IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කාබුල් අගනුවර නේටෝ කඳවුරට තලේබාන් ප‍්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නේටෝ හමුදා කඳවුරට ඊයේ (2) අලූයම තලේබාන් ප‍්‍රහාරයක් එල්ල වූ අතර එයින් පස් දෙනකු ජීවිතක්ෂයට පත් වී 10 දෙනෙක් තුවාල ලැබූහ.
මියගිය අය අතර සිවිල් වැසියෝ දෙදෙනෙක් ද සිටිති. සෙසු පිරිස කඳවුරේ ආරක්ෂාවට සිටි ඇෆ්ගන් හමුදා සෙබළුන්ය. ප‍්‍රහාරය එල්ල වූයේ අලූයම 4.30 ටය. ප‍්‍රහාරය සඳහා තලේබාන් බෝම්බකරුවෝ සිව් දෙනකු පැමිණ ඇත.
පළමු බෝම්බකරු, පුපුරන ද්‍රව්‍ය ඇටවූ මෝටර් රථයකින් කඳවුරේ ප‍්‍රධාන ගේට්ටු වෙත පැමිණ පුපුරුවා ගෙන ඇති අතර, බෝම්බ කබා පැළඳ සිටි අනෙක් බෝම්බකරුවන් තිදෙනා  එම පිපිරීමත් සමඟ කඳවුර තුළට කඩා වැදීමට තැත් කර තිබේ.
කඳවුරේ ආරක්ෂාවට සිටි ඇෆ්ගන් සෙබළුන් ඔවුන්ට වෙඩි තබා ඇති අතර, බෝම්බ පුපුරුවා ගැනීමට පෙර ඔවුන් තිදෙනා මරා දැමීමට ද හැකි වී ඇත.
ප‍්‍රහාරය සිදුවී පැය කිහිපයක් ගතවෙද්දී එහි වගකීම තලේබාන් සංවිධානය විසින් බාර ගනු ලැබ ඇතැයි ද වාර්තා විය.
එම බෝම්බ ප‍්‍රහාරය සිදුවුණේ ඇමෙරිකා රජය, කටාර් රාජ්‍යයේ දෝහාහි පිහිටුවා ඇති තලේබාන් ‘සාම කාර්යාලය’ සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමට සූදානම් වෙද්දීය.



අදහස් (0)

කාබුල් අගනුවර නේටෝ කඳවුරට තලේබාන් ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1663 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 282 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 96 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 268 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 156 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 135 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site