ගෑස්මිල ගැන තවම තීරණයක් නෑ
ගෑස් මිල ඉහළ නැංවිය යුතු බවට ගෑස් සමාගම් මගින් ඉල්ලීමක් කර ඇති බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් අවසන් තීන්දුවක් නොගත් බවත් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, රමේෂ් පතිරණ මහතා පැවසීය.