පාස්කු ප්‍රහාරය ගැන පොලිස් නිලධාරීන් 9 කට එරෙහිව පියවර ගන්නැයි නීතිපති දැනුම් දෙයි ‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් නවදෙනෙකුට එරෙහිව අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත. 20 June 2019
තල්දෙන බන්ධනාගාරයෙන් සිරකරුවෝ දෙදෙනෙක් පලායති බදුල්ල තල්දෙන බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරේ දඩුවම් විදිමින් සිටි සිරකරුවන් දෙදෙනෙකු අද (20) එම බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 20 June 2019
හෙරොයින් ජාවාරමට සෙබළා දිවි ඇති තෙක් හිරේට - දෙදෙනෙක්ට මරණ දඬුවම හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ ආබාධිත යුද හමුදා සෙබළකු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණ තුනකින් ජිවීතාන්තය දක්වා වු සිරදඬුවමක් සහ මරණ දඬුවම නියම කෙරිණි. 20 June 2019
ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් පුනරුදය කිරීමේ පනත සම්මත වෙයි ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ (ඉවත් කිරීමේ) පනත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 22 කින් අද (20) සම්මත විය. 20 June 2019
දුම්රිය වැඩවර්ජනය කල් තියාම දුම්රිය වැඩවර්ජනයක් අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කරන බව කීවද පස්වරුවේ සිටම සිදු වූ දුම්රිය ප්‍රමාදයන් හා ධාවනය නොකිරීම් හේතුවෙන් මගීහූ දැඩි පීඩාවට පත්වූහ. 20 June 2019
පුත්තලම ප්‍රාසභා මන්ත්‍රීට ඇප පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක රාජකාරිවල යෙදී සිටි සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුත්තලම ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා හඳුනාගැනීම සඳහා අද (20) පැවැති පෙරෙට්ටුවේ දී හඳුනා ගනු ලැබූ අතර ඒ අනුව සැකකරු ඇප මත මුදා හැරුණි. 20 June 2019
ඉඩම් ප්‍රතිපත්තියක් ඉක්මණින් සම්පාදනය විය යුතුයි ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු බවත් ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 20 June 2019
මඩකලපු සරසවිය වෙනුවෙන් අරාබි ණයක් ලංකා බැංකුවට ලැබී නැහැ මඩකලපුව ෂරියා විශ්ව විද්‍යාලය සතු කොල්ලූපිටිය ශාඛාවේ පවත්වා ගෙන යන ගිණුමට සෞදි අරාබියෙන් කිසිදු ණය මුදලක් බැර වී නැතැයි ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පේ‍්‍රෂණ අංශයේ කළමනාකරු ජනක් ප්‍රසංග මහතා අද (20) රජයේ ආයතන වල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශයක් දෙමින් දැනුම් දී ඇත. 20 June 2019
පොලිස් අණ නොතැකීයැයි ත්‍රිරෝද රියට වෙඩි පොලිස් අණ නොතකා ධාවනය කළ බව කියන ත්‍රිරෝද රථයකට අද සවස ගම්පහදී වෙඩි තබූ බව පොලිසිය කියයි. 20 June 2019
සෙවණගල එපා - ලැබිය යුතු වන්දිය දෙන්න තමා රුපියල් මිලියන 2800ක් ආයෝජනය කරමින් දියුණු කළ සෙවණගල සීනි කර්මාන්ත ශාලාව 2011 වසරේදී රජයට පවරා ගත්තේ කැලෑ නීතියෙන් යැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සුභසාධන ඇමති දයා ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 June 2019
ලංකාව හා ඉන්දියාව ත්‍රස්ත තර්ජනවලට ලක්විය හැකි බව කියයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉදිරියේ දී අයි.එස් ත්‍රස්ත සංවිධානයේ තර්ජනයට ලක්විය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි එන්.ඩී.ටී.වී ප්රවෘත්ති සේවය අද (20) වාර්තා කළේය. 20 June 2019
අද මැදියම් රෑ සිට දුම්රිය වර්ජනයක් දුම්රිය රියදුරන්, නියාමකවරුන් සහ පාලකවරුන් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නියැළෙන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 20 June 2019
පරිසර අධිකාරියේ සභාපති පුටුව ඉසුරට මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පත්කරනු ලැබ ඇත. 20 June 2019
රහස් පොලිසියේ පෙනී සිටින්නැයි රවීට-බිරියට නියෝග බැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබාදීම සම්බන්ධයෙන් ජූලි මස 7 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්වේ මූල්‍ය විමර්ශන ඒකක දෙක හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඇමැති කරුණානායක මහතාට සහ ඔහුගේ බිරිය මෙලරින් හිරන්ති කරුණානායක මහත්මියට අද (20) නියෝග කළාය. 20 June 2019
පවුල් සෞඛ්‍ය සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක් දේශපාලනඥයින් තවදුරටත් සෞඛ්‍ය නිලධාරිනියට චෝදනා කරන්නේ නම් ලබන සඳුදා සිට දිවයිනේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය අද(20) හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී පැවසුවාය. 20 June 2019
බැඳුම්කර සිද්ධියට නඩු පවරන කාලය නීතිපති දැනුම් දෙයි බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මහ බංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු 10 දෙනකුට එරෙහිව ජූලි පළමු වැනි දා සිට 14 දක්වා අතර කාලසීමාව තුළදී විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය. 20 June 2019
උතුරු ආණ්ඩුකාරවරයාගේ ඇරයුම ආවා කල්ලිය ප්‍රතික්ෂේප කරයි තම අනන්‍යතාවය හෙළිකර ගැනීමේ හැකියාවක් නොමැති හෙයින් ඇරයුම පිළිගනිමින් සාකච්ඡාවකට පැමිණිය නොහැකි බවට ආවා කල්ලිය උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාගවන් මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. 20 June 2019
හෝර්ටන්තැන්නේ ශාක ගැලවූ තිදෙනෙකුට ලක්ෂ 4ක දඩයක් හෝර්ටන් තැන්නේ ජාතික වනඋද්‍යානයට අයත් පේර කලාපය තුළදී දේශීය ශාක සහ ලයිකන වර්ග ගණනාවක් ද අනවසරයෙන් ගැලවූ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු ඇතුළු තිදෙනෙකුට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද(20) රුපියල් හාරලක්ෂ විසිදහසක දඩ මුදලක් නියම කළේය. 20 June 2019
පැලවත්ත-සෙවණගල කම්හල් පනතින් ඉවත් කරන්නැයි කියයි රජයට පවරාගෙන ඇති ආයතන කිහිපයක් භාණ්ඩාගාර ලේකම්වරයා යටතට පවරාගැනීම සඳහා ගෙන ආ ඌන ක්‍රියාකාරී ව්‍යවසාය හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ (ඉවත් කිරීමේ) පනතින් පැලවත්ත සහ සෙවණගල කර්මාන්තශාලාවල නම් ඉවත් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 June 2019
සැකකාරියකට පහරදුන් බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනාට ඇප වැලිකඩ කාන්තා සිර අංශයේ රඳවා සිටි සැකකාරියෙකුට පහරදුන්නැයි කියන සිද්ධියකට අදාළ බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනෙකුට, එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 20 June 2019
‘හදිසි නීතිය දීර්ඝ කරන්නේ අවසන් වතාවටයි’ හදිසි නීතිය දීර්ඝ කිරීම මේ අවස්ථාවේ සිදුවන්නේ අවසන් වතාවට යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 20 June 2019
රෝහලේ නැවතී සිටි දරුවකුගේ අතබැඳි පවුම් තුනක අත් පළඳනාව ගලවාගෙන අක්කරපත්තුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවකුගේ අත බැඳි පවුම් තුනක් වටිනා අත් පළඳනාවක් සොරාගත් සිද්ධියක් සම්බන්ධව සැකපිට කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයකු පෙරේදා (18) අත්අඩංගුවට ගත් බව අක්කරපත්තුව පොලිසිය පවසයි. 20 June 2019
මන්ද පෝෂණ දරුවාගේ පියා සහනාධාර එපා කියලා තිස්සමහාරාමයේ බඩගින්නෙන් මියගිය දරුවාගේ පවුලට රජයෙන් ලබා දිය යුතු හැම ආධාරයක්ම ලබා දීමට නිලධාරීන් ක්‍රියා කර ඇතත්, දරුවාගේ පියා ඒවා ප්‍රතික්ෂේප කර ඇති බව සිදු කරන ලද පරීක්ෂණයෙන් හෙළි වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පැවසීය. 20 June 2019
ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති රවීගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි රත්ගම, රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් පුළුස්සා ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව දකුණු පළාත බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19) පැය 7කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මූලස්ථානය කියයි. 20 June 2019
ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථාවේ හිටපු සභාපතිට නඩු ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එස්.කේ.මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට එරෙහිව අද (20) අල්ලස් කොමිසම කොළඹ විශේෂ මහාධිකරණ අංක 1හි නඩු පවරනු ලැබීය. 20 June 2019
ලක්ෂ 20 ක ගංජා ගෙන ගිය අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ ග්‍රෑම් 68 ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (20) තණමල්විල කහකුරුල්ලන්පැලැස්ස දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 June 2019
පාර්ලිමේන්තු පාර තාවකාලිකව වසා දැමේ උක් ගොවීන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අසළින් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය අද(20) තාවකාලිකව වසා දමා ඇත. 20 June 2019
රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක් සියලුම රජයේ සේවකයින්ට ජූලි මස 01 වැනිදින සිට මසකට රුපියල් 2500 ක අන්තර් දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 19 June 2019
ආණ්ඩුවට සහය දක්වන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 5 කට ආසන සංවිධායක ධූර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට ආසන සංවිධායක ධූර ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (19) තීරණය කර තිබේ. 19 June 2019
ඉංජිනේරු ශිෂ්‍යාවකගෙන් මෘදුකාංගයක් පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන චතුරංගී එදුසූරිය නැමැති ශිෂ්‍යාව සමත්ව තිබේ. 19 June 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026