වයස අවුරුදු 100 පසුකළ ජපාන පුරවැසියන් සංඛ්‍යාව 80,000 ඉක්මවයි ජපානයේ වෙසෙන වයස අවුරුදු සියය පසුකළ පුද්ගලයින් සංඛ්‍යාව ප්‍රථම වරට 80,000 ඉක්මවා ඇතැයි එරට රජයේ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. 15 September 2020
රත්නපුර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය අවිස්සාවේල්ලට ගෙනයාමට විරෝධය රත්නපුර නියොජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය අවිස්සාවේල්ල නගරයට ගෙන යෑමට විරෝධය පළකරමින් කම්කරු ජනතාව, පළාත් පාලන නියෝජිතවරු ඇතුළු පිරිසක් එම කාර්යාලය ඉදිරිපිටදි අද (15) උද්ඝෝෂණයක නිරතවුහ. 15 September 2020
ඉන්දියාවේ කොරෝනා මරණ 80,000 පනී ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන අද (15) 80,000 ඉක්මවා ගියේය. 15 September 2020
මනම්පිටියේ වැලිගොඩ දමන්නෝ උද්ඝෝෂණයක මනම්පිටිය වැලි සමාගමේ දූෂණ අක්රමිකතාවලට එරෙහිව මනම්පිටිය පාලම අසළ මහවැලි ගඟේ වැලි ගොඩ දමන කම්කරුවෝ අද(15) පොළොන්නරුව කදුරුවෙල නගරයේදී උද්ඝෝෂණයෙක නිරත වූහ. 15 September 2020
මාතලේ පානීය ජලය සියයට 78ක් අපිරිසිදුයි මාතලේ දිස්ත්‍රිකයේ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේනුතුව මගින් ලබාදෙනු ලබන ජල සැපයුම් වලින් 78% ක පමණ පානීය ජලය අපිරිසිදු තත්වයේ පවතින බව සෞඛ්‍ය අංශ වාර්තාකර ඇතැයි මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී අනාවරණය විය. 15 September 2020
‘එජාපයට යළි පණදෙන්න රුවන්ට පුළුවන්’ රටේ දේශපාලන ඉතිහාසයේ දැවැන්ත ම රුක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට නැවත පණදීමට ජවසම්පන්න තරුණ නායකයෙකු වන රුවන් විජයවර්ධන මහතා ඉදිරිපත්වීම පිළිබඳ මහා සංඝරත්නය සතුටට පත්වන බව ගංගාරම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ අද(15) පැවසූහ. 15 September 2020
යතුරු පැදි - ත්‍රිරෝද රථ වම් මංතීරුවෙන් යන්න කොළඹ නගරයට ඇතුළු වන යතුරු පැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියැදුරන්ට හෙට සිට මාර්ගයේ වම් පස තීරුව හෝ බස් ප්‍රමුඛතා මංතීරුව භාවිත කරන්න ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි. 15 September 2020
ගස්ලබු-තක්කාලි මුවාවෙන් ලක්ෂ 60 ක ගංජා වගා තුනක් වටලයි ගස්ලබු සහ තක්කාලි වගා කරන මුවාවෙන් කොස්ලන්ද, නැවුආර රක්ෂිතයේ වගා කර තිබූ රුපියල් ලක්ෂ 60ක් වටිනා ගංජා වගාවන් තුනක් වටලා අද (15) විනාශ කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි. 15 September 2020
සිවාජිලිංගම් යාපනයේදී පොලිස් බාරයට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමැත්තාගේ 33 වන ගුණ සැමරීමෙහි යෙදුණු උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්. කේ. සිවාජිලිංගම් මහතා අද (15) කෝපායි පොලීසිය සිය බාරයට ගෙන ඇත. 15 September 2020
මුදලට සූදු කෙළි ලග්ගල ප්‍රා.සබේ සභාපති ඇතුළු 8 ක් අල්ලති මුදලට සූදු ක්‍රීඩාවේ යෙදුණු ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 8 දෙනෙකු සැකපිට ලග්ගල පොලිසිය විසින් අද (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 September 2020
රැඳවියකුගෙන් අල්ලස් ගත් නියාමකවරියගේ වැඩ තහනම් රස පරීක්ෂක වාර්තාවක් වෙනස් කර දෙන බවට රැඳවියෙකුගෙන් රුපියල් ලක්ෂ 9ක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරයේ නියාමකවරියගේ සේවය අත්හිටුවා ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 15 September 2020
මස්කිරීමට කිඹුලකු මැරූ සිවිල් ආරක්ෂක භටයෝ 7 ක් අල්ලති මස් කිරීමට කිඹුලෙකු මරා ගෝමරන්කඩවල නීල පනික්කම් කුලම වැව් ඉස්මත්තේ කැළෑවක සැඟවූ සිවිල් ආරක්ෂක භටයෝ 7 ක් ගෝමරන්කඩවල පොලිසිය හා වනජිවී අඩවි කාර්යාල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 September 2020
තේ ජාවාරම්කාර වසලයන් ඉහළම දඬුවම් දී රටින් පන්නමු තේ කුඩුවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කරන උඩුනුවර වෙළම්බඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් වටලා තේ කුඩු, කසළ තේ සමග විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය කිලෝ 75ක්, සීනි පැණි බෝතල් 138ක් සහ හඳුනා නොගත් අමුද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්වීමේ පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 15 September 2020
ප්‍රේමලාල්ට මැතිසබා කමිටු රැස්වීම්වලටත් අවසර මරණ දඬුවම නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්නොවන දිනවල පැවැත්වෙන එහි කමිටු රැස්වීම්වලට ද සහභාගිවීමට අවසර ලැබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. 15 September 2020
හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගේ දුරකතනය-ලැප්ටොප් පොලිස් බාරයට හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක, නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ පෞද්ගලික ජංගම දුරකථනය පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය භාරයට ගන්නා ලෙස එම කොමිසමේ සභාපතිවරයා ඊයේ (14) නියෝග කළේය. 15 September 2020
නවක මන්ත්‍රීවරු 65 ක් කොළඹින් නිල නිවාස ඉල්ලති පාර්ලිමේන්තුවට තේරීපත්වුණු නවක මන්ත්‍රීවරුන් 65 දෙනකු කොළඹින් නිල නිවාස ඉල්ලා අයැදුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. 15 September 2020
දශක හයකට පසු ආසියාවේ ආර්ථිකය පහළට දශක හයකට පසු ආසියාවේ ආර්ථික, හැකිළීමකට ලක්වනු ඇතැයි ද මිලියන ගණනක් දරිද්‍රතාවට ගොදුරු වනු ඇතැයි ද ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි. 15 September 2020
පොඩි ලැසීගේ කුඩු ජාවාරමට සිම් කාඩ් 55 ක් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින “පොඩි ලැසී” ගේ හෙරොයින් ජාවාරම ඩුබායි රාජ්‍යයේ සිටින උදාර සම්පත් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා විසින් සිම්කාඩ්පත් 55ක් යොදාගනිමින් මෙහෙයවනු ලැබ ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (14) කරුණු වාර්තා කරමින් පැවසීය. 15 September 2020
කෝටියකට අධික කහ-කේරල ගංජා සමඟ සිව් දෙනෙක් අල්ලති නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි ගණනාවක් වටිනා කහ සහ කේරල ගංජා තොගයක් ලොරි රථයකින් සහ ට්රැක්ටරයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු මන්නාරම උයිලන්කුලම, පුදකුඩ්රිප්පු ප්‍රදේශයේ දී අද (15) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 15 September 2020
බස් රථ දෙකක් ගැටී ඇගළුම් සේවිකාවෝ 10 ක් රෝහලේ ලංගම බස් රථයක් සහ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඇගළුම් කර්මාන්තශාලා සේවිකාවන් 10 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කළ බව නොර්වුඩ් පොලිසිය පවසයි. 15 September 2020
ලක්ෂ 30 ක කේරල ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට පල්ලවෙල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය කියයි. 14 September 2020
අංගොඩ ලොක්කා කෝටි 15 ක ඉඩම් අල්ලාගෙන ඉන්දියාවේ දී මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේ සැඟවී සිටි කාලයේ දී රුපියල් කෝටි 15 ක වටිනාකම කමක් ඇති ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය පැවසීය. 14 September 2020
කොරෝනා ආසාදිතයින් 28 ක් මෙරටදී අද (14) දිනයේ කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 14 September 2020
බණ්ඩාරගම ප්‍රා.සභාපතිගේ අත්සන - නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගෙන බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ,ව්‍යාජ නිල මුද්‍රාවක් ද භාවිතා කරමින් ඉඩම් කට්ටි සැලසුම් අනුමත කර මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අද (14) පැමිණිල්ලක් ලැබී ඇතැයි පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. 14 September 2020
මෝටර් රථ අලංකරණයට අදාල තහනම් කොටස් පිළිබඳ ගැසට් නිවේදනය ලබන සතියේ මෝටර් රථ අලංකරණයට අදාල තහනම් කොටස් පිළිබඳ ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරන බව වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවසීය. 14 September 2020
ත්‍රීරෝද රථයක් තුළ මළ සිරුරක් පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් තුළ මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් අද (14) සවස හමුවූ බව මහරගම පොලිසිය කියයි. 14 September 2020
‘සීනි කූරා’ රඳවා ප්‍රශ්න කරන්න අවසර හෙරොයින් පැකට් 100 ක් සමග හාලිඇල පොලිසිය විසින් බදුල්ල නගර පුවරුව අසළදී අත්අඩංගුවට ගත් ’සීනිකූරා’ නමැති සැකකරු දින 7 ක් බදුල්ල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (14) නියම කළේය. 14 September 2020
එජාප නියෝජ්‍ය නායක රුවන් එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පත්වී තිබේ. 14 September 2020
සේවක කප්පාදු කිරීම් ගැන වාර්තාවක් ඉල්ලයි කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වැඩ බිම් හා සේවා ස්ථානයන්හි හිතුමතේ සේවක කප්පාදු කර ඇති බවට ලැබී ඇති පැමිණිලි ගැන සතියක් ඇතුළත වාර්තාවක් සපයන්නැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතාට නියෝග කර ඇත. 14 September 2020
වනාතවිල්ලුවේ වැනසූ භූමිය යළි තිබූ ලෙස ම සකසන්න ඇමැතිගෙන් උපදෙස් ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනසා දැමු වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් භූමිය නැවත තිබූ ලෙස හරිත වනාන්තරයක් කිරීමට උපදෙස් දුන් බව වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බී.රත්නායක මහතා අද(14) පැවසීය. මාසයක් තුළ එම කටයුතු ආරම්භ කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය. 14 September 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026