වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් අත්පත් කර ගැනීමේ උත්සාහයක් කතරගම කඳසුරිදුගම ප්‍රදේශය ආසන්නයේ පිහිටි වන ජිවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් යාල වනෝද්‍යානය මායිම්ව ඇති රක්ෂිත ඉඩමක් අනවසරයෙන් අල්ලා ගැනීමට කිසියම් පිරිසක් උත්සහකරන බව ප්‍රදේශවාසීහු පැවසූහ. 16 April 2020
පාස්කු දා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකෙරෙන විශේෂ වැඩසටහන අවලංගු කරයි ඉකුත් වසරේ අප්‍රේල් 21, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූ පිරිස් සිහි කරමින් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ වැඩසටහන කොරෝනා වසංගතය හේතුවෙන් අවලංගු කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (16) ප්‍රකාශ කළහ. 16 April 2020
ඉන්දියාවේ ප්‍රධාන නගර 6 ක් රතු කලාප ලෙස නම් කරයි ඉන්දියාවේ ප්‍රධාන නගර 6 ක් කොරෝනා වෛරසය ආසාදන වීමේ දැඩි අවදානමක් සහිත රතු කලාප ලෙස නම් කිරීමට එරට රජය පියවර ගෙන ඇත. 16 April 2020
කෝපි කඩේ අප්පු මිය යයි ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ ටෙලි කතාංගනයේ අප්පුගේ චරිතය රඟපෑ තිස්ස ශ්‍රී ලාල් අබේකෝන් මහතා 66 අද (16) සවස මීරිගම මූලික රෝහලේ දී අභාවප්‍රාප්ත විය . 16 April 2020
කටුපොත රෝහලේ බාහිර රෝගී අංශය වසා දමයි කටුපොත ප්‍රාදේශීය රෝහලේ හදිසියේ රෝගියකු මියයාම හේතුවෙන් එම රෝහලේ බාහිර රෝගී අංශය අද (16) දහවල් තාවකාලිකව වසා දමා ඇත. 16 April 2020
වතු සේවකයින්ට 5,000 කඩිනමින් දෙන්නැයි ඉල්ලයි දැඩි පීඩාවට පත්ව සිටින රාජ්‍ය සහ පෞද්ගලික වැවිලි සමාගම් මගින් පාලනය වන වතුවල දෛනික වැටුප් ලබන සේවකයින්ගෙන් යැපෙන පවුල්වලටද සහනයක් වශයෙන් දැනට අනිකුත් ජන කොටස්වලට ලබාදෙන රු.5,000/- මූල්‍ය ආධාරය ඉතා ඉක්මනින් ලබාදෙන ලෙස ලංකා වැවිලි සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටී. 16 April 2020
ඉන්දියාව කොරෝනා නිසා අසරණ වූවන්ට උපකාර කිරීමේදි ඡායාරූප ගැනීම තහනම් කරයි කොරෝනා වයිරසය ව්‍යාප්තිය හමුවේ මනුෂ්‍යත්වයට නොගැළපෙන ක්‍රියාවන්ට වැට බැඳෙන තීන්දුවක් ගැනීමට ඉන්දියාවේ රාජාස්ථාන ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වන කල්රාජ් මිශ්රා තීරණය කර තිබේ. 16 April 2020
කොරෝනා පාලනයට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ගැන රනිල්ගේ ප්‍රසාදය නව කොරෝනා වයිරසයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 16 April 2020
ග්‍රාම නිලධාරිවරු ග්‍රාම කම්ටුවලින් ඉවත්වෙති ගැටලු කීපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරිවරුන් කොරෝනා මර්දනය සඳහා සහ ආධාර බෙදාදීම වෙනුවෙන් පිහිටුවා තිබෙන ග්‍රාම කම්ටුවලින් හෙට (17) සිට ඉවත්වීමට තීරණය කර ඇතයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද (16) පැවසීය. 16 April 2020
ඩිල්ෂාන් කරන්දෙනියේ පවුල් 1000 කට වියළි ආහාර මලු බෙදයි ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා ඇඳිරි නීතිය දැමීම හේතුවෙන් අවතැන්ව සිටින කරන්දෙණියේ අඩු ආදායම්ලාභී පවුල් 1000 කට අද (16 ) වියළි ආහාර පාර්සල් ලබාදුන්නේය. 16 April 2020
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් කොවිඩ් 19 වයිරසයට එරෙහිව සටන් වදින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් ප්රදානය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් විය. 16 April 2020
කිරි කළයට ගොම මුසුකරන්නෝ බක් පුර පසළොස්වක පොහොය දිනයේ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබිය දී එදින සවස සිට රාත්‍රිය දක්වා මහියංගනය පොලිසියේ නිලධාරීන් පිරිසක් සොරබොර වැව් තාවුල්ලේ මත්පැන් සාදයක් පවත්වා ගී ගයා විනෝදවීම සම්බන්ධයෙන් ගම්වාසීන්ගෙන් ලද පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ආරම්භ කළ බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 16 April 2020
රටේ තිබූ බේකරි 7000 න් 6000 ක් වැහිලාලු කොරෝනා වයිරසය පැතිර යෑමත් සමඟ ඇති වූ තත්වය හේතුවෙන් රටපුරා පිහිටි බේකරි 7000 කින් 6000 ක් පමණ වැසී ඇති බවත් ඉන් සේවකයින් ලක්ෂයකගේ පමණ රැකියා අහිමිවී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 16 April 2020
ගෙවතු වගාවට අවශ්‍ය පොහොර බීජ හිඟයක් කෘෂි කාර්මාන්තයේ යෙදෙන්නන් සහ සෞභාග්‍යයා ගෙවතු වගා දශ ලක්ෂයේ වැඩසටහන සමගාමීව ගෙවතු වගා කරන්නන් ඊට අවශ්‍ය බීජ ,පොහොර ,කෘෂි රසායනික ද්‍රව්‍ය මිල දී ගැනීමට අවස්ථාවක් නොවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වී ඇත. 16 April 2020
රාගම රෝහල් ආපනශාලාවෙහි ඖෂධ අලෙවි කිරීමක් හසුකර ගනී රාගම ජාතික රෝහලේ ආපනශාලාවෙහි ඖෂධ අලෙවි කරනු ලබන බවට ලද තොරතුරකට අනුව ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය කළ පරීක්ෂාවකදී ගැබිණියන්ට ලබාදෙන ඖෂධ වර්ගයක් තිබී අත් අඩංගුවට ගෙන ඇත. 16 April 2020
රිෂාඩ්ගෙන් පැය 4 ක ප්‍රකාශ සටහන් කරගනී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැය 4 ට ආසන්න කාලයක් පුරා ප්‍රකාශයක් ලබා දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනක් පිටව ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 16 April 2020
කිවුල ආසාදිත කාන්තාව ඇසුරු කළ 17 ක් වෛද්‍ය පරීක්ෂණයට හලාවතට ආණමඩුව කිවුල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කල 17 දෙනෙකු වෛද්‍ය පරික්ෂණ සදහා හලාවත මහ රෝහලට 16 දින යොමු කල බව ආණමඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් චන්දන අබේරත්න මහතා පවසයි. 16 April 2020
පාරිභෝගිකයන් 100කගෙන් මුදල් අයකර භාණ්ඩ නොයැවූ ආයතනයක් වටලයි අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කළ පාරිභෝගිකයින් 100දෙනෙකුගෙන් මුදල් අයකර ඇතත් ඇණවුම් කළ භාණ්ඩ ඔවුන් වෙත ලබානොදුන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ බෙදා හරින ආයතනයක් කඩුවෙල ප්‍රදේශයෙන් අල්ලා ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පස්වරුවේ සමත්විය. 16 April 2020
දකුණු කොරියාවේ මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට විශිෂ්ට ජයක් දකුණු කොරියාවේ මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන ජනාධිපති මූන් ජයින් මහතාගේ පක්ෂයට තීරණාත්මක ජයක් හිමිවී තිබේ. 16 April 2020
රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් උපදේශන සේවා වැඩසටහනක් පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ සිය සේවාලාභීන් වෙත තොරතුරු සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇතැයි එහි කොමසාරි ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා පවසයි. 16 April 2020
ලොක්ඩවුන් ගම්මාන නිරීක්ෂණයට යුද හමුදාවෙන් ඩ්‍රෝන කැමරාවක් කොරෝනා වයිරසය පැතීරිම වැළැක්වීම වෙනුවෙන් හුදකලා කර ඇති ප්‍රදේශ වල කි‍්‍රයාකාරකම් නිරීක්ෂණය කිරීමේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යුද හමුදාව වෙත ඩ්‍රෝන කැමරාවක් සහ උපකරණ කට්ටලයක් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ආරක්ෂික මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්දු සිල්වා ප්රදානය කළ බව යුද හමුදාව පවසයි. 16 April 2020
කිලිනොච්චියට ඇතුළුවන සියලුම වාහන හා පුද්ගලයින් විෂබීජහරණයට කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඒ-9 ප්‍රධාන මාර්ගයෙන් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට ඇතුලුවන සියලුම පුද්ගලයින් හා වාහන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් කිලිනොච්චියේ සෞඛ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධානයක් විසින් පියවර ගෙන ඇත. 16 April 2020
නාගලගම්වීදිය හුදකලා කරයි කොළඹ ග්රෑන්ඞ්පාස් ප්‍රදේශයේ නාගලගම්වීදිය ප්‍රදේශයේ පවුල් 52ක පමණ ජීවත්වන ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කිරීමට පියවර ගෙන ඇතැයි කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණී මහතා ‘‘ලංකාදීපයට’’ පැවසීය. 16 April 2020
පාම්ඔයිල් ආනයනික බද්ද රුපියල් 100කින් ඉහළට පාම් ඔයිල් ආනයනික බද්ද රජය මගින් රුපියල් 100කින් ඉහළ නංවා ඇතැයි පාම්ඔයිල් ආනයනකරුවෝ පවසති. 16 April 2020
කෙසෙල්වත්ත පොලිසියේ 20 ක් නිරෝධායනයට ජා ඇලින් හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයකු ඇදිරීනීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ කෙසෙල්වත්ත පොලිසියේ 20 දෙනකු නිරෝධායනය සදහා අත්තිඩිය යෝජිත පොලිස් විශ්ව විද්‍යාලය වෙත යොමුකළ බව පොලිසිය කියයි. 16 April 2020
අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා පුත්තලම අල්කාසිම් නිවාස යෝජනා ක්‍රමයෙන් නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් සමග අංගොඩ බෝවන රෝගායතනයට යැවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි. 16 April 2020
දුරබැහැරින් එළවළු-පලතුරු ප්‍රවාහනයට දුම්රිය යොදාගනී දුරබැහැර ප්‍රදේශවල සිට අනෙකුත් ප්‍රදේශ වෙත එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය ලබාදීමට මගී කළමනාරකණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. 16 April 2020
ගමනාගමන කොමිසමෙන්-ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් කෝවිඩ් අරමුදලට මිලියන 20ක් ජනාධිපති විසින් ආරම්භ කර තිබෙන කොරෝනා අරමුදලට රුපියල් මිලියන 10 බැගින් මිලියන 20ක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතින ජාතික ගමනාගමන කොමිසම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අද(16) තීරණය කර තිබේ. 16 April 2020
රිෂාඩ් ප්‍රකාශයක් දෙන්න සීඅයිඩීයට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා ප්‍රකාශයක් ලබා දීම සදහා අද (16) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සෙනාරත්න මහතා පැවසීය. 16 April 2020
නිරෝධායනයට ලක්වු කත බාරගැනීම ඥාතීහු ප්‍රතික්ෂේප කරති නිරෝධායනයට ලක් වූ 74 හැවිරිදි කාන්තාව බාර ගැනීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කරද්දී , ඉතා දිළිඳු පවුලක් ඇයව බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ බව වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් පී පෙරේරා මහතා පැවසීය. 16 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026