මෝදිගේ ගුවන් යානය අධිවේගයට ගොඩබාලා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් එරට හමුදාවට අයත් සී 130 ජේ හර්කියුලිස් වර්ගයේ ගුවන් යානය ඇසෑම් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකට ගොඩබෑවේය. 15 February 2026
මියුනිච් ආරක්ෂක සමුළුව ජර්මනියේ වාර්ෂිකව පැවැත්වෙන මියුනිච් ආරක්ෂක සමුළුව පසුගිය 13 වැනිදා මියුනිච් නුවරදී ආරම්භ වුණු අතර, ලෝක නායකයන් සහ නියෝජිතයන් ඇතුළු බොහෝ පිරිසක් ඊට සහභාගී වූහ. 15 February 2026
මෝදිගේ ඒ.අයි. සමුළුව හෙට කෘතිම බුද්ධිය හෙවත් ඒ.අයි. මානව වර්ගයාගේ යහපත උදෙසා භාවිත කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් හෙට (16) නවදිල්ලි අගනුවර කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙයි. 15 February 2026
බංග්ලදේශ මැතිවරණ ජය ජාතික පක්ෂයට බංග්ලාදේශ මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට එරට ජාතික පක්ෂය සහ ඊට හිතවත් සෙසු පක්ෂ සමත්විය. ආසන 299 ක් සඳහා පැවැති මැතිවරණයෙන්, බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ඊට හිතවත් සෙසු පක්ෂ ආසන 211ක් ජයග්‍රහණය කළ බව වාර්තා වේ. 13 February 2026
ඇමෙරිකන් යුද නැව් දෙකක් හැපිලා කැරිබියානු මුහුදේ ඉන්ධන පිරවීමට යෑමේදී ඇමෙරිකන් යුද නැව් දෙකක් එකිනෙකට ගැටී අනතුරක් සිදුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් නාවික සෙබළුන් දෙදෙනකුට තුවාල සිදුවුණු බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් වාර්තා වේ. 13 February 2026
මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනියි: ෂෙයික් හසීනා බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් 2024 සිසු අරගලයෙන් පසු ධුරය හැර දමා ඉනක්දියාවට පලා ගිය එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසයි. 13 February 2026
බංග්ලාදේශයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ සිසු අරගලයෙන්, අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ෂෙයික් හසීනා ධුරයෙන් නෙරපා දැමීමෙන් පසු, බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වනවිටත් සිදුවෙමින් පවතී. 13 February 2026
තුර්කි පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමඟ තුර්කි පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතරේ ගුටිබැට හුවමාරුවක් තෙක් දුරදිග ගියේය. 12 February 2026
සාම පා ගමනට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හරසර ලෝක සාමය වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයෙන් ආරම්භ වුණු ‘සාම පා ගමන’ මේ වනවිට එහි ගමනාන්තය වන වොෂින්ටන් බලා පැමිණ අවසන්ය. පා ගමනට එක්වුණු භික්ෂූන් වහන්සේලා පිරිස උණුසුම් ලෙස පිළි ගැනීමට වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කිරීම ද සුවිශේෂී වෙයි. 12 February 2026
ට්‍රම්ප් කැනඩාවට දැමූ බදු පාර්ලිමේන්තුව ‘රිවස්’ කරයි කැනඩාව අමනාප වන ආකාරයට, කැනඩාට පැනැවූ තීරුබදු ආපසු හැරවීමේ පනත් කෙටුම්පතකට ඇමෛරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. 12 February 2026
ඇමෙරිකා බලශක්ති ලේකම් වෙනිසියුලාවේ ඇමෙරිකන් බලශක්ති ලේකම් (ඇමති) ක්‍රිස් රයිට්, නිල සංචාරයක් සඳහා වෙනිසියුලාවේ කැරැකස් අගනුවරට පැමිණියේය. කැරැකස් අගනුවරදී ක්‍රිස් රයිට් සහ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන ඩෙල්සි රොඩ්රීගස් අතරේ හමුවක් පැවැත්විණි. 12 February 2026
ඉරාන සාකච්ඡා නවත්වන්න එපා: නෙදන්යාහු කොතරම් බාධා ආවත් ඉරානය සමඟ පවත්වන සාකච්ඡා නොනවත්වා දිගටම කරගෙන යන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තමන්ට පැහැදිලි කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසයි. 12 February 2026
සටන් විරාමයකට ගියොත් ජනපතිවරණය පවත්වනවා: යුක්රේන ජනපති යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු සෙසු යුරෝපා රටවල් සහතිකයක් දෙන්නේ නම් සහ රුසියාව සමඟ සටන් විරාමයකට යෑමට හැකියාව ඇති නම් දිනෙන් දින ප්‍රමාද වුණු ජනාධිපතිවරණය පැවැත්විය හැකි යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 12 February 2026
ඇමෙරිකන් ටෙලි නළු ජේම්ස් වැන් ඩර් බීක් සමුගනී 90 දශකයේ යොවුන් හදවත් දිනූ, අතිශය ජනප්‍රිය ‘ඩෝසන්ස් ක්‍රීක්’ ටෙලි කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ දුන් ඇමෙරිකන් නළු ජේම්ස් වැන් ඩර් බීක් දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 48 කි. 12 February 2026
බංග්ලාදේශ මහ මැතිවරණය අද බංග්ලාදේශ පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (12) පැවැත්වෙයි. ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය අරගලය හමුවේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට බලය අහිමි වී, හසීනාගේ වසර 15 ක ධුර කාලය අවසන් වී, අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ මෙම මහ මැතිවරණය පැවැත්වෙයි. 12 February 2026
සෝමාලියා ගුවන් නියමු දස්කමින් 50 ක් බේරෙයි තාක්ෂණික දෝෂයකට ලක්වුණු සෝමාලියා ගුවන් යානයක් කඩා වැටෙන්න නොදී ගොඩබෑමට එහි නියමුවකු සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 11 February 2026
කොන්දේසිවලට එකඟ නොවුණොත් අමාරුවේ තම කොන්දේසිවලට අවනත නොවන්නේ නම්, ඉරානයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 11 February 2026
කොලොම්බියා ජනපති ඝාතන තැත වැරදිලා තමා ඝාතන කිරීමට සන්නද්ධ අපරාධ කල්ලි උත්සාහ ගන්නා බව කොලොම්බියා ජනාධිපති ගුස්ටාෆ් පෙට්රෝ පවසයි. 11 February 2026
කැනඩා පාසලක වෙඩි තැබීමකින් 10 ක් මරුට කැනඩාවට අයත් බ්‍රිටිෂ් කාලොම්බියා පළාතේ, ඊසාන දෙසින් පිහිටි උසස් පාසලක වෙඩි තැබීමක් සිදුවිය. 11 February 2026
සාම පා ගමන වොෂින්ටනයට ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයෙන් ආරම්භ වුණු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ඔවුන්ගේ සුරතල් බලු සරතලා වන ආලෝකගේ පා ගමන කිලෝ මීටර් 3,700 ක දුරක් ගෙවා මාස 4 කට පසු ගමනාන්තය වන වොෂින්ටන් අගනුවරට පැමිණියේය. 11 February 2026
වෙනිසියුලා විපක්ෂ දේශපාලනඥයාට නිදහස වසර ගණනාවක් බන්ධනාගාරගතව සිටි වෙනිසියුලා විපක්ෂ දේශපාලනඥ යුවාන් පාබ්ලෝ ග්වනිපාට නිදහස හිමිවුණු බව ඇගේ පවුලේ සාමාජිකයෝ පවසති. 09 February 2026
හොන්ඩුරාස් නව ජනපති ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩා මන්දිරයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුව, හොන්ඩුරාස් නව ජනාධිපති නස්රි අස්ෆුරා, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ පාම් බීච් පිහිටි ට්‍රම්ප්ගේ මාර් ආ ලාගෝ මන්දිරයට පැමිණියේය. 09 February 2026
ඉරාන ක්‍රියාකාරිනියට වසර 7 ක සිර දඬුවමක් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ නර්ගීස් මොහම්මදීගේ සිරදඬුවම තවත් වසර 7 කින් දීර්ඝ කිරීමට ඉරාන අධිකරණයක් තීන්දු කළ බව මොහම්මදී වෙනුවෙන් පෙනී සිටින ඇගේ නීතීඥවරු පවසති. 09 February 2026
මැලේසියාව බලා ගිය මෝදිට ඉහළ පිළිගැනීමක් නිල සංචාරයක් සඳහා මැලේසියාවට ගොස් සිටීන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහීම් ප්රමුඛ රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. 09 February 2026
තායිලන්ත මැතිවරණයේ ජය අගමැති චාර්න්විරාකුල්ට තායිලන්ත මහ මැතිවරණය ද පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් විය. ඒ අනුව, වත්මන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අනුටින් චාර්න්විරාකුල් සහ ඔහුගේ ‘භූම්ජයිතායි’ පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. 09 February 2026
ජපන් අගමැතිනියට විශිෂ්ට ජයක් ජපානයේ පැවැති වුණු හදිසි මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන සනායේ ටකායිචිට විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි පැවැසෙයි. 08 February 2026
ඉස්ලාමාබාද් පල්ලියකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 69 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 169 ක් බව මාධ්‍ය වාර්තා කළේය 06 February 2026
රුසියාවේ හමුදා ලොක්කාට වෙඩි තබයි යුක්රේන යුද්ධයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව පැවැසෙන රුසියානු හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයකු වන ලුතිනන් ජනරාල් ව්ලැදිමීර් ඇලෙක්සෙව්, මොස්කව් අගනුවරදී වෙඩි ප්‍රහාර කිහිපයකට ලක්ව තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 06 February 2026
කඳුකර සංචාරක ගමනාන්තය නුවරඑළිය ආසියාවේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු කඳුකර සංචාරක ගමනාන්ත අතර දෙවන ස්ථානය නුවරඑළියට හිමිවන බව සංචාරක පහසුකම් සපයන ‘අගෝඩා’ නමැති වෙබ් අඩවියක් පවසයි. 06 February 2026
ඕස්ට්‍රේලියාවේ ගාන්ධි පිළිමය හොරකම් කරලා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි ගාන්ධිතුමන්ගේ පිළිමය කිසියම් පිරිසක් සොරකම් කර ඇතැයි පැවැසෙයි. 06 February 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026