කෘෂිකර්ම-ගොවිජන සේවා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ කෘෂි කර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු වලට අනුයුක්තව සේවයේ නියුතු සියලුම කෘෂි නිලධාරින් සහ සේවකයින්ගේ නිවාඩු හෙට (21 ) සිට අවලංගු කිරිමට කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා තීරණය කර තිබේ. 20 January 2019
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනයකට සැරසෙති දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට(21) වැඩ වර්ජනයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 20 January 2019
නයිනමඩමේ රිය අනතුරකින් 6ක් මරුට වෙන්නප්පුව නයිනමඩම පාලම අසළදී අද(20) අලුයම ලොරියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන්ගත් හය දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 20 January 2019
සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මුදල් හා රන්බඩු සොරාගෙන කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු එම පවුලේ පිරිසකට අයත් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා මුදල් හා රන් බඩු ඇල්ල නගරයේ හෝටලයකදී අද අලුයම සොරකම් කරනු ලැබ ඇතැයි ඇල්ල පොලීසිය කියයි. 19 January 2019
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීනයේ සහය ශ්‍රී ලංකාවේ සිදුවන නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කර තිබේ. 19 January 2019
ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මාධ්‍යවේදීන්ගෙන් සමාව අයදියි මාතලේ පළාත් පාලන ආයතනයන්හි පවතින ගැටලු තත්ත්වයන් සොයා බැලීම සඳහා නව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ගේ පැමිණි අවස්ථාවේ එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට රැස්වීම් අවස්ථාව වාර්තා කිරීමට බාධා එල්ල වීම සම්බන්ධයෙන් තමන් මාධ්‍යවේදීන්ගෙන් සමාව අයදින බව නව ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා සඳහන් කළේය. 19 January 2019
ඝාතනයකට සැකපිට හිමිනමක් - තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට තරුණයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට හබරණ උල්පතගම ප්‍රදේශයේ 27 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ඇතුලු තරුණයින් දෙදෙනකු හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 19 January 2019
ව්‍යවස්ථාවක් දැකලාවත් නැති විපක්ෂයේ අය රට බෙදන්න යනවා ව්‍යවස්ථාවක් දැකලාවත් නැති විපක්ෂයේ අය අපි රට බෙදන්න යනවා කියා කෑගහනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(19) ගාල්ල, යක්කලමුල්ලේදී පැවසීය. 19 January 2019
මාධ්‍ය නියෝජිත - නගරාධිපති අන්ත දෙකක මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල වර්තමානයේ පවතින ගැටලු සහ වර්තමාන තත්ත්වය පිළිබඳව නව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සමග පැවැත්වෙන සාකච්ඡා අවස්ථාවට මාධ්‍යවේදීන්ට ඇතුළු නොවන ලෙස දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා දැනුම්දුන්නේය . 19 January 2019
පුපුරන ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 90 ක් රදවා ප්‍රශ්න කරන්න නියෝග වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ දී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා දින 90 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) අවසර ලබා දී තිබේ. 18 January 2019
වසර පහකට පසු සා.පෙළ උත්තරපත්රයක් යළි පිරික්සන්න නියෝග අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2013 විභාගයට කොළඹ විශාකා විදුහලෙන් ඉදිරිපත් වූ ශිෂ්‍යාවකගේ ඉංග්‍රීසි උත්තරපත්රය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත නැවත ස්වාධීන කමිටුවක් මගින් ඇගයීමට ලක් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කීය. 18 January 2019
වසර තුනකින් විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගෙන නෑ අධ්‍යාපන විද්‍යාපීඨවලට වසර තුනකින් සිසුන් බඳවා ගෙන නැතැයි වාර්තාවේ.අධ්‍යාපන විද්‍යාපීඨ වලට වසරකට සිසුන් 3500ක් පමණ ගුරු පුහුණුව සඳහා බඳවා ගන්නා අතර එමගින් වාර්ෂිකව ඇතිවන ගුරු හිඟයට විසඳුම් ලබා දෙන බවද ගුරු සංගම් සඳහන් කරයි. 18 January 2019
සේනා දළඹුවා මඬින්න කෘමීන් මුදා හැරීමේ පර්යේෂණ සේනා දළඹුවා විනාශ කළ හැක්කේ කෘමින් බෝ කර මුදා හැරීම සඳහා පර්යේෂණ සිදු කරන බව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ එස්.එස්. වැලිගමගේ මහතා කීය. 18 January 2019
ජනපති පිලිපීනයේ සහල් පර්යේෂණායතනයේ චාරිකාවක පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පිලිපීනයේ ලොස් බානෝස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය. 18 January 2019
ජනාධිපතිවරණයක් එනවා නම් මමත් සූදානම් ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ නම් ඒ වෙනුවෙන් වැඩ කිරීමට තමාද සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 18 January 2019
සෞදි සුබසාධන මධ්‍යස්ථානවල ලාංකික කාන්තාවෝ 49 ක් රඳවා සිටිති සෞදි අරාබියේ රාජ්‍ය ආයතනයක් වන කාන්තා සුභසාධන මධ්‍යස්ථානයේ රඳවා සිටින විවිධ රටවල කාන්තාවන් 500 දෙනෙකු පමණ පිරිස අතර ශ්‍රී ලාංකික කාන්තාවන් 49 දෙනෙකු ද සිටින බව විදේශ රැකියා අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කළේය. 18 January 2019
සණස බැංකුවේ කෝටි 75 ක් ඉල්ලා තැන්පත්කරුවෝ විදී බසිති ගම්පහ, විගොඩ සණස බැංකුවෙහි තැන්පත් කර ඇති රුපියල් කෝටි 75කට අධික මුදල් ආපසු ලබා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමින් විගොඩ සණස තැන්පත්කරුවෝ අද (18) සවස ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරත වුහ. 18 January 2019
අඟුණකොළපැලැස්ස සිද්ධිය ගැන හොයන්න දෙවැනි පරීක්ෂණ කණ්ඩායම නම් කරයි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි දෙවන පරීක්ෂණ කණ්ඩායම අද (18) නම් කර ඇත. 18 January 2019
බේරුවල සිද්ධියේ තවත් සිව් දෙනෙක් රිමාන්ඩ් රුපියල් මිලියන 277 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අද (18) අධිකරණයට බාරවිය. 18 January 2019
කොළඹ නාගරික මන්ත්‍රීට ඇප දෙමටගොඩ පිහිටි ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ඇතුළු වී කළහකාරී ලෙස හැසිරුණු බවට අත්අඩංගුවට ගත් කොළඹ නාගරික මන්ත්‍රී කේ.ජී කුලතිස්ස මහතා මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) අද නියෝග කළාය. 18 January 2019
පිලිප් කුමරු රිය අනතුරක බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන එඩින්බර්ග්හි ආදිපාද පිලිප් කුමරු මෝටර් රථ අනතුරකට ලක්ව ඇත. 18 January 2019
ජනපති පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීනයේ මැනිලා නුවරදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු විය. 18 January 2019
පොලිස් පරීක්ෂවරු 26ක් සහකාර පොලිස් අධිකාරී ධූරයට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (18) උසස්වීම් නියෝග නිකුත් කර තිබේ. 18 January 2019
ගුවන් හමුදා නිලධාරිනියන් දෙදෙනකුට බ්‍රිතාන්‍ය හමුදා උපාධි බ්‍රිතාන්‍යයේ උතුරු යෝක්ෂයර් ප්‍රාන්තයේ කැටරික් යුද හමුදා පාසලෙන් උපාධියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා බළකායේ නිලධාරිනියන් දෙදෙනෙකු සමත් වී තිබේ. 18 January 2019
පොලිස් සිර මැදිරියේ සිටි පුතාට මත්කුඩු ගෙනැවිත් දුන් පියා අත්අඩංගුවට මැදගම පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවකු වන සිය පුතාට කෑම පාර්සලයක් සමග හෙරෝයින් මත්කුඩු හා දුම්වැටි ගෙනැවිත් දුන් පියා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 18 January 2019
කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක් කොළඹ- කටුනායක අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ රියදුරන් අද (18) වර්ජනයක් අරඹා තිබේ. 18 January 2019
ගසක් කඩා වැටී කොළඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර වෙයි කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇති වී ඇතැයි පොලීසිය පවසයි. 18 January 2019
මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන විපක්ෂ නායක කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කළේය. 18 January 2019
කදිරගාමර්ගේ ඝාතන සැකකරුවකු ජර්මනියේදී අත්අඩංගුවට මෙරට හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනයට සම්බන්ධ යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ජර්මානු බලධාරිහු කියති. වසර 2005 දී හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයට සම්බන්ධ බව කියන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.ජර්මානු බලධාරීන් උපුටා දක්වමින් ඒ.පී. පුවත් සේවය ඒ බව වාර්තා කර තිබිණි. 17 January 2019
වනාතවිල්ලුවෙන් ආයුධ තොගයක් සොයා ගනී වනාතවිල්ලුව මංගලපුර කරඩිපුවල් ප්‍රදේශයේ පොල් වත්තක සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය සැකසීමට යොදා ගන්නා ද්‍රව්‍ය තොගයක් සහ තවත් උපකරණ රැසක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. 17 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026