19 වැනි සංශෝධනයේ පටු අරමුණු
මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස තෝරාගෙන යන්තම් මාස 4 ක ඇවෑමෙන් එළැඹි 2015 අප්‍රේල් මස 28 වන දින, 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 215 දෙනෙකුගේ ඡන්දයෙන් සම්මත කර ගැනිණ. එම අවස්ථාවේ, එක් අයෙක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර, තවත් අයෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ඡන්දය විමසන අවස්ථාවේ හත් දෙනෙක් සභා ගර්භයේ නොසිටියහ.