වරාය නගර කොමිසම් සභා පනතට එරෙහි පෙත්සම් සළකා බැලීම හෙට
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට (19) සලකා බැලීමට නියමිතය.