පැවැත්වීමට රජයට බල කරන්නැයි හිලරි ක්ලින්ටන් ද රුසියානු විපක්ෂ කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ. මේ නිසා රුසියානු වැසියන් උසිගන්වන්නේ ඇමෙරිකාව යැයි අගමැති පුටින් ඇමෙරිකා රජයට දොස් පවරා ඇත. රුසියාවේ පැවැත්වෙන විරෝධතාවලට සහාය දක්වමින් ඇමෙරිකාවේ වාසය කරන රුසියන් ජාතිකයින් ද විදීවලට බැස සිය විරෝධතාවය පළකළහ. රුසියාවේ ජනාධිපතිවරණය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී පුටින්ට අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි. මොස්කව් නුවරට රැස්වූ විරෝධතාකරුවෝ...



අදහස් (0)

අගමැති පුටින්ට එරෙහි විරෝධතා රුසියාව පුරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site