අනිද්දා තෙක් තද වැසි දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑමෙන් අනිද්දා (8) තෙක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ දිවයින වටා මුහුදු ප්‍රදේශයන්හි තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 November 2018
මුදලට පක්ෂ මාරු කළේ නෑ - වඩිවෙල් සුරේෂ් මුදලට පක්ෂ මාරුකළ බවට තමන්ට චෝදනා කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව වැවිලිකර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා අද (6) පැවසීය. 06 November 2018
ඇමෙරිකා තානාපතිනිය විපක්ෂ නායක හමුවෙයි විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද නව තානාපතිනි ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අතර සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද (6) පැවැත්විණි. 06 November 2018
හිටපු අගමැතිට මහා සංඝ රත්නයේ ආශිර්වාද ‘ප්රජාතන්ත්රාවදයට ගරු කරමු’ යනුවෙන් කොළඹ පැවැත්වෙන මහා සඟ සමුළුවට සහභාගී වීමට පෙර මහා සංඝ රත්නය අරලියගහ මන්දිරයට වැඩම කොට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ. 06 November 2018
තරුණ සේවා සභාවේ සභාපති මනුල චමල් පෙරේරා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්යක්ෂ ජනරාල් ලෙස මනුල චමල් පෙරේරා මහතා පත් කර ඇතැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියයි. 06 November 2018
‘ ලංකාවට අවශ්‍යනම් සහය දීමට සූදානම්‘- පොදු රාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකා රජය සහ එරට ජනතාවට අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවකදී සහාය දීමට සූදානම් යැයි පොදු රාජ්‍ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 06 November 2018
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් පත්කරනු ලැබ සිටිති. 06 November 2018
ඊ.පී.ආර්.එල්.එෆ් තීරණය පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු උද්ගත වී ඇති දේශපාලන තත්ත්වය කිසිසේත් රටේ ප්රජාතන්ත්රවාදී යහපැවැත්මට හේතු නොවන බවත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අර්බුදකාරීත්වයක් නිර්මාණය වනු ඇති බවත් ඊළාම් ජනතා විමුක්ති පෙරමුණේ(ඊ.පී.ආර්.එල්.එෆ්) නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 06 November 2018
මනූෂ ඉල්ලා අස්වෙන්න පෙර අරලියගහ මන්දිරයට ගිහින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 06 November 2018
ගාල්ලේ ක්‍රිකට් තරගය අතරතුර විරෝධතා පුවරු ප්‍රදර්ශනයට වාරණයක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන අද(6) සිට 10 වැනි දින දක්වා කාලය ඇතුළත විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතා සිදු කිරිම වළක්වාලමින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (06) වාරණ නියෝගයක් නිකුත් කළේය. 06 November 2018
ශ්‍රී ලංකා නව ඇමෙරිකානු තානාපතිනිය කතානායක හමුවෙයි ශ්‍රී ලංකාවේ නව අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද (06) පෙරවරුවේ කථානායකවරයා හමුවී ඇත. 06 November 2018
‘මල්ටියා‘ ගිනි අවි සමඟ අත්අඩංගුවට මතුගම ප්‍රදේශයේ පසුගිය අගෝස්තු මාසයේ සිදුවූ මිනීමරුමක ප්‍රධාන සැකකරුගේ ප්‍රධාන ගෝලයා වන මල්ටියා නැමැත්තා ගිනි අවි සහ කඩු සමඟ කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අත් අඩංගුවට ගෙන ඇත. 06 November 2018
මනූෂ ඉල්ලා අස්වෙයි මනුෂ නානයක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තාවේ. 06 November 2018
ජනපති කාර්යාලයට ගිය හේතුව රාජිත කියයි ජනාධිපතිගේ ආරාධනාවකට අනුව සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (05) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. 05 November 2018
අධිකරණයේ ස්වාධීනත්වය රකින්නැයි අගතියට පත් පිරිස් රජයෙන් ඉල්ලති කවර කණ්ඩායමක් ආණ්ඩු බලයට පැමිණියත් අපරාධ පරීක්ෂණවලට හා නඩුකරවලට මැදිහත් නොවන්නැයි ඉල්ලා සිටින බව නීතිඥ අචලා සෙනෙවිරත්න මෙනෙවිය පැවසුවාය. 05 November 2018
මහින්දගේ ආණ්ඩුවට එන්න ටීඑන්ඒ බෑ කිව්වා - කරුණා අම්මාන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම ප්‍රතික්ෂේප කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) මහතා අද (5) පැවැසීය. 05 November 2018
ජවිපෙ - ටීඑන්ඒ අතර හමුවක් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද (5) පැවැත්විණි. 05 November 2018
පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ධාවනයට බාධා කිනිගම සහ හීල්ඔය දුම්රිය ස්ථාන දෙක අතර අද (05) පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ. 05 November 2018
චම්පිකට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ දේපළ අවභාවිතා කරන බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතාට එරෙහිව සත්‍ය ‘ගවේෂකයෝ සංවිධානය‘ අද (5) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 05 November 2018
‘අගමැති පුටුවේ ඉන්නේ කවුදැයි තීරණය කිරීමට කතානායකට අයිතියක් නෑ‘ අගමැති පුටුවේ ඉගන්නේ කවුදැයි තීරණය කිරීමට කථානායකවරයාට කිසිදු අයිතියක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය. 05 November 2018
අගමැතිවරුන් දෙදෙනා වෙනුවෙන් අපේ ඡන්දය නෑ - අනුර අගමැතිවරුන් දෙදෙනා වෙනුවෙන් ඡන්දය නොදෙන අතර දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් පාර්ලිමෙන්තුව කැඳවූ පසුව ලැබෙන ඕනෑම අවස්ථාවකදී ඡන්දය භාවිතා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (05) පැවසීය. 05 November 2018
අපිට 113 හරි - ජනපති මෛත්‍රී නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සම්පූර්ණ වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 05 November 2018
ඛනිජ තෙල් සංස්ථා වෙඩි තැබීම ගැන 20 ක ගෙන් ප්‍රකාශ ගනී දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් සංස්ථාවේ මුලස්ථාන පරිශ්‍රයේ ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් සේවකයකු මියගොස් තවත් සේවකයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 20 ට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 05 November 2018
මුහුදු නොයන්නැයි ධීවරයන්ට අවවාද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පැවතීම නිසා බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයන් හි අද (5) රාත්‍රියේ සිට මෙම මස 8 වැනිදා දක්වා ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. 05 November 2018
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇමැතිවරු නෑ නව කැබිනට් මණ්ඩලය පත්කිරීම සමඟ පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට එහි සභා ලේඛන කාර්යාලය කටයුතු කර ඇත. 05 November 2018
රුපියල තවත් පහළට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (5) නැවත වරක් අවප්‍රමාණය විය. 05 November 2018
‘පාර්ලිමේන්තු සැසියේ ගැසට්ටුව අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකියි‘ පාර්ලිමේන්තු සැසිය කල් ජනාධිපතිවරයා දුන් විධානය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය. 05 November 2018
‘කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බව ජී. එල්. කියයි කතානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අමු අමුවේම දෙවතාවක් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී එල් පීරීස් මහතා පැවසීය. 05 November 2018
සුපිරි මඟේ කොට්ටාව පිවිසුමේ වාහන තදබදයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ දැඩි වාහන තදබදයක් ඇති වී ඇති බව පොලිසිය පවසයි. 05 November 2018
තෙවරප්පෙරුමට - හේෂා විතානගේට ඇප එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මහත්වරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. 05 November 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026