‘ගල් අරක්කු මිල ඉහළ දැමිය යුතුයි‘ බෝ නොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කිරීමට නම් විශේෂ අරක්කු හෙවත් ගල් අරක්කු බෝතලයක මිල ද ඉහළ දමන ලෙස තමන් යෝජනා කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. 17 March 2019
ළමා ආරක්ෂක අධිකාරිය සකස් කළ නිර්දේශ වසරක් හමස් පෙට්ටියේ පාසල් සිසුන්ට කායික දණ්ඩනය වෙනුවට විනයගත කිරීමට විකල්ප ක්‍රමවේද යෝජනා කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සකස් කළ වාර්තාවේ නිර්දේශ වසරකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක කර නැතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 17 March 2019
වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 2 වැනි දා සිට අනිවාර්යයි ආහාර හා බීම වර්ගවල ඇති ලුණු හා තෙල් ප්‍රමාණය සඳහන් වර්ණ සංකේත ක්‍රමය අප්‍රෙල් 2 වැනි දා සිට අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 17 March 2019
මල්වතු පාර්ශ්වයෙන් කතානායකට ගෞරව සම්මානයක් කතානායක කරූ ජයසූරිය මහතා වෙත විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීමට මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක හිමියන් ඇතුළු කාරක මහා සංඝ සභාව තීරණය කර තිබේ. එම ගෞරව සම්මානය මල්වතු මහා විහාරස්ථ උපෝසථාගාරයේ දී ලබන අඟහරුවාදා (19) පිරිනැමේ. 17 March 2019
පොලිසියේ නිලධාරීන් 26 දෙනෙකුට මාරුවීම් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකුට හා සහකාර පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙකුට ප්‍රධාන පොලිස් පරීක්ෂක තිදෙනෙකුට හා පොලිස් පරීක්ෂක දෙදෙනකුට ස්ථාන මරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාර රුවන් ගුණසේකර මහතා පැවසීය. 17 March 2019
ඇඹිලිපිටිය ප්‍රා. සභාපතිගේ ධුරය අහෝසියි රාජකාරීයේ නියුතුව සිටි පොලිස් නිධාරීන් දෙදෙනකුට පහර දී රාජකාරීයට බාධා කළැයි ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති එම් කේ අමිල් මහතාගේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සභාපති ධුරය සහ සභික ධුරය අහෝසි කිරීමට මැතිවරණ දෙපාර්තමේනතුව තීරණය කර තිබේ. 17 March 2019
ශ්‍රී ලංකාව ලකුණු 225 කට දැවී යයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී අද පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනාම ලකුණු 225 කට දැවී ගියේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. 16 March 2019
ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම තෝරා ගනී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී අද පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. 16 March 2019
බදුල්ලේ පොලොව හෙල්ලුම් කෑවාලු අද (16) පෙරවරු 8.20ට පමණ බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රදේශවලට විශාල ශබ්දයක් සහිත භූ චලනයක් ඇතිවූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ උදය කුමාර මහතා පැවසීය. 16 March 2019
අත් බෝම්බයක් සමඟ 2 ක් අත්අඩංගුවට අංක තහඩු නොමැතිව ගමන් ගත් සැකකටයුතු යතුරු පැදියක් හික්කඩුව කන්දෙගොඩ මාර්ගයේදී අද (15) ජංගම මුර සංචාරයේ යෙදුනු පොලිස් නිලධාරින් පිරිසක් සිදුකල පරික්ෂාවකදී එහි ගමන්ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් සතුව තිබී ජීව අත් බෝම්බයක් සහ සෙල්ලම් තුවක්කුවක් අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි. 15 March 2019
යුද අභ්‍යාසයකට ඕස්ටේ්රලියානු නාවික හමුදා යාත්‍රා 4ක් ලංකාවට යුද අභ්‍යාසයක් සඳහා ඕස්ටේ්රලියානු නාවික හමුදාවට අයත් යාත්‍රා හතරක් සහ හමුදා ගුවන් යානයක් ලබන සතියේදී මෙරටට පැමිණීමට නියමිතය. 15 March 2019
ලොරියක් පෙරලීමෙන් දක්ෂිණ අධිවේගයේ වාහන තද බදයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න ප්‍රදේශයේදී මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 15 March 2019
රත්ගම සිද්ධියේ පස්වන සැකකරු අඟුණකොලපැලැස්සට මාරු කරන්න නියෝග රත්ගම ද්විත්ව ඝාතනයේ පස්වන සැකකාර දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් රෝහණ යන අය මාතර බන්ධනාගාරයේ සිට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (15) නියෝග කළේය. 15 March 2019
කංජිපානී ඉම්රාන්ගේ ගෝලයෙක් වත්තලදී අත්අඩංගුවට ‘ජී බුම්බා’ නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයින් සිව්දෙනෙකු මත් ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ වත්තල හේකිත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 15 March 2019
කඩුවෙල ටීනා පොලිස් දැලේ පොලිස් සැරයන් නිල ඇඳුමින් සැරසී රණාල ජල්තර ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑමට වෑන් රථයකින් යමින් සිටි පාතාල කි‍්‍රයාකාරීයකු වූ ‘කඩුවෙල ටීනා’ ඇතුලූ කණ්ඩායමක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 15 March 2019
අල්ලස් කොමිසම අසතුටෙන් එකම වැටුප් තලයක පිහිටුවා සිටින ආයතන තුනක නිලධාරීන් අතරින් ආයතන දෙකක නිලධාරීන්ට වැටුප් වැඩිකර එක් ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති නිලධාරීන්ගේ පමණක් අයවැයෙන් වැටුප් වැඩි නොකිරීමෙන් තමන්ට අසාධාරණයක් සිදුකර ඇතැයි එම නිලධාරින් කණස්සල්ලට පත්ව ඇති බවට අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිසන් සභා ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබේ. 15 March 2019
කෙන්යා - ශ්‍රී ලංකා සබඳතා සවිමත් කිරිමට නායකයෝ එක්වෙති කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබදතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ එකඟවෙති. 15 March 2019
බැසිල් ඇතුළු සිව්දෙනාගේ දිවිනැඟුම නඩුව කල් යයි දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු මුදලින් රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (15) නියම කළේය. 15 March 2019
මැදමුලන නඩුවේ විත්තිකරුවන් සිව්දෙනකුගෙන් මූලික විරෝධතාවක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නිසි පරිදි චෝදනා ගොනු කර නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් විත්තිකරුවන් සිව්දෙනෙකු විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද (15) මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය. 15 March 2019
පුපුරණ ද්‍රව්‍ය කිලෝ 250 ක් හම්බන්තොටින් අල්ලයි හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250 කට වැඩි ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදි. 15 March 2019
ජනමාධ්‍යවේදීන් 109 දෙනෙකුට ශිෂ්‍යත්ව ‘‘ඇසිදිසි’’ ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී අද (15) සිදුකෙරිණ. 15 March 2019
ක්රයිස්ට්චර්ච්හිදී 49 ක් මරුට : 20 කට බරපතල තුවාල නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක අද සිදුවූ වෙඩි තැබීමෙන් වන්දනාකරුවන් 49ක් මිය ගොස් 20දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි. 15 March 2019
ක්‍රයිස්චර්ච් වෙඩික්කරු ඕස්ට්‍රේලියානුවෙක් නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකදී එහි සිටි බැතිමතුන්ට වෙඩි තැබූ තුවක්කුකරු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඇති දක්ෂිණාංෂික අන්තවාදියකු යැයි ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවැසීය. 15 March 2019
රිය අනතුරකින් 3 ක් මරුට පොල්ගහවෙල මැදලන්ද ප්‍රදේශයේදී සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 15 March 2019
‘සංවේගජනක වීඩියෝව සඟවන්න’යි නවසීලන්ත පොලිසියෙන් ඉල්ලීමක් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකක සිදු වූ මාරාන්තික වෙඩි තැබීමට සම්බන්ධ “ඉතාමත් ඛේදජනක සහ සංවේගජනක” වීඩියෝපටයක් තිබෙන බව එරට පොලිසිය ප්‍රකාශ කරයි. 15 March 2019
ගම්වැසියෝ ගාල්ල - මාතර මාර්ගය වසා විරෝධතාවයක ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය වසා දමමින් ප්‍රදේශවාසීහූ පිරිසක් ටයර් පුළුස්සමින් අද (15) විරෝධතාවයක නිරතවූහ. 15 March 2019
නවසීලන්තයේ වෙඩි තැබීමකින් බංග්ලාදේශ පිල යන්තමින් ගැලවෙයි නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවි ගලවාගෙන ඇත. 15 March 2019
රිය අනතුරකින් ප්‍රා.සභා මන්ත්‍රී මරුට මාදම්පේ කුරුණෑගල මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මිය ගොස් ඇතැයි මාදම්පේ පොලිසිය කියයි. 15 March 2019
එෆ්සීඅයිඩියත් සීඅයිඩී ප්‍රධානියාටම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතට පැවරීමට පොලිස් කොමිෂන් සභාව අද (14) තීරණය කළ බව එහි ආරංචි මාර්ග කියයි. 14 March 2019
දකුණු ආණ්ඩුකාරයාත් වැසිකිළි හදන වැඩට බසී ගාලු කොටුපවුර තුළ පොදු වැසිකිළියක් ඉදිකිරීම සඳහා මාස අටකට පමණ ඉහතදී තීන්දුකොට ඇතත් මේ දක්වා එම වැසිකිළිය ඉදිකිරීමට නොහැකිවී ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා අද (14) ආණ්ඩුකාර කාර්යාලයේ පැවති රැස්වීමකදී පැවසීය. 14 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026