සෞඛ්‍ය සේවකයා රජ්‍ය සේවකයකුට එහා ගිය නිලධාරියෙක් කරනවා සෞඛ්‍ය සේවකයා රජයේ සේවකයකුට එහා ගිය නිලධාරියෙක් බවට පත් කිරීම බලාපොරොත්තුව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවැසීය. 11 August 2025
රජය සතු ඉඩම්වල දත්ත පද්ධතියක් හදයි රජය සතු ඉඩම් වල පවතින ව්‍යාකූලතා කඩිනමින් නිරවුල් කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 11 August 2025
මාරුවීම් සදහා හොද ක්‍රමවේදයක් ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසුවාය 11 August 2025
වරාය අධිකාරියට කෝටි 5ක පාඩුවක් ගැන පැමිණිල්ලක් රුපියල් මිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5 කට අධික මුදලක් වැය කර ඉදිරිකළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු සහ පිවිසුම් මාර්ග පද්ධතිය පෞද්ගලික පර්යන්තවලට වාසිවන පරිදි වෙනස්කිරීමෙන් රාජ්‍ය මුදල් රුපියල් කෝටි 5 කට අධික මුදලක් නාස්තිවන්නේ යැයි වරාය වෘත්තීය නායකයෙක් වන ශ්‍යාමල් සුමනරත්න මහතා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට අද (11) පැමිණිල්ලක් කළේය. 11 August 2025
රටේ කැබිනටුව සාමූහික වගකීම ඉටු නොකරන බව ඔප්පු වුණා සුප්රීන් සැට් රොකටුව සම්බන්ධයෙන් අගමැති හරිනි සහ ඇමති වසන්ත පාර්ලිමේන්තුවේ දී දුන් පරස්පර උත්තර වලින් පෙනෙන්නේ රටේ කැබිනට් මණ්ඩලය සාමූහික වගකීම ඉටු නොකරන බව යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍ය හමුවකදී පැවසුවාය. 11 August 2025
සහස්පුර වෙඩි තැබූවන්ට අධිකරණය දුන් නියෝගය බොරැල්ල සහස්පුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අත් අඩංගුවට ගත් පළමු සැකකරු ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ආධාර අනුබල දුන්නේ යැයි කියන තවත් සැකකරුවන් තිදෙනෙකු පැය 24 ක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය. 11 August 2025
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට විශ්වාසභංගය භාරදීම හෙටට කල්යයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට හෙට භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසීය. 11 August 2025
රටේ අපරාධ රැල්ලක් නෑ ඇතමුන් පෙන්නුම් කිරීමට උත්සාහ කරන ආකාරයේ අපරාධ රැල්ලක් රටේ නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය. 11 August 2025
නව පක්ෂ හදන්න මැකෝට දුන් අයදුම්පත් හතළිහක් කුණු කූඩෙට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු අයදුම්පත් 77 කට අසන්න ප්‍රමාණයකින් 40 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 11 August 2025
කුරුඳුගහ පිවිසුමේ ලොරියක් ගිනි ගනී දකුණු අධිවේගි මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිටවීමේ දී ලොරි රථයක් පෙරළී ගිනි ගැනීමෙන් එහි ගමන් ගත් තිදෙනකු පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 11 August 2025
ලේවැල්ලේ ගුවන් යානා නාශක ජීව උණ්ඩ වත්තේගම, ලේවැල්ලේගම ප්‍රදේශයේ නිවෙසකට යන මාර්ගයේ තැපැල් පෙට්ටිය අසල තිබී ගුවන් යානා නාශක ජීව උණ්ඩ 2 ක්, මූනිස්සමක්, ටී 56 සරඹ උණ්ඩ 2 ක් සහ ටී 56 ටූල් කිට් එකක් ඊයේ (10) සොයාගත් බව වත්තේගම පොලිසිය පවසයි. 11 August 2025
දියේ ගිලී විදෙස්කත මරුට මොරගල්ල මුහුදේ දියනාමින් සිටි තායිලන්ත ජාතික කාන්තාවක දියේ ගිලී මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය සදහන් කරයි . 11 August 2025
වැඩි මිලට වාහන අලෙවි වන රටවල් අතරින් ලංකාව තෙවන තැනට ලෝක බැංකු දත්ත වාර්තාවලට අනුව ලෝකයේ වාහනයක් මිලදී ගැනීම සඳහා මිල අධිකම වෙළෙඳපොළවල් තිබෙන රටවල් අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව ඇඩ්වොකාටා ආයතනය සිය මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 11 August 2025
වසර 32කට පසු ජාතික තරුණ සමුළුවක් වසර 32කට පසු ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 11 August 2025
ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ගත් ඇමැති දූ පුතුන්ට රතු නිවේදන දුප්පත් ජනතාවට සෞඛ්‍යාධාර ලබාදීම වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් බව කියන මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් එම මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා රතු නිවේදන ළඟදීම යැවීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 11 August 2025
බොරැල්ලේ වෙඩි තැබීමට තිදෙනෙක් මාට්ටු බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේදී පුද්ගලයන් පස්දෙනාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 11 August 2025
තැනින් තැනට සිහින් වැස්සක් බස්නාහිර, වයඹ, සහ සබරගමුව පළාත්වලත නුවරඑලිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රිකකවලත සිහින වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි. 11 August 2025
ලොව සංචාරක රූ රැජින ආදිත්‍යා දිවයිනට පිලිපීනයේ පැවති ’’ මිස් ටුවරිසම් යුනිවර්ස් - 2025 ’’ ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත , එහිදී ’’ ජාත්‍යන්තර සංචාරක රූ රැජින ( Queen of the International Tourism ) ලෙස කිරුළ දිනා ගත්තාය 11 August 2025
‘ඩේලි මිරර්’ - ‘ඩේලි එෆ්ටී’ ජනප්‍රියතම සම්මාන ලබයි ‘ලන්ඩන් ව්‍යාපාරික උපදේශන ආයතනය’ සංවිධානය කළ ලෝක ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ඉංග්‍රීසි පුවත්පත ලෙස ‘ඩේලි මිරර්’ පුවත්පතට ද, ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරික පුවත්පත ලෙස ‘ඩේලි එෆ්ටී’ පුවත්පතට ද, සම්මාන හිමිවිය. 10 August 2025
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ‘ලංකාදීප’ ‘ලන්ඩන් ව්‍යාපාරික උපදේශන ආයතනය’ සංවිධානය කළ ලෝක ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස ‘ලංකාදීප’ පුවත්පතට සම්මාන හිමිවිය. 10 August 2025
වීසා ගාස්තු නිදහස් කිරීම නිවැරදි තීරණයක් තවත් රටවල් 40 ක සංචාරකයන් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට රජය ගත් මෑත කාලීන තීරණය නිවැරදි තීරණයක් බවත් සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට ඇති ආර්ථික අවස්ථා සම්පූර්ණයෙන්ම විවෘත කර ගැනීම සඳහා වීසා ලබාදීමේ ක්‍රියාවලිය පුළුල් ලෙස ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඇඩ්වොකාටා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේය. 10 August 2025
සා.පෙළට, උ.පෙළට දින නියම කරයි 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය. 10 August 2025
ගාසාවේ දරුවන් 100 කුසගින්නේ මැරිලා කුසට ආහාරයක් නොමැතිවීම හේතුවෙන් ගාසා තීරයේ තවත් 5 දෙනකු මියගොස් ඇතැයි අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේය. 10 August 2025
ගාල්ල ධීවර වරායේ ගින්නක් ගාල්ල ධිවර වරායේ ගාල්කොට තිබු පැරණි භාවිතයට නොගත් බෝට්ටු කිහිපයක අද (10) පෙරවරුවේ ඇති වු ගින්නක් හේතුවෙන් බෝට්ටු හතරක් දැවි විනාශවි ගොස් ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි. 10 August 2025
එස් අයි වෙඩි වැදී මිය ගිහින් වීරගුල පොලිස්ථානය තුළදී උප පොලිස් පරීක්ෂකවරයකුට වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි. 10 August 2025
බඹරු ඇන 5ක් රෝහලේ අනුරාධපුර,එච්.බි.සේමසිංහ මාවතේ පිහිටි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් පස් දෙනෙකු එම කාර්යාල භුමියේදි බඹර ප්‍රහාරයකට ලක්ව ඊයේ (09 රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි. 10 August 2025
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය හෙට බාරදෙයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට හෙට බාරදීමට නියමිත බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 10 August 2025
ශිෂ්‍යත්වය අහවර කොට- මල් පිපිලා පොඩි හිත් වල 2025 පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්විණි. 10 August 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026